නිමල කොඩිතුවක්කු
ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000ක් වුවද නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙන බවත් මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම ලැබෙන්නේ නැති බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(06) පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිතුමා පැවසුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් යෝජනාවක් නොමැතිව අනුමත නොකර සිටීමට දෙයකුත් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
‘‘ මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවිම පිළිබඳව කැබිනට් මන්ඩලයේදි අනුමත වෙන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම යෝජනාවක් ආවොත් තමයි අනුමත වෙන්න නොදී ඉන්න ඕනෑ. එහෙම යෝජනාවක් නැත්නම් අනුමත නොකරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා එවැනි තීරණයක ඉඳම පිළිබඳවත් අපි සතුටු වෙනවා.
දැන් ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000යි. හැබැයි නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙනවා. මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම නැහැ.
උදාහරණයක් විදියට පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනට මම ගියා. මම යනවිට යන්න ඕනෑ මගේ පෞද්ගලික වාහනේ මගේ වාහනේට තෙල් ගහන්න ඕනෑ මම. මගෙත් එක්ක යන අයට නවාතැන් සපයා ගන්න ඕනෑ මම. ආහාර පාන සපයලා දෙන්න ඕනෑ මම. එහෙම ගැටලූත් තියෙනවා.
බදු බර වැඩිවෙලා තියෙනවා, ණය බර වැඩවෙලා තියෙනවා, ජීවන වියදම ඉහල ගිහින් තියෙනවා. ඒ නිසා ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දි දේශපාළඥයන් පටි තදකරගෙන කොහොම හරි ඒකට මුහුන දෙන්න ඕනෑ. ඒ ආදර්ශය අපි ලබා දෙන්න ඕනෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ දේවල් එළිවෙන යාමෙට කිව්වලු. තමුන්නාන්සේලා කියන්න අපි අහගෙන ඉන්නම්...
මේ මන්ත්‍රීතුමා එයාගේ සල්ලිවලින් තෙල් ගහන්න ඕනෑ, අරව කරන්න ඕනෑ, මේවා කරන්න ඕනෑ කියන්නේ හරියට අපි එයාලට දේශපාලනය කරන්න කිව්වා වගේනේ....
රටේ වැඩි දෙනෙක් දුප්පත් මිනිස්සු. ඒ මිනිසුන්ට ඔය ගොල්ලන්ට ලැබෙන ඔය මොන කෙහෙල්මලක් වත් නැහැ. අනේ බැරිද විහිළුවට වත් අර මැලේසියාවේ මහතීර් මොහොමඩ් ජනාධිපති කළා වගේ අපේ මේ රට ඔය ගොල්ලෝ නිසා හොඳට සංවර්ධනය වුණු නිසා මන්ත්‍රීවරුන්ගේ පඩි 20% කින් අඩු කරන්න...
ජනාධිපතිතුමා කොලේ වහලා ගහන්නේ කියන එක අපිට හොඳටම තේරුණා. එ්ත් ඔබතුමාවත් ඇත්ත ගැන නොකිව්ව එක බරපතල අඩුපාඩුවක්...
සාමාන්‍ය මහජනතාව වන අප නම් කිසිදු අම්බරුවෙකුට කියලා නැහැ... අනේ අපි වෙනුවෙන් සේවය කරන්න අසුචිවලට යන්න හිඟන ඡන්දෙ ඉල්ලන්න කියලා. මේ හරකුන්ම බලෙන්ම කපටි මූසල මුහුණු වහගෙන නරකාදියෙන්... නාවරවලින් නෑවිලා තියෙන පව්කාර ශරීර කූඩු සුදු රෙදිවලින් වහගෙන ජඩ වැඩකරලා බලුපොරයෙන් තේරිලා අතින් කාලා හරක් බලනවා කියකියා දැන් මෙතන නහයෙන් අඬනවා. අම්බරුවන් 225ම හත්මුතු පරම්පරාවටම හම්බ කරගෙන නේද මේ හිඟමන් යදින්නේ..?
ඡන්දේ ඉල්ලන්නේ නැතුව ඉන්න.
ඔය 97,000 යේ වැටුපක් අරගෙනද හිටපු ජනාධිපතිවරයා කෝටි ගණන් හම්බකෙරුවේ?
බොරු කියන්න එපා. වාහන, ඉන්ධන දීමනා, දුරකථන දීමනා ඕනෑම මන්ත්‍රී කෙනෙක්ට හම්බෙනවා. බොරු බිල් දාල තවත් වැඩියෙන් ගානක් හොයා ගන්නවත් එක්ක. දේශපාලකයෙක්ගේ ගාව වැඩ කරන කෙනෙක්ගෙන් ඇහැව්වා නම් තවත් කියයි හම්බ කරන හැටි. ඔතන්ට මරාගෙන යන්නේ ආය වෙන මොනවා කරන්නද.?
මරික්කාර් මහතා, ජනාධිපති කවූද මන්ත්‍රීලා කවූද? මන්ත්රිලට සතයක් වත් නොදුන්නාට අපට කමක් නැත.
සත 5ක් දෙන්න දෙන්න එපා
එතුමා රටේ ජනාදිපති... ඒක මතක තියාගන්න.
මෙයා මේ කියන්නේ නිලයට අයත් ආරක්ෂිත වැඩ පිලිවල ගැනනේ. මොලේ පොඩි උනාට කමක් නැහැ ඇස් දෙකෙන් ලෝකේ තියන අනිකුත් රටවල් දිහා විපරම් කරලා බලන්න. දැන් එතකොට ජනාධිපතිතුමා, කොමිස් ගහනවද? මත් ද්‍රව්‍ය වෙළෙන්දන් ළඟ තියාගෙන ඉන්නවද? සමාජ විරෝදී කීදෙනෙක් එතුමා ළඟ ඉන්නවද? ආරක්ෂා කරනවද? හොයලා බලලා ප්‍රසිද්ධ කරන්න.
සල්ලි නැත්තං පොලොන්නරු නොයන්න තිබුනනෙ. ඔබඑහි ගියේ මොන උලව්වටද? ඒකට ගියත් ඇයි තනියෙන් යන්න බැරිද? ඒ වගේ රස්තියාදුකාර වැඩවලටද මහජන මුදල් වලින් පඩි වැඩිකරන්න කියන්නෙ. දැන්නෙ තේරෙන්නෙ. අනික ජනාධිපති වැඩ කරන්නෙ අගනුවර ඉදල එතුමට නිල නිවසක් දෙන එක වැරදි නෑ. මන්ත්‍රිවරු තමන්ගෙ කොට්ඨාසෙනෙ වැඩ කරන්නෙ. අහවල් දේටද නිල නිවාස? පඩි දේනෙ පාර්පාලිමේන්ර්ලිතු යන්මේන ඇයි ආයෙ පාර්න්තුලිමේන්තුවට යන දවස අනුවත් කුට්ටිය කුට්ටිය හම්බවෙනව නේද? ඒවත් කියන්නකො. ඔබේ කථාව පුරා තිබෙන්නෙ වැටුප් වැඩි කිරීමට ඉඩ නොදීම ගැන ජනාධිපත් සමඟ ඇති වෛරය පමණයි. ඒක අපට හොඳින් පේනවා.
මෙයා සැහෙන කාලෙකින් බැංකු පොත අප්ඩේටිකරල නෑවගේ. රෝහිත අබේගුණවර්ධන මහත්තය මේ පත්තරේටම කියල තියෙනවා හිතන්නබැරි දීමනා තොගයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන බව. මෙයා මේ හිඟාකන්නෙ බොරුකෙල කෙල. ජනාධිපත් තුමාට පහර දෙන්න මේ වගේ හිඟින කථා කියන්න හොඳ නෑ මහත්තයො. මිනිස්සුන්ට මොලේ තියෙනවා. අම්මප. මට හොඳටම විශ්වාසයි.
ඔච්චර සල්ලි වියදම් කරල මොකට උත්සව වලට වනවාද මන්ද .... නොගිහින් ඉඩහන්කෝ බන්... හරියට අපි කිව්වා වගේ ..... කොටින්ම කියනවා නම් පාඩු නම් දේශපාලනය කරන්ඩ එපා ... ගෙදරට වෙලා වෙඩක් කර ගනිල්ලා ... අපිට වැඩ දෙන්නේ නෙතුව...
අනේ අපට රට පාලනය කරන්න දන්නේ නෑ අපි නිකන් ඉන්නවා. ඔයගොල්ලොම හිතලබලන්න හිතට එකගව තමුන්ගේම (මහන්සියෙන් උපයගත්) මුදලින් වේලක් කාපු දවසක් මතකද කියලා ?
ඔබතුමා කිවුවට බදු බර ඔබතුමාට තේරෙනවා කියල නමුත් ඔබතුමා තුන්වේල හොදට කන්න බැරි කමක් නැහැ . නමුත් තුන්වේල යන්තම් කාල ඉන්න පොඩි දරුවෝ මේ ලංකාවේ ඉන්නවා අන්න ඒ ගැන හිතලා රටට වැඩ දායී දෙයක් කරන්න. නැත්නම් ගන්න පඩිය නොගෙන ඉන්න රටට ඒක වත් ඉතුරුයි.
යෝජනාවක් නැතිනම් "ඕනේ කෙනෙක් කොහමද කියන්නේ " සියලු පක්ෂවල නායකයෝ පඩි වැඩි කිරීමට එකඟ උනා කියලා. අනෙක මෙයා කොහොමද කියන්නේ මෙයා පෞද්ගලික මුදලෙන් තෙල් ගහනවා කියලා. ඒවාට පඩියට අමතරව දීමනාවක් ලැබෙනවා තෙල් ගහන්න, ටෙලිෆෝන්, නිවාස, සේවක මණ්ඩලය යනාදී ලෙස සියලුම මන්ත්රිලට.
මන්ත්‍රී වරු තෙල් ගහන්නේ අතේ සල්ලි වලින්ද ? මට හරි හිනා...
අසව් අසව්, මෙන්න මේ දේශප්රේමියටත් 215% පඩි වැඩිවීම ඕනවෙලා වගේ.
එතකොට තීරු බදු රහිත සැප වාහන ලැබෙන්නෙත් අපිටද, නැත්නං ඔයලාටද? මහජන සේවය කියන්නේ අතින් වියදම් කිරීම තමයි. දැන් කාලේ එහම නොවෙයිනේ.
ගරු මන්ත්‍රීතුමා, කරුණාකර සියලුම දීමනා සමඟ ඔබතුමා මහජන නියෝජිතයෙක් විධියට ලබාගන්නා මුදල මාධ්‍යයට කියන්න. රජයේ පහළම ශ්‍රේණියේ සේවකයකුගේ වැටුප හා සසඳා බලමු.
මේ පුද්ගලයාට මම මහතා කීවේ නැත. මුස්ලිම් භක්තිකයෝ එසේ කීවාට කමක් නැත.