මුදිතා දයානන්ද
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමට පමණයි එකල අවසර දුන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පැවසීය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුයේ අද මහරගම ඇල්හේන පාරේ පිහිටි මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ ක‍්‍රිඩාගාරය අනවසර ඉදිකිරිමක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
යුනේස්කෝ සංවිධානය වසර තුනකට පමණ වතාවක් ලෝක උරුමයන් නම් කරනවා. ඒ අනුව ගාලූ කොටුවත් ලෝක උරුමයක් ලෙස නම් කළා. එහිදි ඔවුන් උපදෙස් දුන්නා එය පිටත සිට බලන්නෙකුට නැරඹිමට බාධාවන කිසිදු ඉදිකිරිමක් නොකරන ලෙසට. එනිසා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිඩාංගනයේ ක‍්‍රිඩාගාරය ඉදිකිරිමට අවසර ලැබී තිබුණේ තාවකාලික ඉදිකිරිමකටයි. එහි ස්ථිර ක‍්‍රීඩාගාරයක් නැතිවීම ගැටලූවක් නෙවෙයි. ජාත්‍යන්තර තරග වසර පුරා පැවැත්වෙන්නේ නැහැ. එවැනි තරග පැවැත්වෙන අවස්ථාවක තාවාකාලික ක‍්‍රීඩාගාරයක් සකස් කිරිම අමාරු දෙයක් නෙවෙයි. එවැනි ඉදිකිරිමකට යුනෙස්කෝවේද විරෝධයක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිකුත් බසින් මෙතුමා කියන්නේ පහුගිය දවස්වල කතා බහට ලක්වුණු ක්‍රීඩාංගනය නීති විරෝධී කියලානේද? ඔයටික පහුගිය දවස්වල කෑ මොර ගහපු ඔබගේම හිත මිත්රන්දිට කිවුවනම් වඩාත් හොඳයි.
තමන්ගේ නම ගහ ගන්න තියෙන උන්මාදය නිසා තැන නොතැන නොබලා කල අදූරදර්ශී අඥාණ වැඩ නිසා රටට කොපමන හානියක් හා පාඩුවක් කරලා තියනවද?