නාලක සංජීව දහනායක
පක්‍ෂග‍්‍රාහීව කටයුතු කිරීම නිසා ඉදිරියේ දී කතානායකතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවද පුදුම වීමට හේතුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (1) පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂය හිමි විපක්‍ෂනායක ධූර ලබා නොදී පක්‍ෂග‍්‍රාහීව කටයුතු කිරීම නිසා කතානායකවරයාට ගරු කතානායකතුමනි කියා ඇමතීමට නොහැකිවන බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
අද තියෙන්නේ සම්පූර්ණයෙන්ම විකෘති වූ පාර්ලිමේන්තුවක්. මේ කැබිනට් මණ්ඩලයත් තනිකරම විකෘතියක්. මේ විකෘති බව නිසා රට නිරන්තරයෙන්ම විවිධ අර්බුදවලට මුහුණ දෙනවා. මේ අර්බුද පිළිබඳව ආණ්ඩුවට ගණනක්වත් නැහැ. පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සැබෑ හඬ නැඟුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ අපියි. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 54 දෙනා පසුගිය අවුරුදු තුනේදි ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට විරුද්ධව හඬ නැඟුවා. නමුත් ආණ්ඩුවට ගැතිකම් කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් කණ්ඩායමක් හා සම්පන්දන් මහතා නියෝජනය කරන විපක්‍ෂය සෑම මොහොතකදීම ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට ක‍්‍රියා කළා.
වර්තමාන විපක්‍ෂනායකවරයාට තිබෙන්නේ උතුරේ ඡන්ද පදනම පමණයි. ඔහු කතාකරන්නේ උතුරු නැගෙනහිර ප‍්‍රශ්න පිළිබඳව පමණයි. පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණත් අපි පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයක් ලෙස කටයුතු කළා. ආණ්ඩුවට එරෙහිව හඬක් නඟන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ අපි පමණයි. ඒ නිසා විපක්‍ෂයේ අයිතිවාසිකම් ඉල්ලා සිටින්න අපිට හොඳටම සුදුසුකම් තිබෙනවා.
අඩුම තරමින් අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් කාලය ලැබෙන්නේ නැහැ. මන්ත‍්‍රීවරුන් 70ක් ඉන්න අපි විවාද වලදි කතාකරන්න කාලය ඉල්ලාගන්න මන්ත‍්‍රීවරුන් 16 ඉන්න සම්පන්දන් මහත්තයා ළඟ රස්තියාදු වෙන්න ඕනෑ. මේ ප‍්‍රශ්න කතානායකතුමා ඉතාම හොඳින් දන්නවා. නමුත් එතුමා පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරනවා. මේ තත්ත්ව මත ඔහුට ගරු කතානායකතුමනි කියන්නත් අමාරුයි. ඔහු මේ විදියට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන්නේ නම් ඉදිරියේදී කතානායකතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවද පුදුම වෙන්න දෙයක් නැහැ.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ඉෂාන් සංජිව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සම්පත් හොරාකන්න බලය නැතුව උණසන්නිපාතය හැදිලා වගෙයි.. හොරුන්ගේ කීමට කිසිම දෙයක් වෙනස් නොකර පාලනය ගෙනයන්න...
චානක්, උණසන්නිපාතය නෙවි ඔබට තිබෙන්නේ. ඔබට ලොකු ඔලුවේ අමාරුවක් තියන බවනම් ෂුවර්. ඔයා ඉන්න ඇමරිකාවේ ඔයාට බෙහෙත් ටිකක් ගන්න දොස්තරලා නැත්ද? අනික් කාරණය නම්, ඔය කමෙන්ට් දාන කොට ලොස් ඇන්ජලිස් කියලා දාන්නේ ඇයි? පොර කියලා පෙන්නන්නද? අපේ අයියලා, අක්කලා, අම්මලා, තාත්තලා මැද පෙරදිග ගියේ තම ශ්‍රමය විකුණා තම පවුල් වලට උපකාර කිරීමටත්, රටට විදේශ විනිමය ලබාදෙන්නත්ය. බටහිර ලෝකයට සහ ඕස්ට්‍රේලියාවට/ නවසීලන්තයට නම් ලාංකිකයෝ ගියේ, දුප්පත් මිනිසුන්ගේ මුදලින්... අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා එම දැනුම විකුණා ආර්තමාර්ථකාමී ජීවිතයක් ගත කිරීමට හෝ හොරෙන් විසා නැතුව පැනලා පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් ගසන්නත්ය. රටකට සහ මිනිස්සුන්ට ගිය කලක්!
මේ දවස්වල අසනීපයක් නැතුව ඇති කාටවත් අපේ සල්ලිවලින් පිටරට ගිහින් කොටි ගණනින් බෙහෙත් ගන්න . ඉක්මනට ආණ්ඩු බලය ගන්න , නැතිනම් කොට උඩ.