රංජන් කස්තුරි
මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
සබරගමුව විශ්ව විද්‍යාලයයේ අලුතින් වෛද්‍ය පීඨයක් ආරම්භ කෙරෙන අතර 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා එම වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද වයඹ විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයට සිසුන් 75 දෙනකු ද ඇතුළත් කර ගැනීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව සබරගමුව විශ්ව විද්‍යාලයට 2017/2018 අධ්‍යයන වර්ෂයේ සිට ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය යන පීඨ දෙකක් ද අලුතින් පිහිටුවන අතර එම පීඨ දෙක සඳහා සිසුන් 75 බැගින් 150 දෙනකු බඳවා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වැඩවර්ජන මාලාවක් දියත් කරන්නට තවත් අනගි අවස්ථාවක්.... වහාම ක්‍රියාත්මක වෙන්න.
ඔය ඊනියා සංගම් මොකද දන්නේ නැහැ මේකට කියන්නේ කොත්තු කඩ ගානට වෛද්‍ය පීඨ පටන්ගන්න ඉස්සෙල්ල තියන ඒවගේ පහසුකම් දියුණු කරෝතින් හොඳයි...... මොකද දන්නා තරමට ප්‍රධාන පීඨයක් වන කරාපිටියෙත් ආචාර්ය වරු හිඟයි රජරට වගේ ඒවා ගැන කතාකරල වැඩක් නැහැ ..... සමහරකගේ මහාචාර්ය ඒකක වත් නැහැ කියල තමයි වාර්තා වෙන්නේ
විශ්ව විද්‍යාල තුල අලුතින් පීඨ කොපමණ ආරම්භ කරත් ඒ මගින් ලැබෙන ප්රතිලාභ ශිෂ්‍ය ප්‍රජාවට බුක්ති විදින්න හැකිවේද ඒ මන්ද ඉගෙනීමට කාලය වැය කරනවට වඩා රට කරවන පාලකයන්ට රට කොහොමද කරන්නේ කියල; කියල දෙන්න,බල කරන්න, අරගල කරන්න,කැරලි ගන්න තමයි විශ්ව විද්‍යාල තියෙන්නේ.
ලංකාවේ වෛද්‍යවරු අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපේ ලෙඩ්ඩු අපෙට තියල වර්ජන කරනවා එක හරිද? වෛද්‍යවරු කරන්නේ රැකියාවක් නෙවෙයි සේවයක් .ගන්නේ පැදියක් නෙවෙයි දීමනාවක් හැබැයි ඒ යුරෝපා රටවල නමුත් ලංකාවේ ඉන්න වෛද්‍යවරු ?
අනේ අපේ රටේ ඉස්සර දොස්තර කෙනෙකුට මොන තරම්ක් ගෞරවයක් තිබුණද ? අද කෝ ඒවා ? පැවති හා පවතින රජයන්වල අඩුපාඩු දුර්වලකම් තියෙනවා ඇති.ඒත් ඒවාට දොස්තරවරුන් ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කලානම්, වැඩ වර්ජන නොකොට තම සේවය තව තවත් ඉහළින් කලානම් මේ රටේ ජනතාව දේශපාලකයන්ට නිසි ප්‍රතිචාර දී දොස්තර වරුන්ගේ පැත්ත ගනීවි.මේ රටේ මිනිසුන් දේවත්වයෙන් සැලකූ දොස්තර වරුන්ගේ ගෞරවය නැතිවීමට අදාළ ඇතැම් දොස්තරවරුන්ට එම අපරාධයට කවදා හෝ වන්දි ගෙවීමට සිදුවේවි.