රාජ්‍ය ආයතන 42ක් කෝටි 9000ක් ණය වෙලා රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 31 July 2017
රහස් පොලිසිය දෙමළ සන්ධානයේ තිදෙනකුගෙන් ප්‍රශ්න කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හා තවත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා ඇතුලූ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි. 31 July 2017
තෙල් සේවකයින්ට පහරදුන් අය අල්ලන්න නියෝග කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට පැවැති සේවක උද්ඝෝෂණයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(31) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය. 31 July 2017
අධිකරණ ඇමැති අයින් කරන්නැයි නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බව වාර්තාවේ. 31 July 2017
තෙල් බෙදාහරින්න බාධා කළ 16 කට වරෙන්තු කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වා ඉන්ධන බෙදාහැරීම අක්‍රමවත් කර ජාතික ආරක්ෂාවට සහ මහජනයාට පීඩාවක් වන අයුරින් කටයුතු කළැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක ඇතුලූ නායකයින් 16 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (31) වරෙන්තු නිකුත් කළේය. 31 July 2017
වැලිකඩ රැදවියන් 27 මිය යාම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම කල්යයි 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පති හා රහස් පොලිස් අධ්‍යක්ෂකට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සැප්තැම්බර් 12 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී. 31 July 2017
පොලිසියට පහරදීම ආවා කල්ලියේ වැඩක් - පොලිස්පති යාපනය කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත සිදුකළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවත් මෙම කල්ලියට නායකත්වය සපයන්නේ හිටපු කොටි සාමාජිකයෙකු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (31) යාපනයේදී පැවසීය. 31 July 2017
කෝටි 26ක ඉඩමකට හොර ඔප්පු හැදූ 8ක් දැලේ අගනුවර පිහිටි රුපියල් කෝටි 26ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණීමට උත්සාහ කළ බව කියන යුද හමුදා විශ්‍රාමික කපිතාන්වරයකු ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 July 2017
පොලිසියට හා නාවික හමුදාවට සෙල්ලම් දැමූ 5ක් අත්අඩංගුවට පේදුරුතුඩුව කැටේ හන්දියේ පොලිස් මුරපොළකට පහර දී අලාභ හානි සිදුකිරීමට සහ පේදුරුතුඩුව නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 31 July 2017
බස් සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුකරන බව කියන ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද(31) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය. 31 July 2017
ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. 31 July 2017
සයිටම් විරෝධීහු නුවර සිට කොළඹට පයින් එති ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය හා පා ගමන අද(31) පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය. 31 July 2017
එක්සත් ජනපද දුත මණ්ඩලයේ 775 කට පිටව යන්නැයි පුටින් නියෝග කරයි රුසියාවේ සිටින එක්සත් ජනපද දූත මණ්ඩලයේ 775 දෙනකුට එරටින් පිටව යන්නැයි ජනාධිපති වැලැදිමීර් පුටින් නියෝග කර තිබේ. 31 July 2017
නැදුන්ගමුවේ රාජා - වාසනා මෙවර දළදා පෙරහරට නෑ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පෙරහර කරඬුව වැඩම කරවීමට සුදුසුකම් ලැබ සිටි නැදුන්ගමුවේ රාජා සහ වාසනා ඇතු මෙවර සහභාගි නොවන බව ශ්‍රී දළදා මාලිගාව සඳහන් කරයි. 31 July 2017
කටාර් හි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ ගිණුම තාවකාලිකව අත්හිටුවයි කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ එරට පවත්වාගෙන යන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ බැංකු ගිණුමේ මුදල් ඉවතට ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ශ්‍රීලංකා තානාපතිවරයා එම බැංකු ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැනුම් දී තිබේ. 31 July 2017
උමා ඔය පීඩිතයන් වෙනුවෙන් නිවාස කුලී වැඩිකරන්නැයි ඉල්ලයි ඊසාන දින මෝසම් වැසි ඇරඹීමට පෙර උමා ඔය විනාශය හේතුවෙන් ඉවත් කිරීමට සුදානම් විය හැකි 1600 කට වැඩි පවුල් සඳහා අවම වශයෙන් රුපියල් 30,000 ක නිවාස කුලියක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටී. 31 July 2017
ත්‍රී රෝද අනතුරින් අයෙක් මරුට මදුරන්කුලිය - කොත්තන්තිව් මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙරළී ගොස් නවතා තිබූ ලොරියක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි මුන්දලම පොලීසිය කියයි. 31 July 2017
යාපනයේ ආරක්ෂාව තර කෙරේ යාපනය කෝපායි කොණ්ඩාවිල් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භකර ඇත. 31 July 2017
මහින්දගේ ට්විටර් පණිවුඩයට මංගලගෙන් පිළිතුරු රට පාලනය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගේ උදව් අනවශ්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ට්ව්ටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටී. 30 July 2017
මුදල් ලේකම්ගේ සහ රේගු අධ්‍යක්ෂගේ අභියාචනය සඳුදා කැඳවයි දල් අමාත්‍යවරයා වගඋත්තරකරුවකු කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රේගු අධ්යක්ෂවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනයක් හෙට(31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිය. 30 July 2017
වැඩිහිටි කන්දේ අනතුරකින් 10කට තුවාල බැතිමතුන් පිරිසක් රැගෙන වැඩිහිටි කන්දේ පහළ මළුවේ සිට ඉහළ මළුවට ගමන් කරමින් තිබූ සංචාරක කැබ් රථයක් අද (30) දහවල් අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි කියැවේ.බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනකු හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා ඇත. 30 July 2017
‘හම්බන්තොට වරාය රැකගැනීමට අඛණ්ඩ වැඩ වර්ජනයක්‘ හම්බන්තොට වරාය රැකගැනීම සඳහා සියලු වෘත්තීය සමිති,බහුජන සංවිධාන,ශිෂ්‍ය ව්‍යාපාර ඒකරාශි කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසයි. 30 July 2017
ශ්‍රී ලාංකිකයින් සිටි නැවක් සයිප්රසයේදී අල්ලයි යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් ගේ බාරයට ගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘‘ද ගාඩියන් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී. 30 July 2017
පොලිසියේ දෙන්නෙකුට යාපනයේදී ප්‍රහාරයක් යාපනය කෝපායි නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී අද (30) පොලිස් නිලධාරීන් දෙදෙනකුට යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දෙනු ලැබ ඇතැයි කෝපායී පොලිසිය පවසයි. 30 July 2017
නුවර සිට කොළඹට සයිටම් විරෝධි පාගමනක් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් මහනුවර සිට කොළඹ දක්වා දින පහක විරෝධතා පාගමනක් හෙට(31) ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සනත් බණ්ඩාර පැවසීය. 30 July 2017
හොරගොල්ල වලව්වෙන් බෝම්බයක් හමුවෙයි අත්තනගල්ල හොරගොල්ල වලව්ව භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිසකට එහි තාප්පයක් අයිනේ මල් වැටක් අද්දර තිබී ජීව අත් බෝම්බයක් හමුවී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 30 July 2017
‘කැබිනට් මණ්ඩලයේ ඉන්නේ තොත්ත බබාලා නෙමෙයි‘ කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන දශක ගණනාවක් ඉදිරියට සිතා බලා බවත් එහි සිටින්නේ තොත්ත බබාලා නොවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද(30) ගාල්ලේ දී පැවසීය. 30 July 2017
මාස හයට උද්ඝෝෂණ-වැඩවර්ජන 1500ක් මේ වසරේ ගතවූ මුල් මාස හය තුළ වර්ජන හා උද්ඝෝෂණ 1500 ක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ලංකාදීපයට පැවසීය. 30 July 2017
සඟවා තිබූ මත්පැන් තොගයක් සමග අයෙක් දැලේ මහනුවර ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරයේ හා ඒ අවට බෙදා හැරීම සඳහා සූදානම් කර තිබූ බව කියන නීතී විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර සුරාබදු කාර්යාලය පවසයි. 30 July 2017
“නියඟයෙන් සහල් සැපයුමට බාධාවක් නෑ“ පවතින නියං තත්ත්වය කොතරම් බලපෑවද කිසිඳු හිඟයකින් තොරව සහල් ලබා දීමට පියවර ගෙන ඇති බවටත් අගොස්තු සිට රටවල් හතරකින් ආනයනය කරන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 30 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026