(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි ඉරාකයේ බග්දාද් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකුට අයත් රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනාකමකින් යුත් විදෙස් මුදල් සහ හැඳුනුම්පතක් ඇතුළු ලියකියවිලි ඇතුලත් මුදල් පසුම්බිය මහනුවර නගරයේ වීදියක වැටී තිබියදී අහුලා ගත් තරුණයින් හය දෙනෙකු එම කථිකාචාර්යවරයා සොයා එම මුදල් පසුම්බිය අද (23) වැනිදා බාර දුන්හ.
ඊයේ 22 වනදා සවස මහනුවර නගරයේදී මෙම මුදල් පසුම්බිය මෙම තරුණ පිරිසට හමු වී ඇති අතර එය ඔවුන් වැඩිහිටියන් දැනුවත් කර මෙම මුදල් පසුම්බියේ තිබූ හැඳුනුම්පත උපයෝගී කර ගෙන මහනුවර කුඩුගල පිහිටි අයිචි ලයින් ආයතනයේ අස්මි මහතා ඇතුළු පිරිස ඉරාක තානාපති කාර්යාලය අමතා අදාල මහාචාර්යවරයා හඳුනා ගෙන ඔහු මහනුවර කුඩුගල පිහිටි අයිචි ලයින් ආයතනයට කැඳවා මෙම මුදල මහාචාර්යවරයා වෙත භාර දෙනු ලැබීය.
මෙම මුදල් පසුම්බිය සොයාගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහමඩ් රසීම්, ආකිල්, නිෂාද්, ෂෆ්නි, ෂාකිර්, සහ සිහ්රාන් යන තරුණයින් හය දෙනායි.
ඉරාකයේ බග්දාද් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන මොහම්මද් අන්වර් මහමූද් මහතා ප්‍රකාශ කළේ තමන් මෙම සිදු වීමෙන් ශ්‍රී ලංකාවේ තරුණ පිරිසේ අවංකත්වය දුටු බවත් මෙම තරුණ පිරිසේ මෙම අවංක ක්‍රියාව ගැන තමන් ආඩම්බර බවත් ඔවුන්ට ස්තුති වන්ත වන බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සැමටම ආඩම්බර විය හැකි අපේ තරුණ පරපුර.
මෙය ඉතා ප්‍රශංසනීය මෙන්ම උතුම් ආදර්ශමත් ක්‍රියාවක්.
මටනම් ...මේ සිද්ධිය ගැන සැකයි...
කුඹියෝ නාට්‍යයේ ජෙහාන් වාගේ කෙනෙක්ගේ වැඩක් වගේ මට දැනෙනවා.
හොඳ වැඩක්...
මේ මුස්ලිම් තරුණයින් තම කොරානය අකුරටම පිළිපැද තිබෙන බව ඔවුන්ගේම කෙනෙකුට පෙන්වූවා.
මෙන්න නියම තරුණයෝ. හදවතින් තරුණයි, ගතින් තරුණයි, සැබෑ බෝසත් දරුවන් කණ්ඩායමක්!
මේ උතුම් ආදර්ශමත් ක්‍රියාවටත් "ඩිස්ලයික්" දාලා. අනේ මෙහෙමත් කුහක මිනුස්සු. මෙයාලට මේ වගේ මුදලක් හම්බ වුනොත් ඉතින් සොරි ඩොට් කොම් තමයි.
ලෝකය ඉදිරියේ අපේ කඳු රටටම ගෞරවයක්.
නියම වැඩක්.
අපි ඔබලාට ආචාර කරනවා.
ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. හැදු වැඩු දෙමව්පියන්ටත් අපේ ප්‍රණාමය.
කමල්, පොලිසියට පැමිණිල්ලක් දාමුද?
හරි මිත්‍රවරුනි අපි පිලිගත්තා.
දරුවනේ නුඹලා ඔය විධිහටම ජීවත් වෙයල්ලා. නුඹලාට කවදාවත් වරදින්නේ නැහැ සොබා දහම කවදාවත් නුඹලාට පිටු පාන්නේ නැහැ. සොභා දහම තේරුම් කල නොහැකි විශ්වයේ තියෙන බලයක්. එම බලය නුඹලාටත්, හැදු වැඩු දෙමපියනුත් මේ සසරේ ගමන් කරන තුරු වැටෙන හැම වෙලාවකම රුකුලක් වෙයි .
කමල් හරි ....මෙය ක්‍රම වේදයෙන් පිට හෙවත් පොලිසිය සම්බන්ද නොවන නිසා ....සිද්ධිය සැක සහිත