ශිරාන් රණසිංහ
ලංකා විදුලිබල මණ්ඩල සභාපති, සාමාන්‍යාධිකාරි ඇතුළු අංශ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවේ හෙට (7) පෙනී සිටිමට නියමිතය.
එස් පවර් නැමති පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට තුන් අවුරුදු ගිවිසුමකට යෑම,කෙරවලපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම ඇතුළු ගනුදෙනු හා විදුලි ඒකකයක මිල තීරණය කරන ක්‍රමවේදය පිළිබඳ කෝප් කමිටුව මෙහිදී ප්‍රශ්න කිරිමට නියමිතය.
විදුලි ඒකකයක මිල තීරණය කෙරෙන ආකාරය විමසීම සඳහා තමා ඇතුළු විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති නිසා කෝප් කමිටුව හමුවේ හෙට (7) පෙනී සිටින බව ලංවිම සභාපති ඩබ්ලිව්.බී.ගනේගල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd