රොමේෂ් මධුෂංඛ
පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේ දී කීවේය.
ප්‍රධාන අමාත්‍යවරයා එසේ කියා සිටියේ පළාතේ තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
‘ඔය කියන අපරාධ කල්ලි කවුරු විසින් පවත්වාගෙන යනවද කියල අපිට කියන්න බැහැ. නමුත් මෙහෙ වැඩිපුර මිනිස්සු හිතන්නේ යුද හමුදාව ඉදිරියටත් මේ ප්‍රදේශවල ඉන්න ඕන නම් මේ වගේ අපරාධ පෙන්නලා මෙහෙම අපරාධ වෙන නිසා යුද හමුදාව ඉන්න ඕන නිසා මේ දේවල් වෙනව කියලයි.
මේ නිසයි අපි පොලිස් බලතල ඉල්ලන්නේ මධ්‍යම රජයෙන් පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන නිසයි මේ ගැටලු පළාත් සභා වෙතට පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරු පළාතේ කුඩා ව්‍යවුහය තුළ පොලිස් බලතල නිසි ලෙස ක්‍රියාවට නංවා සුමාන දෙකෙන් මේ අපරාධ සහ විවිධ කල්ලි නවත්වන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඕක විතරක් ඉල්ලන්නේ.. අපි මේ රටම දෙන්න සූදානං වෙලා ඉන්නේ.. වෙන මොනවත් ඕනෙ නං ලැජ්ජා නැතුව ඉල්ලන්න ඕනෙ.
පොලිසියේ අකාර්යක්ෂමතාවය මහ ඇමතිගේ තර්කය තහවුරු කරයි. රජයේ බලධාරීන් මර නින්දේ...!
පොලිස් බලතල ඉල්ලන අගමැති. වගේ ඉස්සෙල්ලම දැක්කෙ...
දැන් අඩු එච්චරයි.
පළාත් සභා වලට පොලිස් බලතල දීමේ ඇති වැරැද්ද මට නම් තවම තේරෙන්නේ නෑ. වෙන රටවල වගේ නිසි ක්‍රියා පටිපාටියකට අනුව එය ක්‍රියාත්මක කලාම ඉවර නේ. මට පෙනෙන හැටියට මෙතන තියෙන්නේ අන්ත ජාතිවාදීන්ගේ අදුරදර්ශී ක්‍රියාවලියක්. දේශපාලකයින් එය වැරදි විධියට පාවිච්චි කරනවා. රටක් හැටියට ඉදිරියට යන්න නම් ජාතිවාදය අමතක කොට එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිතන්නට කාලය පැමිණ ඇත.
පැරකුම් එකම රටක් එකම ජාතියක් කියලා හිතනවා නම් හිතන්න ඕන මහ ඇමතිතුමා. එක වතාවක් පොලිස් බලතල දීලා වෙච්ච විනාශය අහලා නැත්නම් දෙමව්පියන්ගෙන්වත් අහො දැනගන්න.
මෙයාගේ වෙනම මැර කල්ලියක් ඇති ඔය තරම් ඉක්මනට අනිත් මැර කල්ලි මර්ධනය කරන්න.
පොලිස් බලතල පළාත් සභා වලට දුන්නහම මැජික් වගේ ප්‍රශ්න විසදෙනවද ? මොකටද පලාත් සභාවලට පොලිස් බලතල ? පලාත් සභාවලට හමුදා බලතලත් ඕනද? පොලිසි නැති රටවලුත් ලෝකේ තියෙනවා. ලංකාවෙත් ඒ විදිහට කරමුද ලෝකෙ තියෙන හින්දා? කවුද දැං අන්ත ජාතිවාදීන් ?
බළලා මල්ලෙන් එලියට පැන්නා !!
මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මෙම කල්ලි මෙහෙයවන්නේ ඒවා පහසුවෙන් මර්ධනය කරන්නම් කියන පුද්ගලයන්ම බව. ඒකනේ ඒවා ලේසියෙන්ම මර්ධනය කරන්න පුළුවන් කියන්නේ.
එහෙනම් මේවා කරන්නේ මෙයාද දන්නේ නැ.. පොලිස් බලතල ගන්න ඕනෙවට. හමුදාව ඉන්නේ පොලිසියේ රාජකාරියට නෙමෙයි. පොලිසියට අපරාද මර්දනය කරන්න අමාරු ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මැදිහත්වීම නිසා. පොලිස් බලතල නැතිව තම යුද අතට අරන් LTTE එක බිහිකළේ. පොලිස්බලතලත් තිබුනානම් රජයේ යුද වලින්ම රජයට ගහයි. ලංකාවේ තියෙන වෙන කිසිම ප්‍රාදේශීය සභාවක් පොලිස් බලතල ඉල්ලන්නේ නැහැ. එහෙනම් මෙයාලට විතරක් මොකද ඕනේ? අනෙක මෙයාලට ආයුද අතට අරන් අවුරුදු 30 ක් තිස්සේ කරපු විනාශය මදිවෙලාද? පොලිස් බලතල කියන්නේ මෙයාලට ඕනේ කණ්ඩායම් පොලිසියට දාගන්න පුළුවන් එකෙන් වෙන්නේ වෙනම පාලනයක් ඇති කරගන්න හදන උවමනාව.
එහෙමද ආස!.......... අනේ කමක් නැද්ද? ඡන්දෙ ලංවෙනකොට මොනවා හරි දොඩවනවා...