බිමල් ශ්‍යාමන් ජයසිංහ
දෙහිවල ටෙරන්ස් පාරේ බංගලාදේශ කාන්තාවක් නැවතී සිටි කාමරයක සුට් කේසයක් තුළ තිබි රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සොයා ගත් බව දෙහිවල පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 886 ක් තුළ තිබි පොලිසිය සොයා ගෙන තිබේ.
එම බංගලාදේශ ජාතික කාන්තාව මේ වන විට විදේශ ගත වී ඇතැයි පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
ටෙරන්ස් පාරේ නිවසේ හිමිකරු මාසිකව රුපියල් 35000/- කුලී පදනම මත එම නිවසේ සාලය ඇතුළු කොටස් තුනක් මීට මාස හයකට පමණ පෙර බංගලාදේශ ජාතික කාන්තාවට ලබාදී ඇති අතර සෙසු කාමර දෙකක් පිරිමි ළමයින් දෙදෙනකුට ලබා දී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd