විජයදාස අධිකරණ ඇමතිකමට සුදුසු නැතැයි අජිත් කියයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරීමට සුදුසු නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. 17 August 2017
පාදුක්කේ දැරියට දුමින්දගෙන් නව නිවසක් පාදුක්ක මිරියගල්ල දී කිසිවකු විසින් ගිනි තබා විනාශ වූ නිවසේ පදිංචිව සිටි මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දැරිය හමුවීමට පැමිණි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දැරියට නව ඉඩමක් මිලදී ගෙන අංග සම්පූර්ණ නිවසක් ඉදිකර දෙන බවට අද(17) පොරොන්දු විය. 17 August 2017
‘මිලියන 348කට වුණ දේ දන්නේ නෑ‘ පර්පචුවල් හෝල්ඩින්ස් සමාගමට රුපියල් මිලියන 348ක ලාභාංශ ලබා දී ඇතත් එම ලාභාංශවලට සිදුවූ දේ පිළිබඳ තමන් නොදන්නා බව ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසමට අද (17) පැවසීය. 17 August 2017
‘ඉන්දියානු බුද්ධි අංශයෙන් මහින්දට යෝජනාවක් ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගෙනඒමට පෙර ඉන්දියානු බුද්ධි අංශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් කළ බවත් එය පිළිගත්තේ නම් මානව හිමිකම් චෝදනා එල්ලවීම වළක්වා ගැනීමට තිබූ බවත් සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. 17 August 2017
විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත. 17 August 2017
‘ඉවත් වන්නේ මධ්‍යම කාරක සභාවේ තීරණයකින් පමණයි‘ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉන් ඉවත් වන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගතහොත් පමණක් බවත්, එසේ නොමැතිව කිසිවෙකුත් තනි තනියෙන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 17 August 2017
මෙන්ඩිස් සමාගමේ ලිපි ලේඛන බැඳුම්කර කොමිසමට ඩබ්ලිව්. ඇම්. මෙන්ඩිස් සමාගමේ 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මුල්‍ය වාර්තා සහ ලිපි ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (17) එම සමාගමට නියම කළේය. 17 August 2017
“වවුනියාව මණ්ඩපය වන්නි සරසවිය වෙයි“ මෙතෙක් යාපනය විශ්ව විද්‍යාලයේ කොටසක් වශයෙන් පැවති වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය වශයෙන් නව විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගැනීමට තීරණය කර ඇතැයි උසස් අධයාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 17 August 2017
ගම්මිරිස් මිල අඩුවීම ගැන හොයන්න කමිටුවක් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සහ දේශීය වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල පහළ යෑම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට අමාත්‍යවරුන් හය දෙනෙකු ගෙන් යුතු අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇත. 17 August 2017
ලංකාවට තවත් ඔලිම්පියාඩ් ලෝකඩ පදක්කමක් බ්‍රසීලයේ, රියෝ ඩී ජැනයිරෝ නුවරදී පසුගියදා පැවැති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගයේ වයස 20 පහළ තරගයේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික 13 හැවිරිදි සිසුවෙක් සමත් වී ඇත. 17 August 2017
විජයදාසට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මතයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව අද (17) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත විය. 17 August 2017
අනවසරෙන් මත්පෙති විකුණු හිමිකරු අත්අඩංගුවට මානසික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණක් නිකුත් කරන මත් පෙති 1733 ක් සීදුව මීගමුව පාරේ වෙළඳසැළක තිබී එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 17 August 2017
මීගමුවේ හෝටලයක කොටසක් කැඩී තිදෙනෙක් සිරවෙති මීගමුව, පෙරියමුල්ල පාලම අසල හෝටලයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු සිරවී සිටි බවත් ඉන් දෙදෙනකු මුදා ගැනුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 17 August 2017
‘කසලින් විදුලිය නිපදවීම පමා වුණා‘ - පාඨලී අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ වරාය වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන් කසල ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් නොකළ නිසා කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය වසර තුන හතරක් තිස්සේ ප්‍රමාද වූ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද(17) කරදියානේදී පැවසීය. 17 August 2017
නැගෙනහිර විශ්ව විද්‍යාලය වසා දමයි නැගෙනහිර විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තෙක් අද(17) සිට වසා දමන බවට එහි නියෝජ්‍ය උප කුලපති කේ.කරුනාකරන් මහතා පවසයි. 17 August 2017
එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයේදී අධිකරණ ඇමැතිට චෝදනා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ. කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම 10.30ට පමණ ආරම්භ විය. 17 August 2017
උයන්වත්තේ ඝාතනය ගැන පරීක්ෂණ උයන්වත්ත රක්ෂිතයේ දී ඝාතනය කරනු ලැබ සිටි පුද්ගලයකුගේ හිස කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා නාගොඩ මහ රෝහලේ තබා ගැනීමට එහි ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.එම්.ප්‍රනාන්දු මහතා අද(17) තීන්දු කළේය. 17 August 2017
බුලත්සිංහල ඉඩමකින් ජීව උණ්ඩ සොයාගනී බුලත්සිංහල බෝතලේගම කුරුඳු ඉඩමක වළදමා තිබූ ජීව උණ්ඩ 19ක් සොයාගත් බව පොලිසිය පවසයි. 17 August 2017
මෝටර් රිය ඔයට වැටී පිය පුතු මරුට කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ අරන්දර, පිටගල්දෙණියේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගුරුගොඩඔයට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පින්දෙණිය පොලිසිය පවසයි. 17 August 2017
අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය. 17 August 2017
කෝටි 71කට කුමක් වුණාදැයි දන්නේ නෑ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි තමා දන්නේ නැතැයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (16) පැවසීය. 16 August 2017
නාමල් එෆ්සීඅයිඩී නිලධරයකුට තර්ජනය කරලා පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ඊයේ(15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි ආරංචි පවසයි. 16 August 2017
ජවිපෙ සීනුව අතහරින බව විද්‍යාරත්න කියයි ජනතා විමුක්ති පෙරමුණේ සලකුණ වූ සීනුව ලකුණ වෙනුවට පොදු ලකුණක් භාවිතා කොට 2020 දී මැතිවරණයට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා අද(16) හුංගම බටඅත පැවැති ජනහමුවකදී පැවසීය. 16 August 2017
පාරේ මැද තීරුවට සීඝ්‍රගාමී බස් සේවයක් මාර්ගවල මැද තීරුව භාවිත කරමින් සීඝ්‍රගාමී බස් සේවයක් හඳුන්වාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 16 August 2017
අඹේපුස්සේ තෙල් කෝචිචියක් කැඩීමෙන් කෝච්චි පෝලිමක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද(16) සවස අඹේපුස්ස ප්‍රදේශයේදී හදිසි ආපදාවකට ලක්වීමෙන් දුම්රිය මාර්ගයේ ඇති වූ පොයින්ට් දෝෂ සහගත තත්ත්වයක් නිසා දුම්රිය ගමනා ගමනය පැය දෙකක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 16 August 2017
පොලිස්පතිගේ විනය හොයන්න කොමිසමට බැරිලු පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධ කාරණයක් ගැන විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි එහි ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය. 16 August 2017
කූඨ ලේඛණ හැදුවැයි බෞද්ධ සමිතියක හිටපු සභාපති රිමාන්ඩ් ව්‍යාජ අත්සන් යොදා කූඨ ලේඛණ සකස් කර කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ මුදල් රුපියල් දෙලක්ෂ එක්දහස් හයසිය හැත්තෑපහක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එම සමිතියේ හිටපු සභාපතිවරයකු ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (16) නියෝග කළාය. 16 August 2017
කෝටි 1500 ක බදු වංචාවක් ගැන හෙළි කරයි වානේ කම්බි නිෂ්පාදන සමාගම් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 1500 කට අධික මුදලක් නොගෙවා පැහැර හරින බව දුෂණ විරෝධී හඬ සංවිධානය පවසයි. 16 August 2017
සහල් පාලන මිල ඉවතට ආනයනික හා දේශීය සහල් සඳහා පනවා තිබෙන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. 16 August 2017
පොලිස්පතිගේ හැසිරීම ගැටලුවක් කිසිවකු පොලිසිය වද හිසා පමුණුවන බවට චෝදනාවක් ඉදිරිපත් කළහොත් පොලිස්පතිවරයාගේ හැසිරීම නිසා එම චෝදනාව සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 16 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026