වතිකාන නගරයේදී (ඒ.එෆ්.පී)
“මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි වතිකානය අද (2) සඳහන් කළේය.
මේ අනුව කතෝලික පල්ලියේ ඉගැන්වීම් යාවත්කාලීන වනු ඇත.
“සුබාරංචියේ ආලෝකය ගැන කතෝලික ඉගැන්වීමක් තිබෙනවා. ඒ අනුව මරණ දඬුවම පිළිගත නොහැක්කක්. මරණ දඬුවම පුද්ගලයකු අභිමානයට සහ ගෞරවයට එල්ල කරන ප්‍රහාරයක්’” යනුවෙන් නව ප්‍රකාශයක් ඇති කර ඇත.
කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට අනුව ඇතැම් අවස්ථාවලදී මරණ දඬුවම පිළිගැනුණි.
ශුද්ධෝත්තම පාප්වහන්සේ මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා තිබිණි.
මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලයේ ඉගැන්වීම ස්ථිතික එසේත් නැතිනම් නිශ්චල බවත් එය නූතන සමාජයට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවත් පාප් වහන්සේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශ කළේය.
දැනට පවතින කතෝලික පල්ලියේ ඉගැන්වීම් පිළිබඳ ප්‍රශ්නෝත්තර සංග්‍රහය මුල් වරට සකස් කරන ලද්දේ 1992 වසරේදීය. ඒ එවකට පාප් ධුරය හෙබවූ අති ශුද්ධෝත්තම දෙවැනි ජෝන් පාවුළු පාප්තුමන් විසිනි.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් මරණ දඩුවමට අකැමති. නමුත් ප්‍රමාද වන්න වන්න රටට සමාජයට වන බාල පරපුරට වන හානිය ගැනිය නොහැකි තරම් වේවි
එතකොට ඇමරිකාව, මැද පෙරදිග රටවල් මේ නීති වලට යටත් නැද්ද?
ඔබතුමන් ජිවත් වෙන යුරෝපයේ වගේ නොවේ මෙහෙ ඉන්න බන්ධනාගාර නිලධාරීන් ගෙන් 90% පගාවට බරය. මොවුන්ගේ සහයෙන් මරණ දඩුවම නියමවුන පාතාලයන් ජංගම දුරකථන මාර්ගයෙන් ගෝලයන් ලවා කොන්ත්‍රාත් ක්‍රමයට මිනි මරවන අතර, කුඩු කාරයෝ කිලෝ ගණන් දිනපතා හිරේ ඉඳන් බිස්නස් කරති, මේවා නිසා වසරකට මනුෂ්‍යයෝ දහසකට වැඩි ප්‍රමාණයක් සෘජුවම සහ වක්‍රාකාරයෙන් මරණය වැලද ගනිති, මනුෂ්‍ය ජිවිත දහසක් බේරා ගැනීම සදහා සමාජ විරෝධින් අතලොස්සකට මරණ දඩුවම දීම වරදක් නැත. මගේ අදහස පුජ්‍ය මැල්කම් රන්ජිත් දේවගැති තුමාද දරති. බුදු දහම අදහන්නන් වශයෙන් අපද මිනිසුන් මරන්න කැමති නැත. නමුත් අපට වෙන විකල්පයක් නැත.
එතකොට පාතාලයන්ට ඔවුන්ට ඕනෑවිදිහට ඕනෑතරම් මිණීමරන්න කුඩු ජාවාරම් කරන්න පුළුවන්.. එතකොට ඔබතුමාගේ මනාපයත් කුඩු කාරයන්ට සහ පාතාලයන්ට තවත් මේ අපරාදවලට වක්‍රව සහයෝගයදීම නේද?
මරණ දඬුවම නොව කිසිම දඬුවමක් දීමට කිසිම ආගමකින් කියවෙන්නේ නැත. ආගම සහ සමාජ නීතිය පටලවාගතහොත් සමාජයේ පරිහානිය ඉක්මනින්ම සිදුවේවි. ධර්මය පිළිපදින්නේ සීමිත පිරිසකි.
"නුතන සමාජයට ගැලපෙන පරිදි ..." යනුවෙනුයි උන් වහන්සේ කියා ඇත්තේ. තේරුම් ගනිමු.
එහෙට එවන්නද කට්ටියම....... තියාගන්න එහෙනම්
අති ගරු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තුමනි!!! ඔබවහන්සේගේ අදහස් සමග අපද එකග වන්නෙමු එමෙන්ම " අපද කිසිවිට තවත් ජීවියකුගේ ප්‍රාණය නැති කරනවාට කිසිදු කැමැත්තක් නොමැතිබවත් " කිවයුතුය. නමුත් අපේ රට මුහුණපා තිබෙන මෙම භයානක උවදුර නැතිකිරීම කෙසේ වෙතත් පාලනය කිරීමට මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකීය සමාජයට යහපතක් වෙනවා යන්න අපගේ එකම බලාපොරොත්තුවයි. ඔබවහන්සේගේ මෙම ප්‍රකාශයේ මෙම සමාජ ව්‍යවසන මුලිකත්වය ගෙන මෙන්ම තිරයේ පිටුපස සිටගෙන සියලුම අන්දමින් උදවු කරන " කාලකන්නි දේශපාලුවන් ගැනත් සදහන් කලානම් " මෙම ලිපියට මොනතරම් වටිනාකමක් ලැබේද යන්න වචනවලින් විස්තර කල නොහැකි බවත් සාමාන්‍ය ලෝකවාසීන් හැටියට අප සියල්ලෝම විස්වාස කරන්නෙමු. අපගේ මාතෘභූමිය මෙම සමාජ විරෝධී උවදුරට ගොදුරුවීමට මුලිකව ක්‍රියා ඇත්තෙත් එසේ කටයුතු කරන්නෙත් " කාලකන්නි මුසල උගත්, නුගත් දේශපාලුවන්වීම " මොනතරම් අවාසනාවක්ද ?????
ඉහත කියා ඇති ආකාරයට බන්ධනාගාර නිලධාරීන් පමණක් නොව අනිකුත් ආයතනද ස්වාධීනද? අහිංසක අයකුට මරණ දඬුමක් ලැබුනොත් වගකීම බාර ගන්නේ කවුද?
"එය නූතන සමාජයට ගැලපෙන පරිදි වෙනස් විය යුතුයි' කියලයි උන් වහන්සේ කියන්නේ...
ඉතිහාසය තුළ නම් ලෝකේ ගෝලාකාරයි කියලා කියපු විද්‍යාඥයින්වත් කතෝලික සභාවෙන් මරන්න හැදුවා. මේ මරන්න හදන්නේ ජීවිත නැතිකරන අයව... කොහොම වුනත් අපේ ජනාධිපතිතුමාගේ කඩුව වැනිල්ල ගැන ලෝකෙම දන්නවා.
කදිනල්තුමෙනි ඔබටත් වෙනස්වෙන්න කාලය ඇවිත් !
අපගේ ශිෂ්ට සම්පන්න සමාජයට මරණ දඩුවම ගැලපෙන්නේ නැත. නමුත් බරපතල අපරාද කර නැවත පුනරුප්තාපනය කල නොහැකි අපරාධකරුවන් සමාජයෙන් වෙන්කර තැබිය යුතුය. මොවුන්ව මෙසේ සමාජයෙන් වෙන්කර තැබීමට නොහැක්කේ අපගේ දුෂිත බන්දනාගාර පාලනය නිසාය. එකට දඩුවම අපරාධකරුවන් මරා දැමීම නොවේ. අපගේ බන්ධනාගාර පාලනය විධිමත් කිරීමයි. බන්ධනාගාරයේ ආරක්ෂාව STF එකට දුන්නනම් හොදයි වගේ.
මිලියන 35 ක් අන්‍ය ආගමිකයන් ඉතිහාසය තුළ මරාදැමූ කතෝලික සභාව දැන් වෙනත් බණක් දේශනා කරනවා.
මරණ දඬුවම එපා නම් එය නීතියෙන්ම අයින් කරන ඕනේ. අපේ නීතියේ තවම එය තිබෙනවා. වැරදි කරුවන්ට තවම එය ලබා දෙනවා. අපේ රටේ දැන් තිබෙන තත්වය අනුව මරණ දඬුවම තිබෙන එක හරි... ඒක ක්‍රියාත්මක නොකිරීම තමයි වරද...
ඇත්තටම මනුෂ්‍ය ජීවිතය පමණක් නොව සතෙකුගේ උවද ජීවිතය උදුරා ගැනීමට තවකෙකුට අයිතිය නැතත් එවැනිම ජීවිතය උදුරා ගැනීමක් නවතා දැමීමට ඇති හැකියාව සලු කොට තැකිය නොහැකි ය.(මත් කුඩු ඇබ්බැහිය-ලමා අපචාර-ස්ත්‍රී දුෂණ මගින්ද එකිනෙකාට තම ජීවිතය අහිමි වෙත්)
අපේ දරුවන්ගේ අනාගතය අදුරු වුණාට කමක් නැද්ද කුඩු කාරයෝ අපරදකාරයෝ වැඩි වෙලා අපේ රට විනාශ වුණාට කමක් නැද්ද අපේ රටේ ඉන්න අපරාද කාරයෝ ටික අරන් ගිහින් කැමති විදියට සලකල තියාගන්න ඔච්ච්ච්ර අමාරුවක් තියනවනම් ජාත්‍යන්තරයට..............