(සුමතිපාල දීයගහගේ)
ඉදුරුව යාලේගම ප්‍රදේශයේ පවත්වා ගෙන යන සම්භාහන මධ්‍යස්ථානයකදී 21 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් එම සම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සහ තෙරපිකරු අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.
තම සිරුර සම්භාහනය කරවා ගැනීම සඳහා මෙම ජර්මන් ජාතික තරුණිය ඉදුරුව යාලේගම ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇත.
එහිදි සම්භාහනය කරන මුවාවෙන් එහි කළමනාකරු සහ තෙරපිකරු තමාට අතවර කළ බවට අතවරයට පත් විදේශික තරුණිය කොළඹ සංචාරක කොට්ඨාසයට පැමිණිලිකර ඇත.
ඒ අනුව ක්‍රියාත්මකවු කොළඹ සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සදහා කොස්ගොඩ පොලිසිය වෙත බාරදී තිබේ.
සැකරුවන් දෙදෙනා අද (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම කනවා
ඉවක් බවක් නැතිව කොහේ හරි ගුබ්බෑයමක බොර්ඩ් එකක් ගහගෙන සම්බහාන ආයතන නමින් කරන්නෙ තනිකරම බොරුව. මේ එන පිටරැටියො දන්නෙ නෑ මේ ගුබ්බෑයම් කරන්නෙ කිසිම සුදුසුකමක් නැති මදාවියො කියලා.
මේ සම්බාහන ආයතන නියාමනය කරන්න අපේ ආණ්ඩුවට බැරි ඇයි? කිසිදු ප්‍රමිතියකින් තොරව හතු පිපෙන්නාක්මෙන් එන මේ ආයතන වහාම තහනම් කොට නිසි පියවර ගැනීමට රජය පියවර ගත යුතුය. ඒ සඳහා අපේ චන්දයෙන් සුදුසු සුදුසු බලධාරීන් පත්කර ඇත. නැතහොත් සංචාරක ව්‍යාපාරයටත් කණකොකා තමයි.
මේවගේ දේවල් අනුමත කල හැකිද? සචාරක කර්මාන්තය කොහොම දියුනුකරන්නද මේවගේ මානසික රෝගීන් ගේ ක්‍රියාකලාප නිසා. සංචාරකයෝ මොනවගේ අකල්පද අපි ගැන ඇත්තේ. දැඩි දඩුවම් දිය යුතුයි.