(උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාවේ සිදුවී ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම නගර සභාවේ සේවය කළ ප්‍රධාන ලිපිකරුවන් සිව් දෙනෙකු සහ ආදායම් පාලකවරයකු ඇතුළු තවත් සේවකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය විමර්ශන ආරම්භ කරයි.
මෙම මහා පරිමාණ මුදල් වංචාව සිදුවී ඇති බව කියනුයේ 2013 වසරේ සිට 2018 වසර දක්වා වංචා කර ඇති මුදල රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක් බවට රහස් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී දැනට හෙළිකර ගෙන තිබුණ ද වංචා කර ඇති එම මුදල රුපියල් කෝටි හතකට ආසන්න බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරය මේ මස 10 වැනි දා දක්වා රිමන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු පහක් තිස්සේ රජයේ ආයතන විගණනයක් නොකර හොරා කන්න ඉඩ දීලා දැන් මොන පරීක්ෂණද? ලොකු මිනිසුන්ගේ හොරකම්, මැරකම් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති. පොඩි මිනිහගේ නැති බැරිකමට හොරකමක් ගහක ගෙඩියක් කඩාගත්තොත් ප්‍රසිද්ධියේ දඬුවම් දී හිරේත් දාන අමුතු රටක් මේක...
කුණු වී ඕජස් ගලන ශ්‍රී ලංකා දේශපාලන භුමියේ මෙවැනි සිද්ධීන් ඇතිවීම සාමාන්‍ය දෙයකි. සමස්ථ දේශපාලන දේහය පුරාම පැතිරී ගිය පිළිකාවකින් පෙලෙන මගේ මව්බිම බේරා ගැනීමේ අසීරුම අවස්ථාවට අපි සැම මුහුණ දෙමින් සිටිමු. අප අසල්වැසි රාජ්‍යයක් වන සිංගප්පුරුවේ කැබිනට් මණ්ඩලයේ දෙදෙනෙක් හැරෙන්නට අනෙකුත් කැබිනට් සාමාජිකයින් පශ්චාත් උපාධිධාරින්ය. අපේ පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් 80 කට ආසන්න සංඛාවක් සාපෙළ පවා නැති නූගතුන්ය. එවැනි රටක් මෙවැනි තත්වයකට පත්වීම පුදුමයට කරුණක් නොවේ. විනයක් නැති, ලැජ්ජාවක් නැති, ආත්මාර්ථකාමී මිනිසුන් රැලක් ගාල කඩාගත් හරකුන් රංචුවක් මෙන් සී සී අත යාම ගැන හඬා වැටීමෙන් පලක් නැත. කළයුත්තේ මේ පාලක මුහුණු වෙනස් කිරීම නොව දූෂිත පාලන ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් සොයා අභිනිෂ්ක්‍රමණය කිරීම පමණි.