අංජුල මහීක වීරරත්න
එන්ජින් ධාරිතාවය 1000ට අඩු මෝටර් රථ සඳහා පැනවු බදු ඉවත් කළ හැකි නිශ්චිත දින වකවානු දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට අද (2) උපදෙස් දුන්නේය.
වර්ෂ 2018 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1000 ට අඩු හා හයිබ්‍රිඩ් වාහන බදු අගෝස්තු 1 වැනි දා සිට ඉහළ දැමුනි.
එන්ජින් ධාරිතාවය පහළ අගය ගන්නා වාහන අසීමාන්තික ලෙස රට තුළට ගෙන ඒම නිසා පාලනය කරගත නොහැකි මට්ටමේ වාහන තදබදයක් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ඇති වන බව අදාළ අංශ අවස්ථා ගණනාවකදීම රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කෙරෙතැයි මුදල් අමාත්‍යාංශය අවස්ථා ගණනාවකදීම කරුණු පෙන්වා දෙනු ලැබිණි.
ඉදිරියේ දී ආරම්භ කිරිමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියත් සමඟම ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරයේ වාහන තදබදය විශාල වශයෙන් අඩු කිරිමට හැකි බැවින් කුඩා වාහන සඳහා අය කළ බදු ඉවත්කළ හැකි වෙතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරුණූ වාර්තා කරනු ලැබීය.
ඉහත ආකාරයට සියළු පාර්ශවයන් කළ දැනුම් දීම් පදනම් කර ගනිමින් එන්ජින් ධාරිතාව අඩු වාහන බදු අඩු කළ හැකි කාල වකවානුව නිශ්චිතව දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මාර ආණ්ඩුවක් බ්‍රෝ , එකෙක් වැඩිකරනකොට අනෙකා අඩුකරනවා කිසි ප්රතිපක්තියක් නැති රටක්.
බොරු. මහා ලොකුවට කිව්වේ කොහොමද.? ආයේ නම් දෙන්නේ නෑ.
මට මතක් වෙන්නේ පිනෝකියෝ ගෙයි අන්දරේගෙයි කතා
මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා අපේ රටේ වාහන මිලදී ගන්නේ ගමන් පහසුවට වඩා තමන්ගේ සමාජ තලය ප්‍රදර්ශන කිරීමේ මිනුමක් හැටියට ඒක නිසා පොදු ප්‍රවාහනය වැඩි කිරීමෙන් පමණක් මාර්ග තදබදය අඩු කරන්න බැහැ. සිද්දවියයුත්තේ වඩාත් විධ්‍යත්මකව මාර්ග පද්දතිය දියුණු කිරීම.
මොනවා කියනවද මන්දා , රටටම ගහන බදුයි, කොළඹ හදන දුම්රිය මාර්ගයයි, අතර සම්බන්ධය කුමක් දැයි නොතේරෙයි.
තදබදය වැඩිනම් මාර්ග පුළුල් කරලා, විකල්ප මාර්ග හඳුන්වල දෙන එකයි කරන්න ඕනි. ඉන්ධන දහනය අඩු වාහන ගන්න මිනිස්සු පොළඹවන එකයි ආණ්ඩුව කරන්න ඕනි. පොඩි මිනිහ වාහන ගන්න ඕනි නෑ. ඇති හැකි එකා කෝටී ගණන් වටිනා වාහන ගෙනත්, පෙට්රෝල් ලීටරයකය කි.මි.5ක් 6ක් විතර විශාල ඉන්දන කාර්යක්ෂමතවයකුත් පවත්වාගෙන, මග රස්තියාදු වෙන්නේ නැතිව, පැ.කි.මි.80ක විතර වේගයකින් ගමන් බිමන් ටික ගියොත් හොදටම ඇති. දුප්පත් අපි පාරේ තැපගෙන ඉදල පුළුවන් විදියට අපේ ගමන් යන්නම්. ලංකාවේ හැම පාරකම පැය 24ම බස් තියෙන නිසා කමක් නෑ.
මේ අය කෑබිනට් එකේදි කතා කරන්නෙ නෑද්ද? අනේ මන්දා.. කෑබිනට් තීරන කියනවා. ඊට පස්සෙ වෙනස් අමාත්‍යංශ වලින් අදහස් දක්වනවා. ඊට පස්සෙ අගමෑති හරි ජනපති තීරනය වෙනස් කරනවා. මඩේ හිටවපු ඉනි වගේ. එහෙට වෑනෙනවා මෙහෙට වෑනෙනවා.
අගමැතිවරයාට පිස්සුද හැටිද? යකෝ ඊයේ කිව්ව ආනයනික බදු වැඩි කරයි කියල..අද කියනව බදු ඉවත්කල හැකිද බලනවලු.
මම ජීවත්වෙන්නේ කොළඹින් ගොඩක් ඈත. මට බදු වැඩි කිරීමෙන් මට වහනයක් ගන්න බැරිවෙනවා මිස කොහොමද කොළඹ වාහන තදබදය අඩුවෙන්නේ.
බදු ඉහලදාපු දිනය දන්නා එක්කෙනා ඉවත් කරන දිනය තවත් කාගෙන්ද අහනවා කියන්නේ හරිම අපබ්‍රංස කතාවක් නේ.
අඩු කරන්න පුළුවන් දේශපාලන හෙන්චයියන්ගේ මෙහෙ තියන තොග ඉවර උනාම. ඕක තමයි තිත්ත ඇත්ත.
වාහන තීරුබදු ඉවත් කළ හැකි දින වකවානු කොහොම වෙතත්, ඔහෙලව ඉවත් කරන දින වකවානු අපි දැනටමත් තීන්දු කර අවසාන බව හොදට මතක තිය ගත්තොත් කාගේ කාගේත් සෞඛ්‍ය හොද බව දන්වා සිටිමි...........
තදබදය වැඩිනම් මාර්ග පුළුල් කරලා, විකල්ප මාර්ග හඳුන්වලා දෙන එකයි කරන්න ඕනි. ඉන්ධන දහනය අඩු වාහන ගන්න මිනිස්සු පොළඹවන එකයි ආණ්ඩුව කරන්න ඕනි.
නගරාසන්නව දැනට තිබෙනේ දුම්රිය මාර්ගය සහ අනිකුත් දුම්රිය මාර්ග සහ පහසුතා මුලින්ම කරන්න ඕනේ මොනෝ රිල් සැහැල්ලු දුම්රිය එක කරනවට පෙර මොකද ඔය කියන සැහැල්ලු දුම්රිය අද කියල හෙට වෙන කොට සවි කරන්න බැහැනේ. වසර 2ක වත් යන වැඩක් නිසා මුලින්ම කරන්න ඕනේ දැනට තිබෙන දේවල් නිසි යකාරව හොද තැනකට ගෙන එම
මේක කවදාවත් වෙන්නේ නැති වැඩකි........ මහ ජනතාව නොමග හැරීමේ ක්‍රියාවක් ලෙස මවා පෙන්වූ කැරට් අලයක් පමණි!
මේ කතා කරන්නේ රටේ අගමැතිද නැත්නම් නිකම්ම නිකන් කෙනෙකද? අපට විහිලු සපයන මෙහෙම ආණ්ඩුවක් නම් කවදාවත් දැක්කේ නෑ. නග්ගනවා...බස්සනවා...! අපි නිකන් තැලෙනවා. මොනවා කරන්නද අපිම නේ පත්කරගත්තේ.
ඔච්චර දඟලන්න දෙයක් නෑ. ඔච්චර උවමනාවක් තියනවනම් කොළඹ නගරයට ඇතුල් වෙන තැන්වල හොඳ වාහන පාක් ටිකක් හදලා එතන ඉඳන් නගරය පුරා විධිමත් සුවපහසු බස් සේවාවක් දැම්මනම් ප්‍රශ්නේ ඉවරයි. වාහන වල යන්නම ඕනේ අය ඉන්නවනම් ඒ අයට අමතර බද්දක් ගහලා වාහන ඇතුලට යවන්න ඕනේ
දෙකෝටි හැටලක්ෂයක් ජනතාවම ඉන්නේ කොළඹද ?
සගයිනි තේරුම් ගන්න. ඔය වැඩිකරන බද්දෙන් තමයි ඔය 225 හේ සියයට 215 වැටුප් වැඩිකරන්න යන්නේ. මදි පාඩුවට පාන් ගෙඩියට බනිස් ගෙඩියට ගාන වැඩි කරපුවම ඒකත් පියව ගන්න පුළුවන්නේ. තවත් මදි උනොත් අපි එකතුකරලා දෙමු. දරිද්‍රතාවයෙන් පෙළෙන කට්ටියට උදව් කරපුවම පින් සිදු වෙනවා.
නියාමක ව්‍යාපෘතියක් හැටියට හෝමාගම ඉඳලා දුම්රිය පුද්ගලික අංශයට දෙන්න. දවසෙන් දෙකෙන් මාර්ග තද බදය ඉවරයි. මග තැතනින් තැන නවතලත් සෙනග පටවයි!
අපි රත්නපුර දිස්ත්‍රික්කයේ අය. 1976 පමන අපට තිබුන දුම්රිය මාර්ගය එවකට බලයේ සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීලගේ කැමැත්තෙන් වසා දැමුවා. එම කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹ පදිංචි දෙදෙනෙකුත් මන්ත්‍රීලා වෙලා හිටියා. කොළඹට කිරි රත්නපුරට කැකිරි වැඩක් නොකලත් දැනුත් මේ පැත්තේ අය කොළඹ අයට හරි කැමතියි. රට තුල දුම්රිය මාර්ග ඇති කරලා දුම්රිය සේවය යාවත්කාලීන කරනවානම් මෙතරම් වාහන ගෙන්වන්න අවශ්‍ය නැහැනේ. මහාමාර්ග සදහා බිලියන ගණන් වියදම් කරන්න ඕනත් නැහැනේ.
කොළඹ වාහන තදබදය නැති කරන්න නම් ක්‍රමවත් ගුවන් පාලම් පද්ධතියක් හදන්න ඕනේ සහ පොදු ප්‍රවාහන පද්ධතියක් හදන්න ඕනේ. මුළු රටේම ඉන්න මිනිස්සු ජිවත් වෙන්නේ කොළඹ නොවේ. අපේ ගම්පලාතේ නම් ඔය කියන තරම් වාහන තදබදයක් නොමැත. මෙම පොඩි වාහන ඉන්ධන පිරිමසන අතර මේවට ගමන් කරන්න පාරේ එපමණ ඉඩක් අවශ්‍ය නැත. අවුරුදු 20-30 පැරණි කබල් වාහන පාරේ ගාට ගාට විෂ දුම් පිට කරමින් යනකොට පාරේ තදබදය වැඩි වන අතර පරිසරයද විනාශ වේ .
ඔන්න තවත් චුඉංගම් එකක් දෙන්න වගේ හදන්නේ. වැඩි නොකර හිටියනම් ඉවරනේ.
ඉතාම දුර්වල හා නොහැකියාවෙන් පෙලෙන එඋන්ගේ කතා මහ බැංකුව හොර කාලා ඒවා පියවන්නේ අපෙන්
මාර්ග තදබදය අඩු කරන්න වාහනවලට වැඩියෙන් බදු ගහමු. රටේ තරබාරුකම සහ හෘදයාබාධ අඩු කරන්න අාහාර වලටත් බද්දක් ගහමු. නගරවල තද බදය අඩු කරන්න ඇඳුම් වලටත් බද්ද වැඩිකරමු. එතකොට මිනිස්සු අවුරුදු කාලෙට ඇඳුම් ගන්න නගරවලට යන්නේ නැතුව ඉඳීවි. ඔබතුමාගේ නායකත්වය යටතේ වාර්තාගත පසුගිය අවරුදු 25 තුළ පැරදුනේ නිකමට නොවේ.. අර කුරුඳු පොලු ඇමැති ඉස්සර කිව්වා වගේ ඔබතුමාට දරු පවුලක් හදා ගැනීමේ සිට රට පාලනය කිරීම දක්වා කිසිම දෙයක් බැහැ.
අපරාදේ ඡන්දේ දුන්නේ... මේ අය ආව හැමෝටම කාර් 1ක් දෙනවා කියලා ජනතාව රැවැට්ටුවා...
අපරාදේ ඡන්දේ දුන්නේ. ඊළඟ ඡන්දෙන් ගෙදර යන්ඩ බලාගෙන ඉන්න.
අපේ රටේ මිනිස්සුන්ට අමතක වීමේ රෝගය හොදටම තියෙනවානේ පසුගිය ආණ්ඩුව වාහන මිල ලක්ෂ ගණන් වලින් අඩු කරල තොග පිටින් ගෙන්වල ආයේ සාමාන්‍ය මිනිහෙකුට ගන්ඩ බැරි ගානට ලක්ෂ ගනණින් වැඩි කලා ඔය වැඩේ කී සැරයක් නම් කලාද?මේ ආණ්ඩුවත් කරන්නේ ඒ වැඩේමනේ අමුතු දෙයක් ඔතන නෑ අමතක කරන්න එපා මේ ගොල්ලෝ ගිහිල්ලා පරණ අය ආවත් සිද්ධ වෙන්නේ මේකම තමයි ...