රොමේෂ් මධුෂංඛ
යාපනය කොටුව ආශ්රිත ප්‍රදේශයන් හි සිදු කරන ලද කැණීම් හා පරික්ෂණ වලදී සොයා ගත් සාධක මත යාපනය කොටුව මීට වසර 2700 කට පෙරදී විශාල වෙළඳපොළක්ව පැවති බවට විශ්වාස කළ හැකි බවට පුරාවිද්‍යාවේ විමර්ශන පිළිබඳ නිලධාරී ආචාර්ය එස්. පුෂ්පරත්නම් මහතා පැවසීය.
යාපනය කොටුව පිළිබඳව එහි පැවති දේශනයකට සහභාගී වෙමින් එස්.පුෂ්පරත්නම් මහතා ඒ බව කියා සිටියේය.
එහිදී ආචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය,
‘මීට වසර 2700 කට පෙර යාපනය කොටුව ආශ්‍රිතව විශාල වෙළඳපොළක් පැවතියා සේම ජනාවාස පිහිටුවා ඇති බවටද සාධක මතුවී ඇති අතරම එම ජනාවාස දකුණු ඉන්දියාව සමඟ මුහුදු මාර්ගයන් ඔස්සේ ඉතා කිට්ටු සබඳකම් පවතා ඇති බවටද ඉගි පලවී ඇති බවයි.
ඊට අමතරව යාපනය කොටුව තුළ විශාල සිර ගෙයක් ද තිබූ බවට සාක්කි ලැබී ඇති හෙයින් පෘතුගීසි සමයේ දී එවැන්නක් සිදුකර ඇති බවටද එහි සිදු කරන ලද කැණීම් වලදී පස්තට්ටු නවයක් හමුවූ බවට ද අදාළ පස් තට්ටු පිළිබඳව ද පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවටද ආචාර්ය එස්.පුෂ්පරත්නම් මහතා වැඩිදුරටත් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2700 කියන්නේ 2500 ට ටිකක් එහා නේද???
මට පොඩි සැකයක් එනවා. යාපනය දෙමළ නිජබිමක් කියන්න මේ ගොල්ල කරන ඇදිල්ලක්ද කියලා. කොහොමද හරියටම 2700ක් පරනයි කියලා කියන්නෙ. පුරාවිද්‍යා නිලධාරීන් මේක ගැන හොදට හොයා බලන්න.
ඔව් යාපනය දෙමළ නිජබිමක් .ඉන්දියාවේ ටමිල්නාඩු වසර 2700 එහා ඉතිහාසයක් තියනවා
යාපනය අර්ධද්වීපයේ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයේ නටබුන් කුරුඳුගොඩ, හුණුගම ඇතුළු බොහෝ තැන්වලදී හමුවී ඇත. දේවානම්පියතිස්ස රජු ජම්බුකෝලයෙහි විහාරස්ථාන කිහිපයක් ඉදි කරන ලද බවත්,මාල්ලක නාග රජු සාලි පබ්බත විහාරය පිහිටුවන ලද බවත් 1 වන අග්ගබෝධි රජු රාජායතන විහාරයේ ධාතු මන්දිරය ගොඩනැඟූ බවත්, මංගල විහාරය ධාතුසේන රජු විසින් ප්‍රතිෂ්ඨාපන කරන ලද බවත්, විජයබාහු රජු විසින් ජම්බුකෝල විහාරය අලුත්වැඩියා කර ඇති බවත්, වෝහාරක තිස්ස රජු විසින් තිස්ස විහාරය වටා තාප්ප ගොඩ නඟන ලද බවත්,කණීට්ට තිස්ස නාගදීපයේ විහාරස්ථානයක් අලුත්වැඩියා කරන ලද බවත් මහා වංශයේ දැක්වෙයි. මෙම විහාරස්ථාන බොහොමයක් අදත් දැකිය හැකි නිසා යාපනයේ ඉතිහාසය පිලිබඳ මේ සොයා ගැනීම් ඉතා වැදගත් වෙයි. මේවා පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදුකර නිවැරදි වාර්තා සම්පාදනය කිරීමද මෙහිදී වැදගත් වෙයි.
කලබල වෙන්න එපා. වෙළඳපොලේ ගහලා නැහැ සිංහලද, දෙමලද, බෞද්ධද, හින්දුද කියලා.
රාවණා රජතුමා සිටියේ වසර 6000 කට පමණ පෙරලු. මහාවංශය ලිව්වෙ විජයගේ ආක්‍රමණයෙන් පසුව. ඒ නිසා අපේ ඉතිහාසය වැසීගොස් කියලා හිතෙනවා. මෙය හෙල අපගේ දෙයක් විය හැකියි
බුදුන්ගේ කාලෙයේ ඉන්දියාවේත් දෙමළ ජාතින් ගැන කිසිම තැනක සඳහන්වෙන්නේ නැති කොට මෙහෙ කොහෙද දෙමල ජාතියක්. ලංකාවේ ජනවාර්ගික සිතියම බැලුවාම 5 හේ ශිෂත්වයට ලියන දරුවෙකු උනත් කියාවි දෙමල ජනයා ඉන්දියාවෙන් ආවා කියලා.