මනෝප‍්‍රිය ගුණසේකර
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට ලබන 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කළේය.
මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ කේ. ලසන්ත බණඩාර නමැත්තන්ටය.
එලෙස සිතාසි නිකුත් කරනු ලැබුවේ ත්‍රිපුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසිනි.
2014 පෙබරවාරී මස පළමු වැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුල කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ලිට්රෝ ගෑස් සමාගම කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමට එවූ මුදලින් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් ඇන්ඞ් ස්පා පුද්ගලික සමාගමට යෙදවීම මඟින් අදාළ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන 93ක් සහ සාක්කිකරුවන් 63 දෙනෙකු කැඳවන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මුදල් විශූද්ධිකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන් සිදුකොට ඇති බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී සෙනරත්ගේ ඔය පොඩි ගැහිල්ලක් තව තියනවා බිලියන ගණන්? ඒවා හොයන්න හොරුන්ට, මිනීමරුවන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන්න මදැයි අපිත් ආණ්ඩුවක් හැදුවා.. බඩගින්නට පොල්, කොස් ගෙඩිය කපු කෙනාගේ අතපය කඩලා අන්න හිරේ.. එයාගේ බිරිඳ හිඟමනේ දරුවොත් එක්ක. මේ ලොකු හොරු පිටරටවල ලොකු මන්දිරවල...
කුමන කෛරාටික කමකින් හෝ කට්ටි පනිමින් ඉන්න තවත් කෙනෙක්නේ... තම ඥාතියා රජවෙන්න කලින් මෝටර් බයිසිකලයෙන් ගිය මොහුට තරම් අද කොළඹ හතේ ගෙවල් කාටවත් නැහැ. හොරු අල්ලන්න ආව අයගේ උකුලෙමයි හැංගිලා ඉන්නේ.
කාලයක් රිමාන්ඩ් කරගෙන තබාගෙන ඇපදී එළියට දමනවා.. ඒ කාලය තුළත් හොරුන් වෙනුවෙන් නාස්ති වෙන්නේ මහජන මුදල් ..
එතකොට අර මහා පරිමාණයේ වංචා, දූෂණ කළාය කියලා පට්ට ගහපු කට්ටියට නඩු වැටෙන්නේ කවද්ද අයුබෝවන්?