සුජිත් හේවාජුලිගේ
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කාන්තා හා ළමා කටයුතු හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණ මේ වන විට අවසන්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට පරීක්ෂණ වාර්තාව අද හෙටම නීතිපතිවරයාට යැවීමට කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානය කියයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් යාපනටය ගොස් මේ පිළිබඳව පරීක්ෂණ කළේය.
පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ මේ පිළිබඳව එහිදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
ප්‍රශ්න කළ වැඩි දෙනෙක් විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය කළ රැස්වීමේ සිටි අය වෙති.
මේ අතර විජයකළා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා ද නීතිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසුවේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණූ පසුව පොලිසිය විජයකලා මහත්මිය සම්බන්ධයෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි 'ස්වාමියා කොටියෙක් ' කියලා කිව්ව නිසා හිරේ දැම්මා. එයාට තර්ජනේ කළා කියලා. බලමු මේකට මොකද වෙන්නේ කියලා. මොකද විජේකලා තර්ජනය කරලා තියෙන්නේ මුළු ලංකාවේම ඉන්න ජනතාවටයි.
මෙම පරීක්ෂණය ලබන වසරෙත් ඉවරවන එකක් නොවේ.
මම කියන්නද නීතිපති වාර්තාව ...බොහොම ඉක්මනටම ලැබෙයි.....එහෙම දෙයක් වෙලා නැහැ...මාධ්‍ය මගින් විකෘර්ති කර ඇත ....නිදොස් කොට නිදහස් කරමි .....
පරීක්ෂණයේ ප්‍රතිඵල හැටියට ඉතින් කියන ආවේගය නිසා කියපු දෙයක් කියල අපි නොදන්නා ලංකාවේ නීතිය.....
මමත් කියන්නේ ඉහත සඳහන් සුනන්ද සහ අස්නකගේ අදහස තමයි. නැත්නං අර මහා පරිමාණයේ හොරුන්ගේ ෆයිල් විශාල ප්‍රමාණය නීතිපති දෙපාර්තුමේන්තුවේ යටපත් වෙලා වගේ, මේකටත් ඔය ඉරණම තමයි වෙන්නේ...