රංජන් කස්තුරි
විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට විදුලිබල අමාතශංයේ හා ආර්ථික කටයුතු අමාත්‍යශයේ ලේකම්වරුන් සහ විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ආයතනවල සභාපතිවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආංචි මාර්ග කියයි.
අමාත්‍යංශවල ලේකම්වරුන් දෙදෙනාට සහ ආයතනවල සභාපතිවරුන් දෙදෙනාට අගෝස්තු මස හත් වැනි දින පාර්ලිමේන්තු සංකීරණයේ පැවැත්වෙන කෝප් කමිටු රැස්වීමට පැමිණෙන ලෙස දැනටමත් ලිඛිත දැනුම්දීමක් කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒස්-ඇඹිලිපිටිය පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම , ඒ සඳහා රුපියල් කෝටි 84ක් ගෙවීම, එම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා නොදීම ආදී ගැටලු සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසාන සාකච්ඡාව හැටියට විදුලි බල වැඩි කරාවි !!! ජනාධිපතිතුමා නින්දෙන් ඇහැරලා වහාම අඩු කරාවි... ආයෙත් දවස් දෙකකින් වැඩිකරාවි...
ඔව් ඔව් හොර ගුහාවක් හොඳට හාරලා බලන්න. සමහරුන්ට ලොතරැයියක් ඇදුණු තැනක්. ගල් අඟුරු වලින්, තෙල්වලින්, මිලදී ගැනීම් වලින් කප් ගහපු තැනක්. මේ ලඟදි තිබුණේ ලංකාවේ හදන ට්‍රාන්ස්ෆෝමර් තියෙද්දී ඉන්දියාවෙන් ගන්න යනවා කියලයි.
ඔය මොන කොමිසම කමිටුව ආවත් හොර කම් කලේ කවුද කියල හෙළිවුනත් අන්තිමේදී කිසි කෙනෙකුට දඬුවමක් ලැබෙන්නේ නැහැ. එකයි රටේ අවාසනාව.
අපේ රටේ දුෂණ වංචා ගැන හොයල ඉවර කරන්න කෝප් කමිටුව දවස් 365 ම රැස් උනත් බැරි වෙයි. ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනාම සභාපතිවරු කරලා කෝප් කමිටු හයක්වත් හදන්න වෙනවා.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ