ඉන්දිකා රාමනායක
වසර 100 ක් පැරණි මාර්ගයක් වසා දැමීමේ සිද්ධියට විරෝධය දක්වමින් මහර බන්ධනාගාරය ඉදිරිපිට ප‍්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් සිරකරුවන් රැගෙන අධිකරණ වෙත ගමන් ගන්නා බස් රථ වලට බාධා එල්ල වී ඇති බවද පොලිසිය කියයි.
මෙම මාර්ගය වසා දමා ඒ වෙනුවට විකල්ප මාර්ගයක් ලබා දී ඇති අතර එම මාර්ගයේ ගමන් කිරීමේ දී නොයෙක් දුෂකරතාවන්ට මුහුණ දීමට සිදු වු බව පවසා ප‍්‍රදේශවාසීන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
මෙම විරෝධතාව නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර පොලිස් ආරක්ෂාවද තරකර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd