ඉන්දිකා රාමනායක
ඉඳුරුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළ දී ජර්මන් ජාතික තරුණියකට එහි සේවකයකු අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජර්මනියේ උසස් අධ්‍යාපනයේ නිරත 21 හැවිරිදි මෙම තරුණිය මීට දින කිහිපයකට පෙර සිය මව සමඟ ශි‍්‍ර ලංකාවේ සංචාරයට පැමිණි ඇති බවද පොලිසිය පවසයි.
මෙම තරුණිය ඉකුත් (29) සවස සම්භාහනයක් සිදුකර ගැනීමට ඉදුරුවේ සම්භාහන ආයතනය ගොස් සිටියදී ඇය සම්භාහනය කිරීමට පැමිණි සේවකයා මෙම අතවරය සිදුකළ බවට පැමිණිලි ලැබුණ බව පොලිසිය පවසයි.
මෙම තරුණිය ඇගේ මව සමඟ අද (31) කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගන්නා බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම නැති කරනවා. දැන් සිංගප්පුරුවේ ගුවන්තොටුපොලේ ලාංකිකයෝ ගණන් ගන්නේ නැහැ