(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කලුතර මාර්ගයේ සංචාරක මහෙස්ත්‍රාත් අධීකරණය ඉදිරිපිටදී දකුණු පලාතේ ප්‍රබල දේශපාලනඥයකුට අයත් සුඛෝපභෝගී මෝටර් රියක් හා යතුරු පැදියක් එකිනෙක ගැටී මොරටු විශ්ව විද්‍යාලයේ විද්‍යාගාර සහායකවරයකු බරපතල තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළු කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
බණ්ඩාරගම සිට කලුතර දෙසට ධාවනය වෙමින් තිබු මෙම මෝටර් රිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුර සිදු අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙකු පළා යාමට කළ උත්සාහයේදී ප්‍රදේශවාසින් ඔවුන් අල්ලා පොලීසියට බාර දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සුළු දේවල්.. බයිසිකල්කරුට වැරැද්ද පටවලා නිදහස්වෙයි බලන්නකෝ බොරුනම්.. අපි දැක්කනේ විස්කි බෝතලෙන් වතුර බොනවා.
චම්පිකගේ නෑයෝ වෙන්න ඇති...
දේශපාලනඥයාගේ නම නොදැම්මත්, දැනටමත් ඔහු කවුද කියා දැනගෙන නැද්ද... ඒ ප්‍රදේශයේ වාසින්ට නම ලියන්න තහනම්ද?
පලායාමට උත්සාහ කළා නම් අහන්න දෙයක් නැහැ. ඒ අය වැරැදිකාරයෝ වෙන්න ඇති. දැන් දේශපාලකයා හොට දාවි... මෙතැන නිලධාරින්ට රාජකාරිය කරන්න ඉඩනොදී...
ටොයෝටා, ඇක්වා, සුඛෝපබෝගිද?
මෙවැනි අවස්ථාවකදී ජනතාව නීතිය අතට ගෙන නිසි දඬුවම දිය යුතුය. බොරුව ක්‍රියාත්මක කොට පැන ගිය විදිය මතකනේ.................