රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 August 2017
‘අරුවක්කාරු කසල අංගනයට බාධා කරන්න එපා‘ අරුවක්කාරු කසල අංගනය අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයත් වන බැවින් ඊට බාධා නොකරන්නැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටියි. 10 August 2017
ඌව සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් වෙයි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට එම පළාත් සභාවේ අනුර විදානගමගේ මහතා පත්කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(10) කටයුතු කළේය. 10 August 2017
රවී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. 10 August 2017
අත්තිඩියේ බැංකුවේ වෙඩි තැබීමෙන් අයකේ මරුට ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 10 August 2017
25000 දඩයට කැබිනට් අනුමැතිය රථවාහන වැරදි පහක අවම දඩය රුපියල් 25000 කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ 10 August 2017
ඒකාබද්ධයෙන් විරෝධතා - පාර්ලිමේන්තුව කල් තැබේ අද පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පෙරවරු 11.30ට අත්හිටුවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. 10 August 2017
රවී ඉල්ලා අස්වෙන්න යයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි. 10 August 2017
රහස් පොලිසිය විජයකලාගෙන් ප්‍රශ්න කරයි යාපනයේ විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස්කුමාර්ට පළායාමට උදව් කළැයි සැකපිට ළමා හා වනිතා කටයුතු ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 10 August 2017
’හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නෑ’ - ඇමැති විජයදාස හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 10 August 2017
පොලිසියට කෙටූ තිදෙනෙක් මාස 10 කට පසුව කොටු යාපනය චුන්නාකම්හිදී මීට මාස 10කට පමණ පෙර පොලිස් බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දුන්නේයැයි සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලිසිය කියයි. 09 August 2017
පොලිසිය රතුපස්වල රාජකාරි පැහැර හැරීමෙන් සාක්කි වසන් වෙලා රාජකාරි පැහැර හැරීම නිසා රතුපස්වල යුද හමුදා වෙඩි තැබීමේ සාක්කි විනාශ වීම සම්බන්ධයෙන් එවකට ගම්පහ පොලිස් අධිකාරීවයකු ලෙස සේවය කළ වත්මන් කන්කසන්තුරේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් මාසිංහ මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැන්වීය. 09 August 2017
ආවා සැකකරුවෝ රිමාන්ඩ් කෝපායි හි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ නායක ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට යාපනය වැඩ බලන මහේස්ත්‍රාත් වී ටී සිවලිංගම් මහතා අද (9) නියෝග කළේය. 09 August 2017
ආනන්ද සමරසේකරගෙන් පෙත්සමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම එම සභාව විසින් මාස 6කට අත්හිටුවමින් තමන්ට එරෙහිව නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර අභියාචනාධිකරණය හමුවේ අද (9) රිට් පෙත්සමක් ගොනු කළේය. 09 August 2017
රංගේ බණ්ඩාරගේ මූලික විරෝධතාව මහාධිකරණයට සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට ඒ මහතා ඉදිරිපත් කර ඇති මුලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතාට අද (09) ඉදිරිපත් කෙරිණි. 09 August 2017
කසල බැහැර කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ගැන අධිකරණය විමසයි කොළඹ නගරය ඇතුළු නගරවල එකතුවන කැලි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිට රජය විසින් සිදුකරගෙන යනු ලබන බව නීතිපතිවරයා අද(9) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. 09 August 2017
කෝපායි සිද්ධියේ තවත් සැකකරුවකු අත්අඩංගුවට කෝපායි කොණ්ඩාවිල් හිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අද (9) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 August 2017
ආදිවාසීන්ගේ වගකීම ගන්න අමාත්‍යංශයක් ඉල්ලයි ආදිවාසින්ගේ වගකීම රජයේ අමාත්‍යංශයකට බාරදිය යුතු බව ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි. 09 August 2017
පානීය නොවන ස්ප්‍රීතු ආනයනයට බද්දක් පානීය නොවන ස්ප්‍රීතු ආනයනය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50000ක බලපත්‍ර ගාස්තුවක් හා ලීටරයට රුපියල් 25ක නව බද්දක් පනවා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. 09 August 2017
සාපෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2016 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(9) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය. 09 August 2017
ගුවාම් වෙත පහර දෙන්න උතුරු කොරියාව සැරසෙයි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ දූපතක් වන ගුවාම් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි උතුරු කොරියාව පවසයි. 09 August 2017
ජනපති - අගමැති - රවී හමුවෙති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති රවි කරුණානායක යන මහත්වරු අතර විශේෂ හමුවක් අද (9) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව රජයේ ආරංචි පවසයි. 09 August 2017
ජොන්ස්ටන්ට රට යන්න අවසර සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් කර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලබන 13 වැනි දා සිට දින 10ක් විදේශ ගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (09) අවසර දුන්නේය. 09 August 2017
වැසිකිලියට ගිය සැකකරු නැවත නොඑයි වැලිකඩ බන්ධානාගාරයේ රිමාන්ඩ් බාරයේ සිටි රැඳවියෙක් අසනීප තත්වයක් හේතුවෙන් අද (8) කොළඹ ජාතික රෝහලේ 20 වාට්ටුවට ඇතුළත් කැරිණි. 09 August 2017
බිරිඳ මැරූවැයි යුද හමුදා කෝප්රල්ට මරණ දඬුවම පොල්ලකින් පහර දී තම බිරිඳ ඝාතනය කර වළ දමා සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුධ හමුදා කෝප්‍රල්වරයකුට මරණ දඬුවම නියම කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (09) නියෝග කළේය. 09 August 2017
රත්මලානේ නිවාස 16ක් මුහුදට බිලි රත්මලාන විහාර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දුම්රියපොළ ආසන්නයේ මුහුද රළුවී වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස 16ක් පමණ විනාශ වී ඇතැයි රත්මලාන ප්‍රාදේශිය ලේකම් හේමසිරි පියතිලක මහතා පවසයි. 09 August 2017
රන්මැලි සෑය උඩින් ඩ්‍රෝනය යැවූ තරුණයා නිදහස් අනුරාධපුර රත්නමාලි චෛත්‍යයට ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කිරීමෙන් පසුව එම ඩ්‍රෝන යානය චෛත්‍යයේ ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකාර තරුණයා එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 09 August 2017
ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ වැඩවර්ජනයක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා වහා නිදහස් කරන ලෙසට බලකරමින් තමිල්නාඩු ධීවරයින් අද (09) සිට ධීවර කටයුතුවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි ඉන්දියාවේ ඒ.එන්.අයි පුවත්සේවය අද වාර්තා කළේය. මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ තමිල්නාඩුවේ පුදුකෝට්ටේ හා රාමනාදන්පුරම් හි ධීවරයින් පිරිසකි. 09 August 2017
වන්දි ඉල්ලා ගොවීහු විරෝධයේ පොරොන්දු වූ වගා වන්දි මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(9) බත්තරමුලේලේ සිට කෘෂිකර්ම අමාත්‍යංශය දක්වා විරෝධතා පාගමනක් ඇරඹීය. 09 August 2017
අන්තරේ ළහිරුට ඇප අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහා අධිකරණය අද (09) නියෝග කළේය. 09 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026