ඉන්දිකා රාමනායක
සුනඛයකු සම්බන්ධයෙන් ඇති වු සිද්ධියක් මුල්කරගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පස් දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින කුවෙට් ජාතික යුවළට එම නඩුව අවසන් වන තෙක් මෙරටින් පිටවීම තහනම් කරමින් මීගමුව මහේස්ත්‍රාත් සජීන්ද්‍ර ජයසුරිය මහත්මිය අද (30) නියෝගයක් නිකුත් කළාය.
මෙම යුවළ කුවෙට් රටේ සිට ඉකුත් 27 වැනි දා මෙම සුනඛයා ගුවන් මගින් මෙරටට රැගෙන එමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සත්ව නිරෝධායන රේගුලාසි යටතේ එම සුනඛයා රඳවා තබාගෙන සිටියදී එයට උරණ වු එම යුවළ සුනඛයා නිදහස් කිරීමට ප්‍රමාදවීම පිළිබඳව රේගු නිලධාරීන්ට සිය විරෝධය දක්වමින් ඔවුන්ට පහර දී තිබිණි.
රේගුව බාරයේ සිටි සුනඛයා බලහත්කාරයෙන් රැගෙන ගුවන් තොටුපොළින් පිටවීමට උත්සහ කිරීමේ දී ඔවුන් අත්අඩංගුවට පත්විය. මෙම නඩුව ලබන 10 වැනි දා නැවත කැදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේ සෙල්ලම් යුරෝපේ හෝ ඇමරිකාවේ දායිද? අපේ රට ගැන හිතාගෙන ඉන්න විදිය තමයි.
සුනඛයින්ට " මත්ද්‍රව්‍ය, මැණික්... " වගේ දේවල් ගිල්ලවලා ගුවන්තොටුපලවල්වලින් එහාට.. මෙහාට මෙවැනි දේවල් ප්‍රවාහනය කිරීම හුඟක් රටවල්වල ආරක්ෂක නිලධාරීන් දන්නා දෙයක්...