නිමන්ති රණසිංහ
ජනාධිපති බැදුම්කර වංචා විමර්ශන කොමිෂන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ලබාදුන් එම සමාගමට අයත් දුරකතන සංවාද ඇතුළත් ඩී වී ඩී තැටිවල ඇතැම් සංවාද මකා දමා විනාශ කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ හිටපු ප්‍රධාන ගැනුම්කරු සහ හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරීවරයා එක් අයකුට රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කළාය.
එසේම, මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් පස් දෙනෙකු අධිකරණය වෙත නම් කරුනු ලැබ තිබූණි. එනම්, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් ජෝෂප් ඇලෝෂියස්, කසුන් පලිසේන, එම සමාගමේ හිටපු ප්‍රධාන ගැනුම්කරු වූ නුවන් තිලිණ සල්ගාදු සහ එහි හිටපු තොරතුරු තාක්ෂණ නිලධාරී සජිත් මධුසංඛ දේවතන්ත්‍රි යන අයවලූන්ය.
ඒ අනුව මෙහි අනෙක් සැකකරුවන් වූ අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යන අයවලූන් මෙම සිද්ධියට අදාළව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණ නියයෝ කළේය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැරේ කස කාරයෝ එළියට එනවා ..... මුලින්ම කස කාරයෝ ටික එලියට දානවා කියන්නේ හෙට අනිද්දට අර්ජුන් මහේන්ද්‍රනුත් එළියට එනවා. ඊට පස්සේ ඔය කේස් දශක ගානක් ඇදෙනවා