( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පසුගිය රජයේ ඉන්ධන මිළ අඩු වැඩිවීම පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතුළත් වන පරිදි රජයේ මුදල් අවභාවිත කර පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසකට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ඛණිජ තෙල් මිළ සංශෝධනයට අදාළ මුදල් අමාත්‍යංශය විසින් නිර්මාණය කළ මෙම දැන්වීම් මේ වසරේ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ පුවත්පත්වල පළකර තිබූ බවත් ඒවායේ පසුගිය රජය යටතේ තෙල් මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පල කිරීමෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇතැයි ද ගුණවර්ධන මහතා සිය පෙත්සමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ශ්රේෂ්ඨාධිකරනයෙන්ම පෙට්‍රල් මිල අඩුකරන්න කියලා දීපු තීන්දුව එවකට හිටපු රජය ක්රියාවේ යෙදුවේ නැහැ නේද ?? ඒ වෙලාවේ මහජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවුණේ එකල මහජනතාවට මුලික අයිතිවාසිකම් නොතිබීම නිසා කියලා මෙතුමාට දැන් අමතකයි වගේ .
මේ අය ජනතාවට පෙනෙන්නට එළියේ ගහ ගත්තාට, පාර්ලිමේන්තුව ඇතුලේ මේ අය ඔක්කොම ගජ යාලුවෝ. මේව තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා කරන දේවල් පමණි.
බොරු කියල උසාවියෙන් අවවාද ලබාපු එකානේ මේ බොරු කියනවා කියල පෙත්සන් ගහන්නේ. ලැජ්ජාව නැති කම
රාජපක්ෂලගේ කාලයේ බොරු පුරාජේරුව දාලා පත්තරවලයි, රූපවාහිනීවලයි රුපියල් කෝටි ගණන් වියදම් කර දැන්වීම් දාන කාලේ මෙයා හිටියේ මැදමුලන වලව්වේ පිලිකන්නයේනේ... ඒක හින්දා මෙයා ඒවා දැකලා නැතිව ඇති. නැත්නම් රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මෙයා හැමදාම උසාවි යනවා.