(සිරංගිකා ලොකුකරවිට සහ රවී ලියනගේ)
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා විශාල ක්‍රීඩාංගණ කොළඹ පාසල්වල පවා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද (31) පැවැසීය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නරඹන්නන් 5000ට පමණ අවශ්‍ය පහසුකම් ඇති බවත් ප්‍රේක්ෂකයන් 25,000කට වැඩි පිරිසකට තරඟ නැරඹිය හැකි තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කොග්ගල ප්‍රදේශයේ ඉදිකරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ ගාල්ල කළුවැල්ල ලී ග්‍රෑන්ඩ් හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අගමැතිවරයා එහි දී මෙසේ ද කීවේය.
''ගාල්ල ආසියාවේ ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. අළුතින් ගොල්ෆ් පිටි තුනක් සහ දැනට තිබෙන ක්‍රීඩාංගණයට වඩා විශාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගාල්ලේ හදනවා.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරගෙන යනවා. මෙහෙම කරද්දි පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මේවාට එරෙහි වනවා. මාධ්‍ය අයිතිකරුවන් සියලු දෙනාම මෙහෙට ගෙනෙවිත් පෙන්වන්න අවශ්‍යයි මේවායේ මොනවාද කෙරෙන්නේ කියා. මෙයින් රැකියා ලැබෙන්නේ ගාල්ලේ අයට. කලින් ආණ්ඩුව කොග්ගල ක්‍රීඩාංගණයක් හදනවා කිව්වම විරුද්ධ නොවී සිටි මාධ්‍ය දැන් අපි හදනවා කිව්වම විරුද්ධ වෙනවා.
මේක තේරුම්ගත නොහැකි තත්ත්වයක්. මා බලාපොරොත්තු වෙනවා පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මේවාට සහය දේවි කියා. ගාල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ක්ෂේත්රයේ විශාල වැඩ කොටසක් සිදුකරනවා.‘‘
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කඳුරට සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන අමාත්‍යවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද මේවා හදන්න සල්ලි හොයාගන්නේ?
ඊටපස්සේ මේක කොහෙටද විකුණන්නේ? දැන් සූරියවැව ක්ක්රීඩාංගණය ඉන්දියාවට විකුණනවනේ. හොඳයි අදහස.. ගත්ත ණය ටික බදු ගහලා, එකතු කරලා හදපු ඒවා ටික විකුණමු.
රටේ තව කරන්න දේවල් තියනවා.. පිට්ටනි හදන්නට කලින්.
ශ්‍රී ලංකාව දැන් ස්වයංපෝෂිතය. අපට කිසිම දෙයකින් අඩුවක් නැත. දැනටම දකින එකම අඩුපාඩුව ක්‍රිකට් ක්‍රීඩාංගණ මදිකමයි. අපට තව ඇති විශාල ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය තදින්ම දැනේ. මෙම අඩුපාඩුව නිසා අපේ රටට ඉදිරියේදී බොහොමයක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවිය හැකිය.
මෙන්න බොලේ මේ පාර මෙයත් මෝඩිට ඇඳලා...
ගාල්ලට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගෙනැල්ල යහපාලන ආණ්ඩුව නැතිවෙන්න කලින් අපි එ්කේ වොක්ස්වැගන් කාර් වලින් රේසුත් තියනවා..
පිස්සු තදවෙලා වගෙයි.
අනේ පින් සිද්ධවෙයි... අලුතින් තවත් පිස්සු වැඩ නම් කරන්න හදන්න එපා. අරෙහේ ණය කන්දක් ගැන කතා කර කර අනාගත ජාතියට දරුවන්ට හිමිවෙන්න තියෙන වටිනා සම්පත් ඔක්කොම නොරටුන්ට විකුණනවා. රටේ හැම තැනම විජාතික කොලනි හැදෙනවා. මෙහෙන් අපිව හූරාගෙන බදු ගහනවා. තමුන්ලා මොන කෙහෙල්මලක් හැදුවත් අන්තිමට අපිට නෙමෙයි වෙන කොහෙවත් රටකට තමයි අයිති වෙන්නේ. තියෙන පිට්ටනියක් තියෙන්න ඇරලා මේ අවුරුදු දෙක ඉවර වුණාම යන්න මහත්තයෝ යන්න.
ඔන්න අයෙමත් පටන් ගත්තෝ.. දැන් ඉතින් කාර් දෙයි, පඩි වැඩි කෙරෙයි, අනේ අම්මපා..මට..
ගාල්ල නගරයේ අලංකාරය තියෙන මේ ක්‍රීඩාංගණය , කොටු පවුර , සමනල උද්‍යානය සහ මුහුද නිසා. මේ තකතීරු දේශපාලකයෝ හදන්නේ එකත් විකුණගෙන කන්න. බිග් මැච් එකටවත් සම්පුර්ණයෙන් පිරෙන්නේ නැති මේ ග්‍රව්න්ඩ් එක මදි කියල මෙයා කොහොමද කියන්නේ. මෙයාගේ මොලේ වැඩකරන්නේම නොපිටට. කිසිම දෙයක් කරගන්න බැහැ.රටේ පවක්.
රෙද්ද තමයි .ඔන්න ඕක තියෙන්න ඇරලා වෙන වැඩක් බලාගත්තනම් හොඳ නැතිද? කුහක කම.හිතේ තියෙන දේ කෙලින් කියන්නේ නැතිව වත්ත වටේ යනවා.
මෙන්න මෙයා මෝඩි කිට් ගහලා. නියමයි. මුලු ගාල්ලම ෆ්ලැට් කරලා තනි ලොකූම ලොකු ග්‍රවුන්ඩ්ස් එකක් හදමු. හදල ඒක කට්ටි කරල විකුණමු.
ඉතාම ඉහළයි. අපිට එච්චරයි අඩු වෙලා තිබුණේ.
දැන් මේ මොකක් හරි අටවල ඡන්දෙට කලින් නම ගහ ගන්න හදන්නේ. පව් ඉතින්.
එදාවේල කන්නෙත් රටේ තියෙන සම්පත් ටික විකුණලා , ඕකට තමා කියන්නේ පිස්සෝ රජ උනත් එකයි රජුන් පිස්සෙක් උනත් එකයි............
මේ හදිස්සියේම මොකද... ??. නම් ගම් ටික හොදට පැහැදිලිව ලිය තියෙන්න ඕනේ " හරිය " .....
හැටිටෙ ඇදගෙනම මොටිට කතාවක් කියනව වගේ.....රටට අඩු එචිචරද දැං....?
එතකොට හම්බන්තොට වරායට නැව් , මත්තලට ගුවන් යානා එයි , ලංකාවේ ණය ඉබේම ගෙවෙයි ! මේවා හිතල කියනවද , නැතිනම් කරුමෙට කියවෙනවද ?
ඔය වැඩේ අවුරුදු 3කට කලින් කරන්න පටන් ගත්තා නම් ලංකාවේ ප්‍රශ්න ගොඩක් මෙලහට විසඳිලා. හම්බන්තොට වරාය විකුණන්න වෙන්නෙත් නැහැ. එහෙම තියාගෙනත් මෙයාලා බනිනවා.
අවුරුදු 11/2 කින් හදන දෙයක් තමයි ඉතින්...
අපේ ගරු අගමැතිතුමා රටේ ප්‍රශ්න හඳුනාගෙන ප්‍රමුඛත්වය දිය යුතු ඒවාට මුල් තැන දීලා කටයුතු කරන බවට මෙන්න තව උදාහරණයක් !
මේ චූන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙත් නැහැ. කරන්නත් බැහැ. රට වටේම බොරු කියකියා යනවා හැර...
දැන් මාධ්‍ය තමයි වැරදි. අර කතාව කියපු ඇමැතිගේ කතාව ඇහිලා නැද්ද කොහේද? මිනිස්සු මෝඩයින් කියලා තමයි මෙයාලා හිතාගෙන ඉන්නේ...
ලෝකෙට මොකද වෙලා තියෙන්නේ..?
ලංකාවේ තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණය හොඳටම ඇති... ප්‍රශ්නෙකට තිබෙන්නේ ක්‍රීඩකයින් ඉස්සර වගේ දස්කම් අතර නැති එකයි. ඒක ගැන හොයලා බැලුවා නම් හොඳ නැද්ද? ඉස්සර 96 අපි ලෝක ශුරයෝ වුණු කාලේ රටේ මෙච්චර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබුනේ නැහැනේ...
රටේ පවට උපන්නෙක්, තියන ඒවා විකුණනවා. අලුතින් හදනවලු. මේ අයට බලය දීපු අයට හෙන ගහන්න ඕනෑ..
මෙයා එහෙම කරනවා, මෙහෙම කරනවා කියලා කියන්න විතරයි. ප්‍රායෝගික මොකුත්ම පෙන්න නැහැ. සජිත් ඇමතිතුමා හැර මේ රජය වැඩ කරන්න කව්රුත් නැහැ. වැඩ කරන්න පුළුවන් මිනිහට මෙයා වගකීම් දෙන්නෙත් නැහැ.
මෙයාගේ වර්ගයේ කෙනෙකුට කොමිස් ගහන්න අවස්ථාවක් ලබාදෙන්නයි යන්නේ...
ඇයි පාර්ලිමේන්තුවේ ඉඩ මදිද සෙල්ලම් කරන්න? ලංකාවට ඉතාම අවශ්‍ය පිට්ටනි වෙන්නැති? අනේ අපොයි!!!
ඉස්සර තුංමුල්ල හන්දියේ පාර මැද බුදු පිළිමයක් තිබුණා. ඒක කඩනවට මිනිස්සු විරුද්ධ වුණා. විස්කම් නිවස ඉස්සරහ තියෙන බුදු පිළිමේ ලස්සනට හදලා පරණ බුදු පිළිමේ ආවරණය කළා. ආවරණය ගලවනකොට බුදු පිළිමේ නෑ. මේ හදන්නෙත් වෙන එකක් මීට වඩා පහසුකම් ඇතිව හදලා 2002 වගේ සුද්දන්ට විකුණලා දාන්නද හදන්නේ?
ගම්බද පළාත්වල කැඩිලා බිඳිලා ගරාවැටිලා .. තියන " පාසල් " හදලා දුන්නනම් මීට වැඩිය හොඳයි කියල මට හිතුණා.
ලංකාවේ කර්මාන්තශාලාවක් හදන්න මුදල් වෙන් කළා කියලා අපිට නිවුස් එකක් කලාතුරකින්වත් අහන්න ලැබෙනවාද? ඒ කියන්නේ රට දියුණු කරන්න එක ආණ්ඩුවකටවත් වුවමවනාවක් නෑ. ඒ වුණාට කොමිස් ගහන්න පුළුවන් පාරවල්, ගොඩනැගිලි, ක්‍රීඩාංගණ ආදිය ඉවක් බවක් නැතුව හදනවා. ඒකත් හදන්නේ ණය අරගෙන...
ටින් ටින් ගේ වීරක්‍රියා