( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පොදු දේපළ පනත යටතේ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 5 ක මුදලක් දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක රවී විද්‍යාලංකාර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.
ගොනු කළ පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.
කැරම්බෝඩ් මිළදී ගැනීමේ දී රජයේ මුදල් අවභාවිත කරන ලදැයි චෝදනා කරමින් පැමිණිලිකරු පොදු දේපළ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරිය බව පැමිණිලිකරු කියා සිටී.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුව මුදා හරිනු ලැබීය. ඒ අවස්ථාවේදී මෙම සිද්ධිය පොදු දේපළ පනතට නොවැටෙන බව අධිකරණයෙන් ප‍්‍රකාශ කර ඇත.
එසේ තිබියදී තමන් එම කරුණ යටතේ අත්අඩංගුවට ගැනීමෙන් තම කීර්තිනාමයට හානී සිදු වී ඇතැයි පැමිණිලිකරු කියා සිටී.
එබැවින් ඊට වන්දි හැටියට රුපියල් කෝටි පහක වන්දි මුදලක් වගඋත්තරුවන්ගෙන් අයකර ලබා දෙන ලෙසද පැමිණිලිකරුවන් සිට පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ නඩුවනේ මුලින්ම විශේෂ මහාධිකරණයේ මුලින්ම විභාගයට ගන්න යන්නේ,ඒක කල් දාගන්න කරන උප්පර වැට්ටියක් මේක. අර කතාවට කියනවනේ හොරාට ගණදෙවි නුවණ තියනවා කියලා.
දොයි දොයි දොයි...දොයිය බබා. බයි බයි බයි...බයිය බබා!!!
'සේල්ස් රෙප්' කෙනෙක් හැටියට වැඩ කරල, එංගලන්තයේ ගෙයක් ගන්න හම්බ කරපු සල්ලි වැටෙන්නෙ මොන දේපල යටතටද ?
ආණ්ඩුවේ නොහැකියාව පෙන්නන තවත් තැනක්.
පවු අනේ මෙයාව හිරේ දාන්න එපා මෙයා පවු මෙයා හොරකම් කරලා නැහැ ඉන්සුවරන්ස් කොම්පැනියෙන් හම්බුකරලා තමයි මිලියන් ගණන් වල ගෙවල් හැදුවේ.
කීර්තිනාමය? කාගේ කීර්තිනාමයද?
ඇයි මේ කව්රුත් දන්නේ නැද්ද , මේ කට්ටියම කිසිම දෙයක් කරලා නැහැනේ නඩු දාන්න . පව් වැඩ.
මේ වගේ අයට බල්ටි ගහන්න අපේ රටේ ආණ්ඩුවක්, නීතියක් නැද්ද?
මේ මනුස්සය කොච්චරනම් රටට සේවයක් කරලා තියෙන කෙනෙක්ද අය මෙහෙම මිනිස්සුන්ට නඩු දන්නේ .. අනිවාර්යෙන්ම මේ නඩුව මේ මනුස්සයා දිනනවා ..පව් බොරු චෝදනා දාල රටට වැඩකරන මිනිස්සුන්ගේ කලේ නාස්ති කරනවා