(දිලීප් ජයසේකර)
සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කර පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අද (30) සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් අහිමි වුවන්ට මෙතෙක් වන්දි ගෙවා නොමැති බව පවසමින් වන්දි නොලැබුණු පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
අද උදෑසන 7ට පමණ මෙම විරෝධතාවය ආරම්භ වු අතර මේ හේතුව නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය සඳහා පැමිණි කිසිදු සේවකයකුට කාර්යාලය තුළට යාමට නොහැකි වී තිබේ.
සේවය සඳහා පැමිණි සේවකයන් වගේම විවිධ අවශ්‍යතා සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පිරිස් ද මේ වන විට ලේකම් කාර්යලය ඉදිරිපිටට වී සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහෝදර සමාගමෙන් අවසර ගත්තා නම් ඉවරනේ.......