රංජන් කස්තුරි
 
මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
 
සබරගමුව විශ්ව විද්‍යාලයයේ අලුතින් වෛද්‍ය පීඨයක් ආරම්භ කෙරෙන අතර 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා එම වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද වයඹ විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද ඇතුළත් කර ගැනීමට නියමිත බව  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
 
මීට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයට 2017/2018 අධ්‍යයන වර්ෂයේ සිට ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය යන පීඨ දෙකක් ද අලුතින් පිහිටුවන අතර එම පීඨ දෙක සඳහා සිසුන් 75 බැගින් 150 දෙනකු බඳවා ගැනීමට නියමිතය.