(ශිරාන් රණසිංහ)
ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේප්පුවල දමා තිබු රුපියල් ලක්ෂ 42ක පමණ මුදලක් අතුරුදන් වී ඇතැයි ප්‍රාදේශිය තැපැල් අධිකාරී ඇතුළු විමර්ශන නිලධාරීන් කළ මුලික පරීක්ෂණයකදී හෙළි වී ඇත.
මේ සම්බන්ධව තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසිමේදී එම නිලධාරියා කියා සිටියේ ඒ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇති බවයි.
මීට පෙරාතුව හැව්ලොක් ටවුම ප්‍රධාන තැපැල් කාර්යාලයේ තිබු රුපියල් ලක්ෂ 42 ක මුදලත් මේ අයුරින්ම අස්ථානගතව තිබු බවත් ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විධිමත් පියවරක් නොගත් බවත් තැපැල් වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.
ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ වැඩබලන තැපැල් ස්ථානිධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම ලක්ෂ 42 ක මුදල සේප්පුවේ තැන්පත් කර ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේද මේ මුදල් ? බදු ගෙවන්නන්ගේ නේද ? මෙහෙමත් රජයේ සේවකයෝ
හොරකම් කළවුන් අහුවුණත් ඔවුන්ට භයවෙන්න දෙයක් නැහැ .. අත්අඩංගුවට නොගන්න කියන උසාවි තීන්දු නියායක් අර උත්තමයා රටට හඳුන්වා දීලයි තිබෙන්නේ .නීතිය සැමට සාධාරණයිලු නේද ?