තඔලගොල්ලැව වැව් බැම්මේ මළ සිරුරක් තඔලගොල්ලැව වැව් බැම්ම මත තිබී නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (13) සොයා ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.පොලිස් දෙපාර්තමේන්තුවේ අංක 119 දුරකතනයට ලද තොරතුරු ඔස්සේ මැදවච්චිය පොලිසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන තිබිණි. 13 August 2017
ඔක්සිජන් සැපයුම නවතයි-ළමයි 60ක් මරුට ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් ඉන්දියාවේ ගොරොක්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුවන් 60දෙනකු දින පහක තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ. 13 August 2017
කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි කළුගඟේ හැරනියාවක ප්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් කෝටි 1500ක 2000ක මහා අලාභයක් අනාගතයේ දී රටට විඳින්නට සිදුවන බව සබරගමු පළාත් සභා එජාප මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා පවසයි. 13 August 2017
ඉන්දූනිසියාවට භුමිකම්පාවක් ඉන්දුනීසියාව ආසන්නයේ රික්ටර් මාපක 6.5ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. 13 August 2017
ත්‍රිකෝණමඩුවේ දැව ජවාරමක් වටලති වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය දැව ජාවාරමක් වටලා ඊට සම්බන්ධ සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 13 August 2017
දකුණු අධිවේගයේ වාහන පහක් ගැටේ දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ 2.6 කණුව ආසන්නයේ දී වාහන පහක් එකිනෙක ගැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි 12 August 2017
බද්දේගමත් තුවක්කු පත්තු වෙයි බද්දේගම ගොඩවත්තේ දී අද අලුයම නාදුනන තුවක්කු කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් විශ්‍රමික නාවික සෙබළකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 12 August 2017
මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි 12 August 2017
උඩ ඉඳන් යටටම හොරකම ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 12 August 2017
අලි රංචුවක් නිසා කුඹුක්වැව බියෙන් බීමට ජලය සොයා ඉබ්බාගමුව කුඹුත්වැව නගරයට වන අලින් පස් දෙනකු අද (12) අලුයම පැමිණිම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි ලෙස බියට පත්වූහ. 12 August 2017
රවීගේ පුටුවට මාරපන රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. 11 August 2017
ලොතරැයි මණ්ඩලය මංගලට රවී කරුණානායක මහතා විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යංශයට ලබා දීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි. 11 August 2017
උමාඔය ව්‍යාපෘතිය නතර කරන්නැයි නීතීඥ සංගමය ඉල්ලයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව බව මේ වනවිට තහවුරු වී ඇති නිසා එම ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් පිරිසක් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළහ. 11 August 2017
තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි. 11 August 2017
කැලණිවැලි මඟේ 13 වැනි දා දුම්රිය ධාවනය නවතී කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරහේන්පිට දුම්රිය ස්ථාන අතර අත්‍යාවශ්‍ය හදිසි මාර්ග නඩත්තු කටයුත්තක් සිදු කිරිම හේතුවෙන් ලබන 13 වැනි දා මාර්ගයේ දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. 11 August 2017
අඟහරුවාදා සිට මගී ප්‍රවාහන බස් වලට ප්‍රමුඛතා මංතීරු මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 11 August 2017
කේරළ ගංජා සමඟ තිදෙනෙක් කොටුවෙති නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එලුතූර් මන්සංදියේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබූහ. 11 August 2017
බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත. 11 August 2017
සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන නතර කරයි සමෘද්ධි අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන නතර කිරීමට ඇමැති එස් බී දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. 10 August 2017
පළාත් සභා ඡන්දය කල් දැමීමට ශ්රීලනිපය විරුද්ධයි පළාත් සභා මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ. 10 August 2017
“සයිටම් අර්බුදය වෛද්‍ය සිසුන්ට ජාතික අපරාධයක් “ සයිටම් අර්බුදය නිසා වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 6,500කට මෙන්ම සයිටම් ආයතනයේ සිසුන්ට ද බරපතල අපරාධයක් සිදු ව ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 10 August 2017
හිටපු පොලිස් පරීක්ෂකට මරණ දඬුවම අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට වරදකරු වූ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (10) මරණ දඬුවම නියම කළේය. 10 August 2017
ලක්ෂ 50ක හෙරොයින් කුලී නිවසකින් මතුවෙයි රුපියල් ලක්ෂ 50ක් වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 4000ක් සමග තිදෙනකු මොරගහහේන වීදියගෝඩ ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 August 2017
සයිටම් ගැන තීරණය කිරිඇල්ල අතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සයිටම් ආයතනයට ලබා දෙනු ලැබූ නීත්‍යානුකූලභාවය ඉවත් කළ හැක්කේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පමණක් බව සයිටම් සිසුවිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 10 August 2017
ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 10 August 2017
විජයදාස සාමූහික වගකීම කඩලා - රාජිත හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ප්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමකැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 10 August 2017
රන් කැබලි සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනකු කොටුවෙයි නීති විරෝධී ලෙස රුපියල් 216000ක් පමණ වටිනා රන් කැබලි දෙකක් චෙන්නායි නුවරට රැගෙන යාමට උත්සාහ කළැයි ඉන්දීය ජාතිකයන් දෙදෙනකු රේගුව මගින් අද(10) අත්අඩංගුවට ගනු ලැබූහ. 10 August 2017
මේක විකුණන ආණ්ඩුවක්-ඇමති සුසිල් පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 10 August 2017
කුණුවලට වෙනම අධිකාරියක් කැළි කසල පිළිබඳව කටයුතු කිරීම සඳහා මධ්‍යම කසල කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව මතුවී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. 10 August 2017
රවීගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු මඟ අහුරති විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටිති. 10 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026