ප්‍රසාද් මුතුකුඩ
බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මි.මි 6.35 වර්ගයේ ස්වංක්‍රීය කුඩා පිස්තෝලයක් ජීව උණ්ඩයක් සහ මැගසීනයක් ගමන් මල්ලක සඟවාගෙන ඩුබායි බලා පිටත්වීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පියාසර ගුවන් නියමුවෙකු අද (6) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය පවසයි .
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු සැකකරු 55 වියැති රාජගිරිය පදිංචිකරුවෙකි. මොහු මින් පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමු කපිතාන්වරයකු ලෙස සේවයේ නියුතුව සිටි අයෙකි.
ඔහු දැනට කෙන්යා ගුවන් සමාගමක රට අභ්‍යන්තර ගුවන් නියමු කපිතාන්වරයකු ලෙස සේවයේ යෙදෙන බවට පරික්ෂණ වලින් සනාථ වී ඇති බව පොලීසිය කියයි.
සැකකරු සතුව තිබු ගමන් මල්ල කටුනායක ගුවන්තොටුපළ අවසන් දොරටුව අසල ඇති ස්කෑන් යන්ත්‍රයට යොමු කිරීමේදී පොයින්ට් 2.2 උණ්ඩ යෙදවිමට හැකි මෙම ගිනි අවිය මැගසීනය සහ ජීව උණ්ඩය සොයා ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ගුවන් නියමුවා උනත් ගොන් නාම්බෙක්. ස්කෑනර් වැඩ කරන්නෙ නෑ කියල හිතන්ඩ ඇති
මෙහෙ අහු උනේ වාසනාවට ට්‍රාන්සිට් එකේ මාට්ටු උනානම් ඔඵව කඳ දෙපොලෙ
මෙතරම් පළපුරුදු කෙනෙක් කරලා තියෙන්නේ සියදිවි නසා ගත්තා වගේ වැඩක්නේ? අනිත් කාරණය මෙයාට මෙතරම් අමාරුවෙන් පිස්තෝලයක් ඩුබායි වලට ගෙනගොස් විකුණා මුදලක් ලබාගන්න තරම් අවශ්‍යතාවක් නැති බවයි මහේ අදහස? එසේ නම් කවුරුන්හෝ ඔහුගේ ගමන් මල්ල තුලට මෙය දැම්මද?
මේක නම් ඉතා ගැඹුරින් සොයා බැලියයුතු දෙයක්. ගුවන් නියමුවෙක්. ජීව උණ්ඩ සහිත පිස්තෝලයක්. මුළු ගුවන්යානයම ප්‍රාණ ඇපයට අරගෙන කොහාටහරි ප්‍රහාරයක් දෙන්න ගියාවත්ද? ඇමෙරිකාවේ ප්‍රහාරය මතක් වෙනවා.
කාට හරි වැඩක් දෙන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නෙ.