(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ඇතිවී තිබු ගැටළුවට විසඳුම් ලැබීම නිසා අද (18) සිට යළි හෘද සැත්කම් කිරිම ආරම්භ කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා පැවසීය.
හෘදශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රියවී ඇති මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ගැටළුවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ඉකුත් සදුදා හා අගහරුවාදා යන දිනවල හෘද සැත්කම් කිරිමෙන් ඉවත්ව සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අක්‍රීය වී ඇති මධ්‍යම වායු සමිකරණ පද්ධතිය වෙනුවට නව වායු සමීකරණ පද්ධතියක් සවි කිරිම සඳහා ටෙන්ඩර් කර සමාගමකට ලබා දී ඇත.
මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සවි කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අදාළ සමාගමට දන්වා ඇත. එම ලිපියේ පිටපතක් නාමල් ගමගේ වෛද්‍යතුමාට ද ලැබී ඇත.
මෙකී ගැටළුවට විසඳුමක් ලැබීම නිසා යළි හෘද සැත්කම් ආරම්භ කිරිමට තිරණය කළ බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන විදිහට නව වායු සමීකරණ පද්ධතිය තවම සවි කරලත් නෑ. ඒක ප්රදානය කරලා තියෙන්නේ. එතකොට මේ වෛද්‍යවරයා සැත්කම් නවත්වනකොට තිබ්බ තත්ත්වයමයි තාමත් තියෙන්නේ. ඒ වුණාට ලියුම ලැබුනාම ආයි පටන් ගන්නවාලු. මේ කරන්නේ හැංගි මුත්තම් සෙල්ලම්ද?
පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන් සහ අනුන්ගේ දේශපාලන උවමනාව සඳහා වැඩ වර්ජන කරමින්, දුප්පත් රෝගීන් අපහසුතාවලට පත්කරන රජයේ වෛද්‍ය සංගමයට වඩා, මරණය සහ ජීවිතය අතර සටන්කරන දුප්පත් අසරණ රෝගීන් වෙනුවෙන් මෙතුමා ගත් මෙම උත්සාහය ඉතා අගය කලයුතුයි. මේත ඉතිහාසයේ මම දැකපු ගරුකලයුතු උතුම් ලාංකික පුරවැසියක් මෙතුමා. ඔබතුමාට නිරෝගී දිගු ආයුෂය ලැබේවා.
අර බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාව පලවා හැරීමේ මෙහෙයුම සාර්ථක උනාද?කොහොමත් ලෙඩෙකුගේ ජීවිතය වගේද, වායු සමීකරණය?
අපි අහලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අය ඇතුළු ඒ යටතේ තියෙන ආයතනවල ඉන්න ලොක්කෝ වංචා කප්පිත්තන් කියලයි. ඒ වගේම කියන්න ඕනේ වෛද්‍ය ලොක්කොත් ඖෂධ සමාගම් මගින් නොමිලේ පිට රට සවාරි යන, අල්ලසට යටවුණු, අයගෙන් සමන්විත බව. ඒ පිරිස අතරේ මෙතුමා සැබෑවටම රෝගීන් ගැන හිතලා මේ දැඩි පියවර ගත්තා වෙන්න පුළුවන්.
මෙතුමා නිසා ජීවත් වෙන දුප්පත් රෝගීන් පිරිස බොහෝමය මුදල් පසු පස නොයා උපරිමයෙන් පොරොත්තු ලේඛනයේ ඉන්න රෝගීන් සුවපත් කරනවා මමත් එක් අයෙක් පමණි
මෙතුමා බොහොම ගුණවත් අයෙක් ඒ වගේම බොරෝ සෝබන නැති අයෙක් මගේ මල්ලිගේ හර්ද සැත්කම කලෙත් මෙතුමා තමයි.මෙතුමා ගැන ලියනවා නම් පිටු ගණන් ලියන්න පුළුවන්. අපේ මල්ලි කියන්නේ මෙතුමා දෙවි කෙනෙක් කියල. ඔබ තුමා නිදුක් නිරෝගී වේවා.
මම අහල තියෙන විදිහට, මෙතුමා ඉතා නිහතමානි දක්ෂ , මුදල් පස්සෙ නොයන ඉතා හොද කෙනෙක්....
බයිපාස් සැත්කම කළාට පස්සේ රෝගියා දවස් තුනක්වත් ඇතුල් කළ යුතුවන්නේ විෂබීජ වලින් තොර පිරිසිදු වායු සමීකරණය කළ දැඩි සත්කාර එ්කකයකටයි. කැස්ස, කිවිසුම්යාම වේදනාකාරී සහ හානිකරයි. දාඩිය දාන්න වුනත් හොඳ නැහැ. තුවාලවලට හොඳ නැහැ. උණක් හැදුනොත් හරිම භයානක කරදරයක්. මමත් ඔය සැත්කමක් ගිය මාසේ කර ගත්ත අයෙක්...