පොලිස් පරීක්ෂකට පහර දුන්නැයි හයක් රිමාන්ඩ් නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී බරපතල තුවාල කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කොල්ල කල්ලියක බව කියන සාමාජිකයින් හයදෙනකු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඒ. ආනන්ද රාජා මහතා අද (16) නියෝග කළේය. 16 August 2017
මුහුදු කූඩැල්ලන් කිලෝ 578ක් සමග තුනක් දැලේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් පේතුරුතුඩුව මුහුදු තීරයේදී අද (16) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 16 August 2017
යෝෂිත රහස් පොලිසියට හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. 16 August 2017
තංගල්ල හිටපු ප්‍රා.සභාපති අත්අඩංගුවට රුපියල් ලක්ෂයක අල්ලස් මුදල් ලබා ගනිද්දී තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය. 16 August 2017
මෝටර් රථවල පැති කණ්ණාඩි ගැලවු පුද්ගලයෙක් අත්අඩංගුවට කොල්ලුපිටිය පොලිස් වසමේ මහ මඟ නතර කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 28 ක පැති කණ්ණාඩි ගැලවු පුද්ගලයෙක් මාළිගාවත්තේ දී අත්අඩංගුවට ගත් කොල්ලුපිටිය කියයි. 16 August 2017
ඔලිම්පියාඩ් ලෝකඩ පදක්කමක් ලංකාවට අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දිල්ෂාන් වීරසිංහ සිසුවා සමත්විය. 16 August 2017
සීනි බද්ද රු.8 කින් නංවයි ආනයනික සීනි කිලෝවක් සඳහා මෙතෙක් අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 8කින් ඉහළ නංවා ඇති බව මුදල් ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි. 16 August 2017
කැබිනට් රැස්වීම රත්වෙයි ඉකුත් රජය සමයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ මාතෘකාව ඊයේ (15) පැවැති කැබිනට් රැස්වීම උණුසුම් කළ බව වාර්තාවේ. 16 August 2017
පළාත් සභා ඡන්දය කල් දානවාට කොමිසම විරුද්ධයි සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය බව කියමින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට එකඟවිය නොහැකියැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 16 August 2017
වැල්ලම්පිටියේ ඝාතනයකට සැකපිට දෙන්නෙක් අත්අඩංගුවට පසුගිය වසරේ නොවැම්බර් 1වැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේ දී තියුණූ ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කරන්දෙණියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 16 August 2017
ජනමත විචාරණයක් එන බව ඇමැති රාජිත කියයි යෝජිත නව ව්‍යවස්ථාව සකස්කිරීමෙන් පසුව ඒ සඳහා ජනමත විචාරයක් පවත්වා එය සම්මත කරගැනීමට ජනාධිපතිවරයා එකඟවු බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 15 August 2017
අවස්ථා දෙකකදී ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කරලා රතුකුරුස සංවිධාන විසින් සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක අවස්ථා දෙකකදී පාට වෙනස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 15 August 2017
ශ්‍රීලනිප තීරණයට එක්සත් ජාතික පෙරමුණේ විරෝධය සියලු පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනයක පැවැත්වීමට අදාලව ගෙන ඒමට යන විසිවැනි සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ. 15 August 2017
උතුරේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ - හමුදාපති උතුරු දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. 15 August 2017
අතුරුදන් වූ සැකකරුගේ මළ සිරුර උයන්වත්තෙන් හමුවෙයි දින හතරක් තිස්සේ අතුරුදන් ව සිටි සැකකරුවකුගේ බව කියන නරක් වූ මළ සිරුරක් උයන්වත්ත වැව් රක්ෂිතයේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි. 15 August 2017
වේයන්ගොඩ වෙඩි තැබීමක් වේයන්ගොඩ ගුවන් පාලම මතදී මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවූ බව පොලිස් ආරංචි කියයි. 15 August 2017
හොර ඔප්පු සැදූ කම්කරු නිලධාරියයෙක් ගැන පැමිණිලි සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට දේපල ණය ලබා ගැනීමේ දී අවශ්‍යවන ඉඩම් ඔප්පු සඳහා හොර ඔප්පු සකස් කර ණය අනුමත කරවා දුන් කම්කරු නිලධාරියකු පිළිබඳව බටහිර කොළඹ සහකාර කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි ලැබී ඇත. 15 August 2017
“උතුරේ මැර වැඩවලට පුනරුත්තාපනය වූවන් සම්බන්ධ නෑ“ යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්තාපනය වූ කිසිදු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කරන බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පවසයි. 15 August 2017
බැඳුම්කර කොමිසමට කැඳවන්නේ අවශ්‍ය අය පමණයි බැඳුම්කර කොමිසමට කැඳවිය යුතු සාක්කිකරුවන් සම්බන්ධයෙන් සහ කොමිසම කළ යුතු කාර්යයන් පිළිබඳව යම් යම් පුද්ගලයින් විවිධ අදහස් හා යෝජනා දුන්නද කොමිසමේ අධිකාරී බලපත්‍රයේ සඳහන් කරුණු හෙළි කර ගැනීම සඳහා කොමිසමට අවශ්‍ය සාක්කිකරුවන් පමණක් කැඳවන බව බැඳුම්කර කොමිසමේ ලේකම්වරයා පවසයි. 15 August 2017
පාර්ශ්ව තුනටම සාධාරණයක් කරන බව වෛද්‍ය සංගමය කියයි සයිටම් ආයතනය හේතුවෙන් අගතියට පත් පාර්ශව තුනටම සාධාරණ විසඳුමක් ලබාදීමට කැපවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවෘත ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 August 2017
ශිරන්තිගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 15 August 2017
මත්පැන් සාදයකට සැරසුණු සිසුන් අත්අඩංගුවට මහනුවර ප්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. 15 August 2017
උත්තර බඳින්න පේෂල ජයරත්නට සති හතරක් අනුරාධපුර නිවත්තකෙචිතිය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුවට සති හතරක් තුළ වගඋත්තර බඳින ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන ඇමති පේෂල ජයරත්න ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කළේය. 15 August 2017
හෙරොයින් සමග තරුණයෙක් කොටුවෙයි අධිවේගී මාර්ගයේ කඩවත - ගාල්ල බස් රථවල ගමන්කරමින් ඉමදුවට හෙරොයින් ගෙනැවිත් අලෙවි කළ 26 හැවිරිදි තරුණයකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි. 15 August 2017
රෝහිත රාජපක්ෂ එෆ්සීඅයිඩියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද (15)පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. 15 August 2017
ඒකාබද්ධයෙන් තවත් 7ක් එන බව ශාන්ත බණ්ඩාර කියයි ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 15 August 2017
ප්‍රමුඛතා මංතීරු ක්‍රමය රටපුරා ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 15 August 2017
තිලක් මාරපන විදේශ ඇමැති ලෙස දිවුරුම් දෙයි නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 15 August 2017
මඩු දේවස්ථානය අසලට මහ වැස්සක් මඩු දේවස්ථානය අවට ප්‍රදේශයට හදිසියේම ඇද වැටුණු ධාරාණිපාත වර්ෂාව නිසා එම දේවස්ථානය අවට ප්‍රදේශය ජලයෙන් යටවිය. 15 August 2017
ශිරන්ති රහස් පොලිසියට හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය. 15 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026