උසස් අධ්‍යාපනය සඳහා තම රටට පැමිණිමට ශ්‍රී ලංකාවේ සිසුන් ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලූම්පත් භාර දි ඇති බව නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලය සඳහන් කර ඇතැයි ‘‘රේඩියෝ නිව්සීලන්ඞ් ’’ අද (31) වාර්තා කළේය.
2018 වර්ෂයේ ජනවාරි මසයේදී මෙම තොරතුරු හෙළි වන අවස්ථාව වන විට පමණක් ශ්‍රි ලාංකීක සිසුන්ගේ ඉල්ලූම්පත් 88ක් තිබි ඇති අතර ඒ අතුරින් 83ක්ම ව්‍යාජ තොරතුරු ඇතුළත් ඉල්ලූම්පත් බව හෙළි වී ඇත.
ඒ අනුව ව්‍යාජ තොරතුරු ඇතුලත් සියළුම ඉල්ලූම්පත් ප්‍රතික්ෂේප කිරීමට නවසීලන්ත ආගමන බලධාරීන් කටයුතු කළ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
ඉන්දියාවේ මුම්බායි හි පිහිටි නවසීලන්ත ආගමන කටයුතු භාර කාර්යාලට ලැබුණු තොරතුරක් මත විමර්ශන කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවේ එක් මුල්‍ය සමාගමක් හරහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෙරට සිසුන් විසින් නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා වීසා ඉල්ලූම් කර ඇති බව හෙළි වි ඇත.
නවසීලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා ඉල්ලූම් කිරීමේදී එක් සිසුවෙකුගේ බැංකු ගිණුමේ අමෙරිකානු ඩොලර් 15, 000ක් තිබිය යුතු අතර නමුත් මෙම සිසුන් අදාල මුල්‍ය සමාගම හරහා ව්‍යාජ තොරතුරු සකස් කර ඉල්ලූම්පත් සකසා අයදුම්පත් ඉදිරිපත් කර ඇත.
නවසීලන්ත ආගමන කටයුතු භාර අමාත්‍ය ඊයන් ලීස් ගැලෝවේ මහතා ප්‍රකාශ කරන්නේ දැනට එරට අධ්‍යාපනය හදාර සිසුන් සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා නමුත් ඉදිරියෙදී වීසා ඉල්ලූම් කරන සිසුන් සම්බන්ධයෙන් දැඩි ලෙස විමර්ශනය කරන බවය.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අල්ලලා දැඩි දඩුවම් දෙන්න ඕනේ මේකෙන් වෙන්නේ රටේ නම කැත වෙන එක විතරයි......
ළමයින්ගේ අවසන්ව උනත් රටේ වාසනාව. ජාතික ධනයෙන් කොටි ගණනක් ඒ රටට දීල උගන්වපු ළමයි ටික එරටටම සින්නවෙලා අපේ රටේ ඉතිරි වෙන අහිංසක මිනිස්සු තවත් වලපල්ලට යනඑක නැවතුන එක කොයි තරම් හොඳ දෙයක්ද?
මේ හොර වැඩ නිසා ලංකාව හොඳටම සවුත්තු වෙලයි තියෙන්නේ. අනෙක ඔය රටවල වීසා ගන්න තමයි සුදු වැන් කතාව පතුරවන්නේ, බොරු කියලා දෙමළ සරණාගතයෝ කොච්චර ඔය රටවලට යනවද? වැදගත් ලාංකිකයෙක්ට රටකට යන්න බැහැ. ලංකාවේ ගමන් බලපත්‍රය දැන් ගණන් ගන්නෙම නැහැ. හොරු විදියට තමයි හිතන්නේ. ලංකාව ගැන තිබුණු ආඩම්බරකම දැන් නැතිවෙලා. අපිත් බලන්නේ දැන් වෙන රටක පුරවැසිකම ගන්න. මොකද දැන් ලංකාව හදන්න බැරි මට්ටමටම ඇවිත්. ඉන්න අයට කිසිම වුවමනාවක් නැහැ.
අපේ එවුන් උරුලෑවෝ වගේ. කොහේගියත් යන පළාතම ගඳ ගස්සනවා.
කොහේ යන්න ගියත් හොර පාරෙන් යන්න තමයි උත්සාහය, මෙවැනි අය නිසා අවංකව ඉල්ලුම් කරන ශ්‍රීලාංකික සිසුන් අමාරුවේ.