( සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරියට ගෙදර යන්න සිදු වුණේ ඇමැතිවරුන් සිව් දෙනකුට එරෙහිව එපා කියද්දීත් විමර්ශන ආරම්භ කළ නිසා බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී (ජවිපෙ) විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
හේරත් මහතා මේ බව පැවසුයේ අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
විජිත හේරත් මහතා මෙසේද පැවසීය.
ඇයට මෙම පරීක්ෂණ නවත්වන්න කියලා ඉහළින්ම බලපෑම් ආවා. නමුත් බලපෑම්වලට යටත් වුණේ නැහැ.ඒ නිසා ඇයට ගෙදර යන්න වුණා. අද රටේ අල්ලස් ගැන ලොකුවට කතා කළාට ක්‍රියා මාර්ග ගන්නේ නැහැ.අමාත්‍යංශවලට ගොඩනැඟිලි ගන්න කෝටි ගණන් .නමුත් අල්ලස් කොමිසමට තවම ස්ථිර ගොඩනැගිල්ලක් නෑ.දුෂණ විරෝධි අධිකරණ තුන තවම පිහිටුවලා නෑ.ප්‍රමාදයක් තියෙනවා.ඒ අධිකරණ තුන ඉක්මනින් පිහිටුවන්න කියලා මම ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස රටේ හැම තැනම පැතිරිලා. හෝඩියේ පන්තියට ළමයි ඉගෙනීමේ පටන් සුසාන භූමියේ තැනක් වෙන්කර ගන්නකන් ඇමැති පස්සේ යන්න ඕනේ. රටේ 99% ක් ඉන්නේ ඔය තත්වේ. ඒකෙන් 225ක් පාර්ලිමන්ට් ගියාම ඒ අය ඔක්කොම හොරු. ඕක තමයි මේකේ තත්වය...
ඉතින් තුමෝ ඔය ඇමතිවරුන්ගේ නම් ටිකත් කියලම දැම්ම නම් හරිනේ. හැමදාම අරය කළා, මෙයා කළා කියනවා. හැබැයි ඡන්දෙන් මේ සේරම ආයෙත් රට කන්න එනවා (හේතුව අපේ රටේ මිනිසුන්ට කොන්දක් නෑ හොරුවන්ව සමාජයට පෙන්වල දෙන්න)
ජේවීපී නැත්නම් අද රටක් නැහැ. ඔබ 6 දෙනාටම ස්තුතියි..!!!
අනේ එර්දි තුමෝ. ඔවුන්ට කොන්දක් නැතිවා නොවේ. රටේ මිනිසුන්ගේ නිහීනකම මිස. එක වතාවක් හෝ රතුමල්ලිලාව බලයට පත්නොකිරීමේ කරුමක්කාර කමට සියලුම රටවැසියන් වගකීම බාර ගතයුතුයි. කවුද දන්නේ මේ අය රට හරියට ගෙනයයිද, නැත්නම් මෙපමණ අවුරුදු ගාණක් රට කාබාසිනියා කරපු හොරුන්ගේ ගානටම යයිද කියලා. අපේ රටේ මිනිස්සු කරුමක්කාර කං කරගහන්න ඉපදිලා ඉන්න ජාතියක්...
ඇයි මේ ඇමැතිවරුන් සිව් දෙනාගේ නම් කියන්න බැරි? දේශපාලනය අවංකව කරනවා නම්, මෙවැනි දෙයක් කීමට බයවන්නේ නැහැ.
1. ජවිපෙ කිසි දෙයක් නොදන්නා අය වගේ පෙනේ. අල්ලස් කොමිසමේ හිටපු තැනැත්තිය ගෝඨාභයගේ ඇවන්ගාඩ් නඩුව දැමූ දිනට පසුදා, ජනපති කියූ දේ බලන්න. "හමුදාවේ අයව උසාවියට දක්කාගෙන යාමට මම ඉඩ නොදෙමි." පසුදා රාජිත කියූදේ බලන්න. " මැය හිටපු ජනපතිගේ ඩුබායි ගිණුම පරීක්ෂාවට ජනපතිගෙන් ලිඛිත අවසරගෙන ", "එය හිටපු ජනපති දැනගෙන, කෝල් කරලා සිරිසේනට " "සිරිසේන ෆුල් අප්සෙට්.... "අනුර කුමාරට මොකද වුනේ?
දැන්ඉතින් අලුත්ම තර්කය වෙන්නේ රට පාලනය කරන අයගේ හොරකම, වංචාව මැද රටේ ජනතාව ලෙස හඳුන්වන සත්ව කොට්ඨාශය ජීවත් වෙන්න පුරුදුවෙන්න ඕනෑ කියන මසුරන් කියමන... ඔන්න බලන්න වැඩිකල් නොගොහින් ඔය යක්කු ඕක ටීවී එකෙන් පත්තරෙන් කියන්නේ නැද්ද කියලා...
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ නම් කියන එක සුළු දෙයක්... නඩු දාන්නවත් බැරි නිසා නමුත් දැන් කට්ටියම නම අහන්නේ මොකටද? මෙයාලට විරුද්ධව උසාවි යන්නද? නැත්නම් ඊළඟ පාරත් ඔබේ ඉහළම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත් කරලා එවන්නද? එ් කොහොම වුණත් හොරුන්ට වඩා භායානකයි, හොරු රකින නායකයින් දැන් ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. අත දික්කරලා හඳ පෙන්නුවාම, හඳ ගැන නොවෙයි කතා කරන්නේ අත ගැනයි. අපේ උගත් බුද්ධිමත් ඡන්ද දායකයන් ඉන්නතුරු ලංකාවට අබ සරණයි.
රවීන්ද්‍ර - අල්ලස් ගන්නෙත් දෙන්නෙත් අපිමය. පක්ෂ පාට මොනවා වෙතත් අපි ඔක්කොම (99%) හොරුයි. මුළු ජනගහනය හොරු බැවින් 225න් හොර නැති අය සොයා ගැනීම අපහසු කටයුත්තකි. අපිම මුල් වී මේ සෙල්ලම නැවැත්තුවේ නැත්නම් රට තවත් පහළට යනු ඇත. දේශපාලකයින්ට බැන වැදීම නවතා අපි හැදෙමුද?
දැන්ද ඒ බව දැනගත්තේ? ඒ දවස් වල මේ ටික නොකිව්වේ ඇයි? එදාට පස්සේ අදද පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත උනේ?
ජවිපෙ ගැන අපිට ඉස්සර විශ්වාසයක් තිබුණා. හොරකමට, නාස්තියට විරුද්ධව රට දියුණු කිරීමේ සැබෑ වුවමනාවක් තිබුණා කියලා. ඒ වගේම සමහර තැන්වල ඔවුන් එය භාවිතයෙන් පෙන්නුවා. ඔවුන්ගේ දේශපාලකයින් හැසිරීම වුණත් අනෙත් පක්ෂවලට වඩා වැදගත්කමක් තිබුණා.. මිනිස්සු ඔවුන්ගැන පැහැදීමක් තිබුණා... විශේෂයෙන් අලුත් පරපුර. ඔවුන්ට ඡන්දය දුන්නේ නැති වුනාට ඔවුන් කියන වෙන කෙනෙකුට ඡන්දය දෙන ජන චින්නනයක් සමාජය තුල හැදුණා. කොටින්ම ඔවුන්ට ආණ්ඩු පෙරලීමේ හෝ හැදීමේ හැකියාවක් තිබුණා. ඔවුන්ගේ අදහස් සමාජය තුළ වැදගත් කියල පිළිගත්තා. නමුත්, ඔවුන්ගේ නව නායකයා, ගත්ත තීරණ රටට ගැලපුනේ නැ. ඔවුන්ගේ මෑතකාලීන භාවිතය ඔවුන් ගැන මිනිසුන්ගේ තිබුණු විශ්වාසය නැතිවුණා. මිනිස්සු දැක්ක රට වෙනුවෙන් කතාකරනවට වඩා දේශපාලනය සහ තමන්ගේ වාසියට කතා කරන යුගයක්. මහින්දව පරද්දන්න ඔවින් ක්‍රියාකළා. එ්කේ වරදක් නැ.. නමුත් දැන් තියෙන ආණ්ඩුව පරණ ආණ්ඩුවට වඩා නරක විදියට දේපල විකුණනවා.. රට නැති කරනවා.. නමුත් ඔවුන්ගේ මැදිහත්වීම අඩුයි. අනුර කුමාර කියන්නේ ප්‍රබල නායකයෙක් නෙමේ. සමහර වෙලාවට හිතෙනවා "කූඹියෝ " ටෙලිනාට්‍යයෙන් කියන්නේ ජවිපෙට වෙච්ච ඇත්ත කතාවද කියලා..
ශ්‍රීලාංකික පොදු ජනතාවට ඉතිරිව ඇත්තේ තෝරාගැනීමට මාවත් දෙකක් පමණය. එනම් ම්ලේච්ජත්වය තෙක් පසුපසට හෝ යහපත් මිනිසුන්ගෙන් යුත් ජනතාවාදී රජයක් පත්කර ගෙන පෙරට යාම පමණය. මෙතුවක් කාලයක් දේශපාලන චෞරයන් ඉතිරි කළ සන්තාපය, කළකිරිම, භ්රාන්තිය බිඳ වැටීම හේතුවෙන් ජීවිතය විඳවන,නොදන්නා ගමනක යෙදෙන, උප්පැන්න සහතිකයෙන් සහතික කළ දේශපාලන පක්ෂවලින් නිර්වින්දනය වූ අපට තෝරා ගැනීමට ඇත්තේ පළමුවන මාවත පමණි. නිදහස ලැබීමෙන් පසු විවෘත ප්‍රශ්නයක් ලෙස ශ්‍රී ලාංකිකයාගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නය ඉදිරිපත් ව තිබුනත් පිළිතුරු නොදන්නා දේශපාලන කණ්ඩායම් දෙකක් නැවත නැවතත් රජ කරවීමේ දේශපාලන අහංකාරයෙන් අපි පෙළෙමින් සිටියෙමු. සමාජය වෙලාගෙන පවතින අධිපතිවාදී සන්නිවේදන ජාලයන් ජවිපෙ දේශපාලන පෞරුෂය මුළුමනින් ම සඟවා තබන්නට දරණ තැතට එරෙහිව සැබෑ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකි බහුතරයක් දෙනා ජවිපෙ පිළිබඳ උස්පිලේ හිඳ කරන සත්‍යයෙන් ඔබ්බට ගිය ඕපාදුප සංවාදවල යෙදෙති. ලියති. අප නිරුවත්ව මුහුණ පා සිටින්නේ තේරුම් ගැනීමට ගැඹුරු දේශපාලන බුද්ධියක් අවශ්‍ය නොවූ කරුණකට මුත් එයට යටත්වීමේ කැමැත්තෙන් පෙලෙන මිනිසුන් කණ්ඩායමක් සමඟය.