(නාලක සංජීව දහනායක)
ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (2) පැවැසීය.
එබැවින් රජය විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවද හිටපු ජනාධිපතිවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අද (2) පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රැළිය ඇරඹීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොළඹ ලිප්ටන් වටරවුම අසල සිට විරෝධතා පෙළ පාලියකින් එළිමහන් රංගපීඨයට පැමිණියහ. මේ හේතුවෙන් පුරහල අසල දැඩි රථවාහන තද බදයක් ඇතිවිය.
ඡායාරූප - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවත ලබාගැනීම කෙසේවෙතත් දුෂිතයින් සහ ජාතිවාදීන් ඔබතුමා වටා සිටින තුරු බලයට පත්වීමට ගැනනම් ඔබතුමාට සිහිනයක්ම පමණක්ම වනු ඇත.
ඔබතුමා ඇතුළු මේ රටේ හැම නායකයෙක්ම කලේ රටේ සම්පත් විකුනපු එක තමයි. මම ඒකේ පුදුමයක් දකින්නේ නෑ අපේ රට ලෝකෙට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය දකිද්දී. කෙසේ වෙතත් ඔබ මොන සටන් පාඨයක් ගෙනිච්චත් දිනනවා මේ රජය ගැන මහජනතාවට ඇති අප්‍රසාදය එක්ක. එත් රටට ආදරේ කරන පුරවැසියෙක් විදියට මට තියෙන ගැටලුව තමා අපි ලෝකෙට ණය නොවී රට දියුණු කරන දවසක් ඒවිද කියන එක. සමහර විටක අපිට දියුණුවේ නිර්ණායක වෙනස් කරන්න වේවි එදාට. ලෝකෙට ඕන විදියට දියුණු වෙන්න ගිහින් ඇමෙරිකාව වගේ රට වල මිනිස්සු ගොඩක් වස විස කන්න ආහාර කියලා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපේ රට ස්වයං පොෂිත කිරීමක් නිසා ලෝකයේ නිර්ණායක අනුව දියුණු කිරීම නොවේ කියන දේ
ඒක හොඳයි දැන් විකුණමු. පාඩුනම් ගමු. දැන් අපට බය වෙන්න දෙයක් නැහැ
ඒවා ආපසු ගැනීම සඳහා ඔබතුමා මුදල් සොයා ගන්නේ ඔය කියන ජාත්‍යන්තරයෙන් තවත් ණය ලබාගෙනද?
සින්නක්කර දීපුවා මෙයාලා බද්දට දීපු විදියට හරවගත්තලු.. මෙයාල විකුනන්නේ නැහැලු. ඒ නිසා ආපහු ගන්න දෙයක් නම් නැති වෙයි. හැබැයි කොහොමෙන් කොහොමෙන් හරි විකිනිච්ච රට ගොඩගන්න පුලුවන්නම් හොඳය. එත් වටේ ඉන්න පිරිසත් එක්කනම් ඒක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න ටිකක් අමාරුයි.
ඔන්න ඉතින් බොරු ගහන්න ගත්තා. ඔයා ටිකෙන් ටික කලෙත් ඕකම තමයි
ඔක්කොම ආපහු ගන්නවාද? සින්නක්කර විකුනපු ඒවා ආපහු ගන්නවාද?
ආපහු ගන්නවා, සහ ආපහු ගන්න සැලකිලිමත් වෙනවා කියන එක එකක්ද? දෙකෙන්ම කියන්නේ විකුනපු ඉඩම් ආපහු මම ආවාම ගන්නවා කියන එකද?
අයියෝ මේක ජනබලයක් වගේ නං පෙන්නේ නැහැ. සෙනග 2000ක් වත් නැනේ.
බල තණ්හාව තවම අඩු වෙලා නෑ වගේ
මේගොල්ලෝ හිතන්නේ මේ රටේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලාමනේ.
එතුමාට බනින්න නම් පැනලා ලියනවා. නමුත් ඔය ලියන කවුරුත් කියන්නේ නැහැ ඇයි මේ රජය මේවා කරන්න බැහැ පාඩුයි කියල ඔක්කොම විකුණගෙන යන්නේ ඇයි කියලා. රටේ රජයට තියෙන ආදායම් මාර්ග සියල්ල විකුනනවා නම්, ඊළඟට රජයට තම ආදායම් මාර්ගය කරගත හැක්කේ ජනතාව, භාණ්ඩ හෝ සේවා මත යොදන බදු පමණයි. එවන් ක්රමයක ඔබ බදු ගෙවීමට කැමති නම්, ඊළඟට හඬ නැගිය යුත්තේ ඇයි මෙතරම් විශාල මන්ත්‍රී හෝ ඇමති මණ්ඩලයක් අප තබා ගත යුත්තේ කියායි. මොකද රජය සතුව කිසිදු ආයතනයක් නොමැති නම්, මෙතරම් පාර්ලිමේන්තු නියෝජිතයන් ප්‍රමාණයක් අපට අවශ්‍යද? අනෙක මේ තරම් විශාල ආයතන හෝ රටේ මරමස්ථාන අනෙක් විදේශ ජාතීන සතුව පවතින විට, ඒවා පාලනය හෝ නියාමනය කල හැකි උගත්, දැනුවත් පිරිසක් අප පත් කර ඇතිද යන්නද විමසා බැලිය යුතුව තිබේ. රටේ රුපවාහිනි නාලිකා වල යන සාකච්චා බැලු විට අප පත් කර ඇති අයගේ තරම සිත ගත හැක. මිතුරනි අපට කවුරුන්ගේ හෝ වැඩක් නැත, වාද කිරීම නවතා පළමුව රට ඉදිරියට තබන්න.
පළාත් සභා ඡන්දෙ ජනවාරි තියන්න එකඟ වෙන්න කියන්න ඒකාබද්දෙට. රැස්වීම මග අරින්නේ නැතුව. එතකොට බලන්න පුළුවන් ජන බලයේ තරම.
එතකොට අර 2015 ජනවාරි 6 සහ 7 ලියපු චෙක් 4 (කොපි අන්තර් ජාලයේ තියෙන්නෙ ) , ඒ සල්ලිත් ආපහු ගත්ත බැංකුවටම දෙනවද ?
ෂැංග්‍රි එක හදන්න චීනෙට වික්ක හමුදා මූලස්ථාන ඉඩමත් ආපහු ගන්නවද?
ෂැංග්‍රිලා එක එහෙම ආපහු ගනියි නේද?
එතකොට අර රජයට අයත්ව තිබී වෙන රටවල්වලට සහ සමාගම් වලට විකුණා දැමු ගෝල්ෆේස් අවට ඉඩම් ටික ඒ අලුත් ගොඩනැගිලිත් සමගම ආපසු ගන්නවාද ?
ඊළඟපාර නම් ත්‍රිකුණාමලයත් විකුණා එතනත් ඇතුළට වෙන්න එයාර් පොර්ට් එකක් ගහයි...
නියම නායකයෙක් නියම තීරණයක්
මේ හැමෝම කරන්නේ රඟපෑම. ඒත් මේ ආණ්ඩුව කරන වැඩවලින් මිනිස්සු හිඟමනෙනුත් හිඟමනට වැටෙනවා. පොඩි කාර් වල මිල වැඩි කරල මන්ත්‍රී ඇමති වැටුප් 215%කින් වැඩි කරල. මුන්ට වැඩි කරපු වැටුප ගෙවන එක තමයි අපේ වැඩි කරපු බදු මුදල් වලින් කරන්නේ ඉතිං කොච්චර බදු ගැහැවත් මේ රට දියුණු වෙයිද. අනික අපේ ඡන්දෙන් පත් වෙන මේ කාලකණ්නි රටේ මිනිස්සු ගැන අබ ඇටේක තරමට හිතනව නම් මිනිස්සු මේ වගේ අමාරුවෙන් ජීවත්වෙන කාලෙක මෙහෙම තමන්ගේ බඩ වඩා ගනීද. අනික මේ අය රටට මොන සෙතක් කරනවටද මේ මැති ඇමතිලට මෙච්චර පඩි ගෙවන්නේ. මුදල් ආමාත්‍යාංශයේ ඉන්න උන්ටත් රටේ වැදගත් වැඩවලට සල්ලි නැති උනාට මුන්ට වැඩි පඩි දෙන්න සල්ලි තියනවා. මේ වගේ ආණුඩුවකට එරෙහිව නැවත මිනිස්සු නැගිටින එක තමයි හොඳ. ඒ දැං ඉන්න උන්ට වඩා පරණ උන් හොද නිසා නෙමෙයි මේ ආණ්ඩුවෙන් ගැලවිලා අපිට හොදියි බතුයි හරි කන්න පුළුවන් ආර්ථිකයක් ඉතුරුකර ගන්න ඕන නිසා
ශ්‍රීලන්කන් එක අරගෙන මස්සිනාට දීල කරපු හරිය නම් අපි දැක්ක
ඔබ තුමා සින්නක්කරව දීපුවත් අාපහු ගන්නවද?
හොඳ දේට හොඳය කියන්න ඕනේ . අර චීන හෝටලේ ගහන්න දුන්න යුද හමුදා රෝහල , ඕස්ට්‍රේලියාවේ සමාගමකට දුන්න අක්කර 5000, කයිට්ස් දූපත් ටික , චීන සමාගමකට දුන්න කොළඹ වාරයේ ජැටි දෙක , අපහු අරන් පටන් ගත්තනම් කියල වැඩක් නැහැ .
ආපහු ගන්න බලයට එන්න එපාය. ඔයාට ආයේ බලය ලැබෙන්නේ නැහැ.
පොර්ට් සිටි එක චීනෙට විකුණුවේ කවුද. චීනෙන් දේශපාලනයට මුදල් ගත්තේ කවුද. නෙව් යෝර්ක් ටයිම්ස් එකට දාපු නඩුව කෝ . අනේ නිකන් යන්න බොරු වැඩ නොකර. හොරකම් පටන් ගත්තේ ඔබලා. දැන් මුන් ඒක ඉදිරියටම ගෙනියනවා. විමල් වගේ හොරු ඔබේ ළඟ ඉන්නකොට හිතාගන්න පුළුවන් මොකද වෙන්න යන්නේ කියල.
ඔව් ඔව් ඒක හොඳයි..... පළමුවෙන්ම අපි නැවත පවරාගත්ත යුත්තේ ගෝල්ෆේස් හමුදා මූලස්ථාන තිබුණ රටේ වැදගත්ම ස්ථානයයි....... හැබැයි ඉතින් ඔබ තුමා ඒක සින්නක්තරම ෂැන්ග්‍රිලා එකට වික්කා නේද?
මේක මේ දස වසරේ පට්ට පල් බොරුවක් සහ විහිළුවක්... ඕවා කරන්න කලින්, ආදර්ශයක් හැටියට තමාගේ පුතුන්, බැසිල්, ගෝඨා මල්ලිලා විසින් හොරකම් කල රටේ දේපළ ටික ආපහු දෙන්න සලසන්න. මේවා කරන්න බලයට එන්න අවශ්‍ය නැහැ. දැන්ම කරන්න පුළුවන්.
ඔය වැඩේ පටන්ගන්න හොඳම තැන තමා " අපි වැඩක් කරන කොට බල බල හිටියේ නැහැ. ඉල්ලුවා විතරයි දවස් තුනෙන් තීරණයක් අරගෙන දුන්නා" කියලා උජාරුවට කියන අර ෂැන්ග්‍රිල්ලා එකට සින්නක්කර විකුණපු හමුදා මූලස්ථාන ඉඩම සහ චීනෙට සින්නක්කර විකුණපු වරාය නගරයේ ඉඩම ආපහු ගන්න එක...
මම නම් දන්න විදිහට එතුමා බලයේ සිටි කාලේ පසුගිය ආණ්ඩු විකුණන ලද දේවල් ආපසු රජයට පවරා ගත්තා.. කටිටිය චීනෙට වික්කා කිව්ව යුද හමුදා ඉඩමේ ඉදිවුනේ මැලේසියාවට අයත් ෂැන්ග්‍රිල්ලා හෝටලය... අපේ රටේ මිනිස්සු කිසිම දෙයක් හොයලා බලන්නේ නෑ..
ඔය ගොයියා හරියට හීනෙන් බයවෙලා වගේ කතා කරන්නේ.. තමුන්නැහේ කරෙත් විකුණන එකමනේ..
ආපසු එන්නයි, විකුණපුවා ආපසු ගන්නයි උපදෙස් ගන්නේ ලොකු පුතාගෙන්ද? එහෙනම් දෙයියන්ගේම පිහිටයි.
මෙතන අදහස් දක්වලා තිබෙන බහුතරයක් දෙනා, මහබැංකු හොරා "ම්ස්ටර් ක්ලීන්" ය කියල අදහාගෙන ඉන්න වහල්ලු පිරිසක් වගේ පෙනෙන්නේ. මේ මනුස්සයා කෙතරම් අභිමානවත් ප්‍රකාශයක්ද කරලා තියෙන්නේ.. මව්බිම වෙනුවෙන් කණගාටුයි! තවමත් අසමත් යහපාලකයන්ගේ කල් ඉකුත් බොරුවලට මෝහනය වුණු අනුවණයන් පිරිසක් මේ සමාජයේ ඉතිරි වී ඉඳීම ගැන...
මේ වගේ කෙනෙක් අපේ දේශපාලන ඉතිහාසේ කවදාවත් හිටියේ නෑ.
වසර 70ක් පුරා දේශපාලන පවුල් දෙක තුනකට පාලන බලය වරින් වර පවරා, මගේ මව්බිම අද දවසේ ලෝකයේ අන්ත දුෂිත රාජ්‍යයන් වලින් එකක් බවට පත්ව ඇත. ගෙවා නිම කල නොහැකි මහා ණය කන්දකට යටත් කර ඇත. නැවතත් බලය ලබාගැනීමේ උත්සාහය මෙරට කේතුමතී රාජධානියක් කරන්නට බව පවසතත්, අප තේරුම් ගත යුත්තේ ලිහා බලු මල්ල නැවත ඔබා බලන්නට තරම් අප මුග්ධ නොවිය යුතු බවය. වරින් වර මුහුණු වෙනස් කරමින් මේ දුෂිත පැලැන්තිය සමඟ බැඳී පවතින මේ දුෂිත ක්‍රමය වෙනස් කළ යුතුය. අප අත්හදා බැලිය යුත්තේ මේ පවුල්වල මුහුණු වෙනස් කරමින් පාලනය ඔවුන්ට නැවත පැවරීමට නොව සුදුසු ආර්ථික වැඩ පිළිවෙලක් ඇති යහපත් උගත් දේශමාමක මහත්වරුන් සොයා ගැනීමයි. අලුත් මාවතක් තෝරා ගැනීමට අප බිය වන්නේ ඇයි. අප්‍රිකානු රාජ්‍ය පද්ධතියම අන්ත දුෂිතයින් අතට පත්වීම නිසා විනාශ වී ඇති බව අපි දනිමු. අපත් එම මාර්ගයම තෝරා ගත යුතුද?
බොහොම හොඳ අදහසක්. ඔබතුමාට ආපහු බලයට එන්න හැකි උනොත්, ඔබ විසින් විකුණා දැමු රජයේ දේපල මුලින්ම නැවත රජයට පවර ගන්නවා කියලා කිව්වනම් නේද හොඳ?
රාජ්‍ය දේපල සින්නක්කරව සුද්දන්ට විකිණුව ප්‍රථමයා ඔබ නේද ? ආපසු ඒවා පවරාගෙන ප්‍රථමයා වෙනවාද ? බොහෝම හොදයි.
ඒ අයත් එකයි මේ අයත් එකයි.
මෙම නුවන සහ ප්‍රතිපත්ති බලය තිබෙනකොට තිබුනේ නැහැනේ එහෙම වුනානම් අපේ ගෝල්ෆේස් එක ඉස්සරහ පොර්ට් සිටි හැදෙන්නෙත් නැහැ , යුධ හමුධ මුලස්තනෙත් එතනම තිබෙනවා ,
ඔය කතාවලට අපි රැවටුනේ 2010 ට ඉස්සර. අලුත් තිර රචනය සමග අවශ්‍ය වෙනවා