නාලක සංජීව දහනායක
ජනතාව බදු බරින් මිරිකී සිටින මොහොතකදී රජය පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට තීරණය කිරීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩි වෙන්නේ 2006 වසරෙන් පසුවයි. ව්‍යවස්ථානුකූලව අධිකරණ ක්ෂේත්රයට සමාන්තරව ව්‍යවස්ථාදායකයේ පඩි වැඩි විය යුතුයි. දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිවීම නවතා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙය අනවශ්‍ය ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියනවා වගේ අනිකුත් දීමනා, තීරු බදු රහිත පර්මිට් එකත් එපා කියන්නකො. බයිල එපා. ඔයා දන්නවා මේක වෑඩි ඡන්දෙන් දිනලා හෑමෝටම ලෑබෙනවා කියලා. කමක් නෑ... අපේ සල්ලි නේ. අපි හිගන්නොන්ට කන්න දීලා පිනක් දහමක් කලා කියලා හිතා ගන්නන්කො.
මෙයාලගේ පඩි වැඩි කරන්නේ මොනවා කරාටද. මේ මිනිස්සු මොනවද රටට කරලා තියෙන්නේ..?
බොරු විවේචන විතරයි. වැඩි කරපු පඩිය අපිට එපා ඒක දුම්රිය සේවකයන්ගේ පඩි වැඩි කරන්න එක යොදවන්න කියන්න බැරි මොකද?
යුද්ධය පවතින වෙලාවෙත් තමන්ගේ පඩිය වැඩි කරගත්ත ආණ්ඩුවක මන්ත්‍රීවරු දැන් පඩි වැඩිකරනවාට විරුද්ද වෙන්නේ ඇත්තටමද නැත්නම් දේශපාලන කුහක කමටද?
කාලේ හරි. ප්‍රධාන පක්ෂ දෙකම ගෙදර යවලා රට කරන්න අලුත්, උගත් කට්ටියකට බාර දෙනවද. නැත්නම් මෙයාලා සෙට් එකත් එක්ක මාරුවෙන් මාරුවට වලපල්ලටම යනවද. තීරණේ ජනතාව අතේ.
ඇයි අපිට කොකා පෙන්නලා තියෙන්නේ?
රටේ මිනිසුන් ගැන ඔය තරම් කැක්කුමක් තිබෙනවා නම්, ඒකාබද්ධ විපක්ෂයයේ මන්ත්‍රීවරු ඔය පඩි වැඩිවීම ප්‍රතික්ෂේප කර රටට ආදර්ශයක් වෙනවාද? මා සිතන්නේ එසේ වුනොත්, ඉර බටහිරින් පායන්නට පටන් ගනියි කියලයි.
ඔය කිව්වට කට්ටිය හරිම කැමතියි ඔය වැඩිවීමට. දැන් ඡන්දයක් ළඟ එන නිසා ජනතාව ගොනාට ඇන්දවීමට බොරුවට අකමැති බව කියනවා.
මහබැංකුව හොරා කාලා තව පඩිත් වැඩිකර ගන්නවා. කෙනෙකුට පිහියකින් ඇනලා තව පර්ස් එකත් පැහැරගෙන යනවා වගේ තමයි.
අනේ ඇයි මේ අහිංසක මැති ඇමතියොන්ටයි මන්ත්රීයෝන්ටයි වැටුප් වැඩිකරන්න එපා කියන්නේ ? මේ අහිංසක ටිකට අඩුතරමින් කෑම ටිකක්වත් හොදට කන්න ඔන්න ඔය පඩි වැඩිකරමු. මොකද ලක්පුරවැසියන් වන අපිටනම් කිසිම ආර්ථික අපහසුවක් නැති නිසා අපිට එහෙම අමාරුකම් තේරෙන්නෙම නැහැ. අනික බලන්නකෝ මේ මැති ඇමතියෝ, මන්ත්රීයෝටික ගේ ශරීර කුඩු දැක්කම දුකේ බෑ මහා කෙසග ශරීර කුඩු. එතරම් දුක්විදිනව මහජන සේවයට.
පඩිය සීයට දෙසීයකින් වැඩි උනත් කමක් නැහැ රට ණය වලින් බේරාගෙන රටේ සම්පත් නොවිකුණන රජයක් මේ රටේ තිබුනානම්. ඒත් මේ රටේ හැම බිම් අගලක්ම විකුනන්න සැලසුම් කරන, මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව අනාත කරවලා තියෙනකොට, මිනිස්සු තම තමන්ගේ හැමදෙයක්ම සීමා කරගෙන ජීවත් වෙන්න සිද්ධ කරවලා තියෙනකොට සියලු වරප්‍රසාද තියෙන මේ අයට පඩිත් වැඩි කරගෙන හොරකමත් කරගෙන අධි සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්න ඉඩ දීම සම්පුර්ණයෙන්ම බාල සහ නින්දිත ක්‍රියාවක් ලෙස හැඟේ. රටට මොනම දෙයක්වත් නොකරපු පරම්පරා ගණනාවකට හම්බකරගෙන සිටින මේ 225 දෙනාගේම පඩිය පමණක් නොව සියලුම වරප්රසාදයන්ද සීයට දෙසීයකින් කපා දැමිය යුතු බව පොදු මතයයි.
ඔන්න අවස්තාව හරියටම රටට දැනෙන්න දෙයක් කරනවනම්. හෙට සිටම උද්ඝෝෂණ කරන්න පාරට බහින්න අපිට එපා ඔය දීමනා වැඩි වැටුප් කියලා. ඒකාබද්ධ විපක්ෂය කවදත් හරි දේ කරන නිසා අපිත් බලමු වැඩි වැටුපට මේගොල්ලො ක්‍රියාත්මක වෙන හැටි.
මොන දෙයක් කෙරුවටද පඩි වැඩිකරලා, ප්‍රකෝටි ගණන් වටිනා වාහනවල ගෙන්වලා මේ අය වෙනුවෙන් රටේ මුදල් වියදම් කරන්නේ?
ලාබයක් උපයන්න බැරි නිසා මත්තල වී ගබඩාවක් කෙරුව වගේ, ඔය පාර්ලිමේන්තුවත් අඩු තරමේ රටේ ගොවියාගේ වී ටික ගබඩා කොරන්නවත් යොදාගමු.
සාමාන්‍ය අයගේ පඩි වැඩිකර ඉල්ලන්න අරගල කරන්න වෙනවා. නමුත් මොවුන්ගේ පඩිවැඩිවීම එන්නේ බන්දේසියේ තබලා.. පඩියක් ගෙවන්නේ හරියට සේවයක් ලබාදෙන කෙනෙකුටයි. මොවුන්ගෙන් මොකක්ද වෙන සේවය? හැමදේම පිනට ලැබෙන්නේ ගමන් යන්න සුඛෝපභෝගි තීරුබදු රහිත වාහන.. සියලු සැපසම්පත් සමගින් ඉස්තරම් ප්‍රදේශවලින් මහමන්දිර, සුළු ලෙඩවලට පවා පිටරටවලට දුවන්න භාණ්ඩාගාරයෙන් සීමාවක් නොමැති ගෙවීම්, කොමිස් .. අවුරුදු 5කට පසුව සම්පූර්ණ විශ්‍රාම ලාභ තවත් නම් කොපමණද? ඇත්තටම මොවුන්ට පඩියක් ගෙවන්න ඕනෑද?