(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායක රැස්වීමට ආණ්ඩුවෙන් මෑතකදී ඉවත්වූ හිටපු ඇමතිවරුන් වන එස්.බී දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායක රැස්වීමට සහභාගිවූ පළමු අවස්ථාව මෙයයි.
මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී අද (31) සවස පැවැත්විණ.
විපක්‍ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්‍ෂයට ගැනීම, පළාත් සභා මැතිවරණය කඩිනමින් ගැනීම, පොදුජනරළ සම්මන්ත‍්‍රණ මාලාව, සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ‘‘ලංකාදීපයට‘‘ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස් බී කොහොමටත් එහාට මෙහාට පනින එක්කෙනානේ. අපේ රට තුන්වන ලෝකයේ අන්තිම කොනට මේ යන ගමන යන්නේ. පාරිමේන්තුව නුගතුන් සහ දුසිරිත් වලින් පිරිලා. තරුණ තරුණියන් දුරාචාරයට පත්වෙලා. දැන් බුද්දීමත්ව හිතුවේ නැතිනම් නුඹලා ඔක්කොම වග කියන්න ඕනේ .
පොහොට්ටුවේ බහුතරයක් තවම ශ්‍රී ලංකා කාරයෝ
ආණ්ඩුවෙන් මොනවා හරි වැරදි දෙයක් වෙනවනම් මේ අයට කවදාවත් පුළුවන් උනාද කරුණු කාරණා නිවැරදිව පෙළගස්වල පෙන්වල නිවැරදිව විරෝදය දක්වන්නට? හැමදාම නිකම් ඔහේ කෑ කෝ ගහල නිකම් ඉන්නවා.