(චින්ග්රායිහිදීය (ඒ.එෆ්.පී)
සති දෙකකට ආසන්න කාලයක් තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටියදී මුදාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු අද (18) පස්වරුවේ රෝහලෙන් පිටත්ව යන බව තායි බලධාරීහු ප්‍රකාශ කළහ.
ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කරන ලද දිනයට දිනක් කලින් රෝහලෙන් පිටත්ව යෑමට නියමිත අතර ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට ද නියමිතව තිබිණි.
මාධ්‍ය හමුවක් වුවද එය සුපුරුදු ආකාරයේ මාධ්‍ය හමුවක් නොවන බවත් කෙටි ප්‍රශ්නෝත්තර වටයක් පවත්වන බවත් තායි බලධාරීහු අද 18) පෙරවරුවේ සඳහන් කළහ.
එම හමුවෙන් පසු ඔවුන් ඔවුනොවුන්ගේ නිවෙස්වලට යන බව ද තායි බලධාරීහු කීහ. මෙම කෙටි මාධ්‍ය හමුව පවත්වන්නේද දරුවන්ගේ පහසුව උදෙසා යැයි ද එම ප්‍රශ්නෝත්තර පමණක් සහිත කෙටි මාධ්‍ය හමුවෙන් පසු දරුවන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගත කිරීමට අවස්ථාව උදා කරලීම අරමුණ යැයි ද තායි බලධාරීහු ප්‍රකාශ කළහ.
(055)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවඩ නෑ. බෙර නෑ. නැට්ටුවෝ නෑ. මහා සංඝරත්නය නෑ. තොරණ් නෑ. පූජා නෑ. කටපුච්චානමට කයිය ගහන, බලහත් කාරයෙන් "වොයිස් කට් දීලා" ලකුණු දාගන්න දඟලන මැතිඇමැතිවරු ඇතුළු දේශපාලනඥයෝ නෑ. වැඩේ කරදුන්නු සුදුසු පරිද්දෙන්ම අද මුළු රටේම වීරවරයින්ව ඉන්නා කට්ටිය විතරයි. ඔන්න අපේ අයටත් ඉගෙන ගන්නවා නම් වටිනා දේවල්...
ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තයේ රජ පවුලේ අය ඇතුළු හැම පිරිමියෙක්ම අනිවාර්යයෙන්ම ටික කලක් පැවිදි වී බණ භාවනා පුරුදු කළ යුතුයි. භය සහ ආතතිය නැති කර ගැනීම සඳහා ගුහාව තුලදී භාවනාවේ නිරත වූ බව තායිලන්ත මාධ්‍ය වාර්තා කළා. මහා සංඝ රත්නය ගුහා දොරටුවෙත් ළමයින් රෝහලට ඇතුලත් කළ පසුවත් රෝහලට වැඩම කොට පිරිත් දේශනා කළ හැටි රුපවාහිනියේ දැක්කා. ඇමෙරිකාවේද බටහිර රටවලද දැන් ආතතිය නැති කර ගැනීම සඳහා බෞද්ධ භාවනාව මිලිටරි, පොලිස්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලත් පාසල්වලත් භාවනාව භාවිතා කරනවා.