නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 03 August 2017
කෝපායි සිද්ධියට තවත් දෙන්නෙක් සැකපිට යාපනය කෝපායිහී දී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කෝපායි හා නල්ලූර් ප්‍රදේශවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි. 03 August 2017
ඇලෝසියස්ගේ කෙටි පණිවිඩ නීතිපති දෙපාර්තමේන්තුවට පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද(3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 03 August 2017
ඇලෝසියස්ගේ මඟුලට මෛත්‍රී සහ මහින්දත් ගියා - රවී කරුණානායක නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය. 02 August 2017
සයිටම් ප්රශ්නය විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක් මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත. 02 August 2017
කෝටි 55කට චෛත්‍ය අනුරුවක් විකුණන්න හැදූ දෙන්නෙක් දැලේ මිල කළ නොහැකි ඉපැරණි වටිනාකමකින් යුත් රතු හා නිල් මැණික් ඔබ්බවන ලද දඹරන් පිළිමයක් සහිත කළුගලින් නිමවූ වෛත්‍ය අනුරුවක් රුපියල් කෝටි 55කට විකිණීමට උත්සාහ කළ හිටපු නාවික හමුදා සෙබළකු හා ත්‍රී රෝද රියදුරකු ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන අංශය පවසයි. 02 August 2017
20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 02 August 2017
මංගල මාධ්‍ය කලාව ගැන කියයි රජය මාධ්‍යවේදීන්ට නීති හෝ ආචාරධර්ම පැනවීමට පියවර නොගන්නා නමුත් ස්වයංව නීති රීති පනවාගෙන ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීමක් මාධ්‍යවලට තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 02 August 2017
වරාය විවාදය කඩාකප්පල් කිරීම ගැන දයාසිරි කියයි හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව ලබාදුන් විවාදය ඒකාබද්ධ විපක්ෂය කඩාකප්පල් කරනු ලැබුවේ එක්තරා තානාපති කාර්යාලයක අවශ්‍යතාවයක් ඉටුකිරීමට යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 02 August 2017
පාදෙණියට එරෙහි පෙත්සම කල් යයි මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 08 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය. 02 August 2017
පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා(4) පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(2) ප්‍රතික්ෂේප කළාය. 02 August 2017
‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්යක්ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය. 02 August 2017
“මුරපදය දුන්නානම් කතාව ඉවරයිනේ“ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය’(Password) ලබා දුන්නා නම් කතාව එතැනින් අවසන් බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිදැයි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන්ගෙන් විමසීය. කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අර්ජුන් ඇ 02 August 2017
විශේෂ පොලිස් මෙහෙයුමකින් 2717 ක් අත්අඩංගුවට දිවයින පුරා අපරාධ සහ රිය අනතුරු නිවාරණ මුල් කොට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ වැටලීමකින් පුද්ගලයන් 2717 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 02 August 2017
කෝපායි සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් යාපනය කෝපායිහීදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා අද (02) නියෝග කළේය. 02 August 2017
දන්ත වෛද්‍යවරු අනතුරු අඟවති රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් නීති විරෝධී අන්දමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරන්නට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 August 2017
‘වැරදි ඔප්පු වුණොත් රවී ගැන ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නවා‘ අමාත්‍ය රවී කරුණානායක මහතා වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. 02 August 2017
කොටි ආපු විදියට යළි එන්න හදනවා - පොලිස්පති ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. 02 August 2017
දර කපන්නකුගෙන් අල්ලස් ගත්තැයි සැරයන් අත්අඩංගුවට දර කපන පුද්ගලයකුගෙන් රුපියල් 10000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන හොරොව්පොතාන පොලිසියේ සැරයන්වරයකු අද (02) එම පොලිසිය තුළදීම අල්ලස් හෝ දුෂණ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 02 August 2017
කයිලගොඩ සැකකටයුතු මරණයක් බදුල්ල-මහිංයගන මාර්ගයේ කයිලගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක භාරකරුවකු සිය කාමරය තුළ සැකකටයුතු අයුරින් මියගොස් සිටියදී අද (02) සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. 02 August 2017
පැය 5 දී වරෙන්තු ලැබ 20 ක් අත්අඩංගුවට පිළියන්දල පොලිස් වසමේ ඊයේ (1) රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ පැය පහක මෙහෙයුමේ දී අධිකරණයෙන් වරෙන්තු ලැබ පුද්ගලයන් 20 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 02 August 2017
වතුකරයෙන් ගලනාල පිළිකා රෝගීන් වැඩි වේ උඩරට වතුකරයෙන් වාර්තා වන පිළිකා රෝගීන් අතරින් අති බහුතරය ගලනාලයේ පිළිකා වැළඳුණු රෝගීන් බව රෝහල්වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන බව වකුගඩු රෝග පිළිබඳ පර්යේෂණයන් හි යෙදෙන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය ඡන්න ජයසුමන මහතා පවසයි. 02 August 2017
අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනකු ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද(2) නියෝග කළේය. 02 August 2017
රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය. 02 August 2017
ලක්ෂ 20 ක මුදල් හා දේපල සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට මොරටුව,දෙහිවල,කොහුවල හා ගල්කිස්ස පොලිස් වසම්වල රාත්‍රී කාලයේ වෙළඳසැල් නවයක් බිඳ ලක්ෂ 20 කට ආසන්න මුදල් හා දේපල සොරා ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් අද (2) අත්අඩංගුවට ගනු ලැබීය. 02 August 2017
සෞදි සිට ආ ගුවන් මගියෙක් මිය යයි සෞදි අරාබියේ ජෙඩා සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි ගුවන් මගියකු අද (2) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබේ. 02 August 2017
අවුරුදු 3 කින් මෙහා අලුත් ආණ්ඩු හදන ක්‍රමයක් ව්‍යවස්ථාවේ නෑ ‘‘අද සමහරුන්ට බොහොම ඉක්මනට බලයට එන්න වුවමනා වෙලා තිබෙන බව පේනවා. ඔය ඕනෑම කෙනෙකුට අවුරුදු තුනකින් පස්සෙ එන මැතිවරණයකින් බලයට එන්න පුළුවන්. ඉන් මෙහා අලූත් ආණ්ඩු හදන ක්‍රමයක් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැතැයි’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) පැවැසීය. 02 August 2017
මදුරු මර්දනයට ගිය සිවිල් ආරක්ෂකයෝ තිස් එකකට ඩෙංගු ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයන් 31 දෙනකු ඩෙංගු උණ වැළඳී රෝහල් ගත කර ඇති අතර එක් භටයකු මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 02 August 2017
හම්බන්තොට ගිවිසුම අධ්‍යයනයට ඇමැතිවරුන්ට කල් දෙයි හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුම අධ්‍යයනය කර ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය මතය ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. 01 August 2017
‘අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමිය හැකියි‘ බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද (01) කොමිසමට දැනුම් දුන්නේය. 01 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026