පලෙයි හි ගැටුමකින් සිව් දෙනෙක්ට කැපුම් තුවාල කිලිනොච්චි පලෙයි අයියකච්චි ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනකු කැපුම් තුවාල ලබා කිලිනොච්චි හා පලෙයි රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 07 August 2017
මහනුවර රන්දෝලි මහ පෙරහර අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (07) නිකිණි පෝදින වීදි සංචාරය කරයි. 07 August 2017
කතරගම මහ පෙරහර අද රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද (7) රාත්‍රියේ පැවැත්වේ. 07 August 2017
ඊ.පී.එෆ් බැඳුම්කර වාර්තා ගැන දැනුම් දුන්නත් අප යැවූ වාර්තාවවත් යළි එව්වේ නෑ මාසයක කාලයක් තුළ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 710ක මුදලක් එක්රැස්වන්නේ යැයිද එහි පරිපාලන කටයුතු සඳහා රුපියල් කෝටි 12 1/4ක මුදලක් වැය වන්නේ යැයිද සේවක අර්ථසාධක අරමුදලේ හිටපු අධිපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය. 07 August 2017
කොටි කාලේ ක්ලේමෝ බෝම්බ මලයාලපුරම් ළිඳකින් කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේ ළිඳක් හා පච්චිලිපලෙයි හි කැළෑ ප්‍රදේශයක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් භාවිතා කළ ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 07 August 2017
අද අර්ධ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට අද(8) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට අවස්ථාව සැලසී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 07 August 2017
ලක්ෂ 37 ක් වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 37 ක් වටිනා හොරායින් මත්කුඩු තොගයක් සමඟ පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත්බව ගුවන්තොටුපොළ රේගු මත්දුවය නාශක අංශය කියයි. 07 August 2017
වෙනිසියුලාවේ වැලෙන්සියා හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් වෙනිසියුලාවේ තෙවැනි විශාලතම නගරය වන වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව එරට බලධාරීහූ පවසති. 07 August 2017
ශ්‍රීලංකන්-හම්බන්තොට වරාය බිලියන 181ක් ගිල්ලා - අගමැති ‘හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් සිදු වුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිරිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2017
ලොරියක් පෙරලීමෙන් දක්ෂිණ අධිවේගයේ වාහන පෝලිමක් කුඩාවැල්ලේ සිට පෑලියගොඩට මාළු ගෙන ගිය ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර පෙරළීමෙන් වාහන ගමණාගමනයට බාධා සිදු විය. 06 August 2017
මන්ත්‍රීවරු 15ක් ලබන සතියේ චීන සංචාරයක මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමතක් එළැඹෙන සතියේදී චීනයේ නිල සංචාරයක නිරත වන බව ඒෂියන් නිව්ස් ඉන්ටර්නැෂනල් ( ඒ.එන්.අයි )පුවත් සේවය අද (06) වාර්තා කළේය. 06 August 2017
ජල ගාස්තු සංශෝධනයක් අතළඟ වසර පහක කාලයකදී ජල ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැති නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම ජල ගාස්තු වැඩි වීමක් සිදු කිරීමට සිදු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (06) මාතරදී පැවසීය. 06 August 2017
ලක්ෂ 20ක රන් සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් සැකපිට රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධීව ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය . 06 August 2017
එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරනවා - අගමැති එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ඉන්නවා යැයි පරීක්ෂණවලින් තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී අද පැවැසීය. 06 August 2017
මදුරු බිත්තර දියකරන්න බෙහෙතක් ඩෙංගු, බරවා, සීකා සහ චිකුන්ගුන්යා ඇතුළු රෝගවාහක මදුරු බිත්තර සම්පූර්ණයෙන්ම දියකර දැමිය හැකි රසායනික ද්‍රව්‍යයක් නිපදවීමට ගම්පහ, බෙම්මුල්ල පරිසර විද්‍යා ඉංජිනේරුවෙක් සමත් වී තිබේ. 06 August 2017
‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදුවුණා‘ - හිටපු ජනපති පසු ගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සිංගප්පූරුවේ පිහිටි අර්ජුන් මහේන්ද්‍රන්ගෙ නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 06 August 2017
ඩෙංගු බලන්න ආ නිලධාරීන්ට ව්‍යාපාරිකයාගෙන් බාධා හෙම්මාතගම ඩෙංගු මැඩලීමේ වැඩසටහනකට සමගාමීව ඩෙංගු බෝ වන ස්ථාන පරීක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරින්ට අද ( 06 ) ව්‍යාපාරිකයකුගෙන් බධා එල්ල වි 06 August 2017
කාර්-ටිපර් අනතුරෙන් දෙන්නෙක් මරුට කුරුණැගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේදී අද (06) මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එකම පවුලේ පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 06 August 2017
රවීගේ විශ්වාසභංගය ගැන පක්ෂ නායක කතා විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිබඳ ආණ්ඩුව සුදුසු පරිදි තීරණයක් ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි 06 August 2017
ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි. 05 August 2017
නැගෙනහිර සයිබීරියාවේ ජලගැලීමකින් 8 ක් අතුරුදන් රුසියාවේ නැගෙනහිර සයිබීරියා පළාතේ මිර් නමින් හැඳින්වෙන දියමන්ති ආකරයක ඇතිවූ ජලගැලීමක් හේතුවෙන් අට දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. 05 August 2017
ස්ටෙන්ට් මිල අඩු කරයි හෘද රෝග සැත්කම් සදහා භාවිතා කරන ස්ටෙන්ට් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 05 August 2017
කටුනායක ගුවන් තොටුපොළෙන් වල්ලපට්ටා තොගයක් හසුවෙයි රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මුම්බායි ඔස්සේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී 8/04 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය . 05 August 2017
අයින් වෙන්න - ජනපතිවරයා රවීට කියයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 04 August 2017
සයිටම් නඩුව කල්යයි සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීම ලබන 10 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 August 2017
ලොතරැයි මණ්ඩල පැවරීමට එරෙහි පෙත්සම් කල් යයි මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සලකා බැලීම ලබන ඔක්තෝබර් 30 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 August 2017
ෆුල්ෆේස් පෙත්සම ඉල්ලා අස්කරගනී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් භාවිතා කිරීම තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව පුද්ගලයින් තිදෙනකු ගොනු කළ පෙත්සම එම පෙත්සම්කරුවන් විසින් අද (04) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 04 August 2017
රාජිත හා එස්.බී කොමිසමක් ඉදිරියට ගෙන ආ යුතුයි-වෛද්‍ය සංගමය “ආණ්ඩුව එයාලා බය පුද්ගල ලැයිස්තුවට ලහිරු වීරසේකරගේ නමත් එකතු කරලා තියෙනවා.සයිටම් නාටකය ගැන හොයන්නත් බැඳුම්කර කොමිසම වගේ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි.ඇමති එස්බී සහ රාජිත එම කොමිසමට ගෙන්වා ප්‍රශ්න කළ යුතුයි.“යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. 04 August 2017
බෝනස් මන්ත්‍රීධූරයක් නිසා උතුරේ අර්බුදයක් උතුරු පළාත් සභාවේ පාලන බලය හිමි දෙමළ ජාතික සන්ධානයට ලැබී ඇති බෝනස් මන්ත්‍රීධූරය සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සිය නියෝජිතයෙකු දෙවන වරටත් පත්කිරීම සන්ධානය තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතු වී ඇතැයි එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට පැවසීය. 04 August 2017
අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් උධෘත 8600ක් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයෙන් මිනිත්තු එකයි තත්පර 09කදී ලබාගත් උධෘත 8600ක් නීතීපති දෙපාර්තමෙන්තුව ලබා ගෙන ඇතැයි ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද (04) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. 04 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026