බිඟුන් මේනක ගමගේ
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ ට මේ වනවිට රාජ්‍ය නිලධාරින් අසූ හාර දහසක් පමණ නිල වශයෙන් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමට මේ දිනවල පළාත් මට්ටමින් වැඩමුළු පැවැත්වේ.
අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 815 ක් පමණ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර යටතේ මේ වන විට ජාල ගත කර ඇතැයි එම ආයතනය කියයි.
ඉදිරියේදී මෙම සෑම රාජ්‍ය ආයතනයක් සදහාම ව්‍යාපෘතිය පිළිබද පුර්ණ නිපුණතාවයක් සහිත නිලධාරියෙකු බැගින් පත්කිරීමට නියමිත යැයි ද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටලුවකදී උපදෙස් දීමට තමන් නොපැකිලව කටයුතු කරන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු කාංචන තුඩුගල මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මේ 2018 අවුරුද්ද... අපේ රටේ දැනුයි ආණ්ඩුවේ කන්තෝරු හයි ස්පීඩ් නෙට්වර්ක්වලින් සම්බන්ධ කරන්න යන්නේ. උද්ඝෝෂන වලට බයේ මොකක් හරි බොරු ව්‍යාපෘති දියත් කරලා කිසිම සුදුසුකමක්, හැකියාවක් නැති මිනිසුන්ව මේවට යොමු කරනවා. අමුතුවෙන් හයි ස්පීඩ් නෙට්වර්ක් ඕනේ නෑ. ඇයි ඊ මේල් මදිද තොරතුරු හුවමාරු කරන්න. ඒ තරම් වැදගත් බරසාර ඩේටා තියනවද හුවමාරු කරන්න? නිකං ජනතා මුදල් විනාශ නොකර වැදගත් යමක් කරන්න. අවුරුදු 5ක් විතර යයි ඔය වැඩේ කරත්... අර ඕකට වෙනම ගන්නවා කියන නිලධාරියත් අයිස් ගහ ගහා ඉඳියි. ඔන්න ඕකයි රටේ අයි ටී වල හැටි. රැකියා විරහිත උපාධිධාරින්ටත් වැඩක් තියෙන්න එපැයි...
සංවර්ධන නිලධාරි, විශේෂ ව්‍යාපෘති නිලධාරි, දැන් හයි ස්පීඩ් නෙට්වර්ක් නිලධාරි, ජනතාවගේ මුදල් වලින් පඩි. ඊටපස්සේ විශ්‍රාම වැටුප්. ගොඩක් රාජ්‍ය නිලධාරින්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය අන්තිමයි. අනික් එක ඔවුන්ගේ නව තාක්ෂණය පිළිබඳ ඇති ආකල්ප එක්ක මෙවැනි දේ වලට හුරුවෙයි කියා සිතීමට අපහසුයි. තවත් එක සුදු අලියෙක් පමණයි මෙවැනි ව්‍යාපෘති... බොහෝ විට තරුණ පිරිස් බඳවාගත්තත් අනවශ්‍ය සුදුසුකම් සහිත පිරිස් තමයි බඳවාගන්නෙත්. ඔවුන් ඔවුන්ගේ සුදුසුකම් රැකියා පහසුකම් සමග ඇති කලකිරීම නිසා වැදගත් සේවාවක් ලබාදෙන්නේ නෑ ජනතාවට. මෙයයි තත්වය. තව ටික කාලෙකින් දූවිලි බැඳුනු පරිගණක, නෙට්වර්ක් උපකරණ බලාගන්න පුලුවන් වෙයි ආණ්ඩුවේ කන්තෝරුවල මේ ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ...
මේ පළමු වතාව නෙමෙයි... මට මතක විදිහට 2008-2010 කාලවලදී කොරියාවත් එක්ක එකතු වෙලා මේ වැඩේ කළා. ඒ කාලේ වින්ඩෝස් XP PC 10ක් සහ යුනික්ස් සර්වර් එකක් තමයි දැම්මේ. අයි.පී. ටෙලිෆෝනුත් දැම්මා. රජයේ ප්ලෑන් එක වුනේ ඔක්කොම රජයේ ආයතන ජාලගත කරන්න. එ්ත් වැඩක් වුනේ නැහැ... අවුරුද්දෙන් වැඩේ කඩා කප්පල් වුණා. එකට මූලිකම හේතුවක් තමයි රාජ්‍ය සේවකයින්ගේ පරිගණක දැනුම ඉතාම අඩු වීම...
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කරනවානම් ඉතින් අනිවාර්යෙන්ම සුදු අලියෙක්.