බ්‍රිගේඩියර් දේශප්‍රිය යළි රිමාන්ඩ් ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (09) නියෝග කළේය. 09 August 2017
පහරදීමේ සිද්ධියකට ජනපති ආරක්ෂකයා වැරදිකරුවෙයි කිරිඳිවැල, රදාවාන පාලුපැල්පිටදී එකම පවුලේ මවට පියාට හා දියණියට බැන තර්ජනය කොට පහරදීමේ සිද්ධියකට වැරදිකරුවූ ජනාධිපති ආරක්ෂක අංශයේ කෝප්‍රල්වරයකුට පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය රුපියල් 1000ක දඩයක් හා වසර පහකට අත්හිටවූ මාස 6ක සිරදඬුවමක් නියම කළාය. 09 August 2017
සිසුවියන් අපයෝජනය කළැයි ඇඹිලිපිටි ගුරුවරයාගේ වැඩ තහනම් පාසල් යන වයසේ ගැහැණු දරුවන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම පිළිබඳව චෝදනා ලැබු ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය. 09 August 2017
ශ්‍රිලනිප ඇමැතිවරු ජනපති විශේෂ හමුවක් විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (8) රාත්‍රීයේ ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 August 2017
නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ස්වාධීන ප්‍රකාශයක් කරන්න ඉල්ලයි යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු මුදා හැරියේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීනව ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අද අධිකරණයට දැනුම් දුන්නේය. 08 August 2017
ආරක්ෂාව ඈලියාවට යයි ජනාධිපති ආරක්ෂක අංශ කාර්යාලය සඳහා ගෙන ආ බව කියන ටයිල් කැට දෙලක්ෂයක් පමණ සොරා ගත්තේයැයි සැකපිට නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 August 2017
උඩුවේ ධම්මාලෝක හිමිට විදේශගත වෙන්න අවසර සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප්රචාරක කටයුතු සඳහා විදේශ ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (08) අවසර දුන්නේය. 08 August 2017
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සියයට 400 ප්‍රාග්ධන ලාභයක් අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටේරෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්යක්ෂකවරියක ලෙස සේවය කළ 2014 වර්ෂයේදී සමාගම 400%ක ප්‍රාග්ධන ලාභයක් ලබාගෙන ඇතැයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08)පැවසීය. 08 August 2017
රජරටදී වතුරත් සොරකම් කරති අනුරාධපුර තිසාවැවට මහවැලියෙන් අක්කර අඩි 2000 ක ජල ප්‍රමාණයක් ලබාගත්තද එම ජලයෙන් අක්කර අඩි 1775 ක්ම අස්ථාන ගතවි ඇතැයි මධ්‍යම රජයේ වාරිමාර්ග අධ්යක්ෂ ප්‍රසන්න සිල්වා මහතා පවසයි. 08 August 2017
ආයුධ සමග අයෙක් සැකපිට මිලි මීටර් 0.38 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සමග පාතාල සාමාජිකයකු අද(8) පෙරවරුවේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 August 2017
මත්පෙති හා ගංජා සමග අයෙක් කොටුවෙයි රුපියල් ලක්ෂ 30 ට ආසන්න විස මත්පෙති 2000 ක් කේරළ ගංජා තොගයක් සමග වැල්ලම්පිටිය මෙගොඩ කොළොන්නාව ප්‍රදේශයේ පුද්ගලයකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 August 2017
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස හා අතුරුදන් වූවන් සොයාදෙන ලෙසත් ඉල්ලා අද (8) කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 08 August 2017
බහරේන්හී ලක් කත ගැන තොරතුරු සොයයි බහරේන් රාජ්‍යයේ සල්මානියා රෝහලේ ප්‍රතිකාර ලබන ශී‍්‍ර ලාංකික කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතා සහය පතයි. 08 August 2017
ලොරි-වෑන් අනතුරින් අයෙක් මරුට වවුනියාව ඒ-9 මාර්ගයේ ඩිපෝව ඉදිරිපිටදී අද (08) වෑන් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය කියා පවසයි. 08 August 2017
කාන්තා වැසිකිලියේ කැමරා හැංගුවැයි දොස්තරට නඩු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය. 08 August 2017
විශ්වාසභංගය ගැන තීරණය බ්‍රහස්පතින්දා - කථානායක විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (10) පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත හැකි බව කථානායක කරු ජයසූරිය මහතා අද(8) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 08 August 2017
‘ජනපති සති දෙකක් ඇතුළත තීන්දුවක් ගනීවි‘ - ලක්ෂ්මන් යාපා බැඳුම්කර වංචාව සම්බන්ධව චෝදනාවට ලක් වී සිටින ඇමැතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සති දෙකක් ඇතුළත තීන්දුවක් ගනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. 08 August 2017
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ස්විස් කුමාර් මුදා හැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (8) නියෝග කළේය. 08 August 2017
රවීගේ විශ්වාසභංගය ගැන කතාවක් නෑ විදේශ ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් නොකළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. 08 August 2017
‘ආවා‘ සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි කෝපායි හීදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකිරීමෙ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යාපනය ‘ආවා‘ කල්ලියේ නායක වික්ටර් නිශා ඇතුළු සැකකරුවන් 6 දෙනා පැය 72 රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දී ඇත. 08 August 2017
උතුරු මැද පළාත් සබේ ගාල ගෝට්ටියක් උතුරු මැද පළාත් සභාවේ අද (8) දින පෙරවරුවේදි නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම ගාල ගෝට්ටි හු හඩ සහ ගිනි තැබීම් මධ්‍යයේ විනාඩි 45 කින් අවසන් විය. 08 August 2017
ලංගම බසය ප්‍රපාතයට මාවනැල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් උස්සාපිටිය නගරයේදී අද (08) පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් එක් කාන්තාවක බස් රියට යටවී මියගොස් මගීන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 08 August 2017
කතරගම වන්දනාවේ පැමිණි බස්රියටම යටවී දෙන්නෙක් මරුට කතරගම ඇසල පෙරහර උත්සවයට පැමිණි පිරිසක් තමන් පැමිණි බස් රථය අසල ක්‍රීඩාංගණයේ නිදාගෙන සිටියදී බසය පිටුපසට ධාවනය කිරීමේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 08 August 2017
උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙයි උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. 07 August 2017
රවීට ඉල්ලා අස්වන්නැයි බලපෑම් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළම නායකයින්ගෙන් එල්ලවන බලපෑම් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ. 07 August 2017
බදුරලියේ මාර්ග කොටසක් නායයයි ධාරානිපාත වැසි හේතුවෙන් බදුරලිය, අත්වැල්තොට, දිගන්න මාර්ගයේ මීටර් 50ක පමණ ප්‍රදේශයක් නාය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි. 07 August 2017
ආවා කල්ලියේ හයක් අත්අඩංගුවට ආවා කල්ලියේ නායකයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු කඩු දෙකක් සමඟ පිටකොටුව,යාපනය හා මට්ටක්කුලිය ගත් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි. 07 August 2017
රිය ඇතුළේ දරුවකු මියගිහින් අක්කරපත්තුව ඔලුවිල් ගම්මානයේ දරුවකු (6) තම නිවස අසල තිබු මොටර් රථය තුළට ගොස් දොර වසාගෙන සිටියදි මොටර් රථයෙන් එළියට ඒමට නොහැකිව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 07 August 2017
වීසා නැතිව සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට වීසා නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයකු ගාලූ පාරේ දී අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 07 August 2017
කොරියාවේ කම්හලක නුල් මැෂිමකට හසුවී ලාංකිකයෙක් මරුට කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයකු සේවා ස්ථානයේදී සිදු වූ අනතුරකින් මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 07 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026