(අංජුල මහීක වීරරත්න)
පාර්ලිමේන්තුවේ ඉදිරි කාල සීමාව ඇතුළත කිසිම අමාත්‍යවරයකුගේ හෝ මන්ත්‍රීවරයකුගේ වැටුප වැඩි නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒකමතිකව තීරණය කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ඉදිරියේ මෙම තීරණයට එළඹි බව කී රාජ්‍ය අමාත්‍යවරයා මන්ත්‍රී මණ්ඩලයට තබා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස ඒකමතිකව සම්මත වූ බවද කීය.
2006 වසරේ රාජපක්ෂ රජය විසින් ගෙන ආ නීතියකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප විනිශ්චයකාරවරුන්ගේ වැටුප සමඟ සම්බන්ධ කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය විනිසුරු වැටුප් වැඩිකර නැති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කිරීම පිළිබඳව සාකච්ඡාවක් පමණක් සිදුවී තිබෙන බව සඳහන් කළේය.
නමුත් කිසිදු පඩි වැඩි වීමක් නොකිරීමට අරලියගහ මන්දිරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී තීරණය කෙරුණු බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පිටකෝට්ටේ සිරිකත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම රගපෑම් විතරයි .දැන් මේගොල්ලෝ එකතු වෙලා නෙමෙයිද වැඩිකළේ
මේ වගේ පොකට් මනි වලින් ඇති වැඩේ මොක්කක්ද? අවරුදු 5 ට ගතමන් ටික ගත්තාම පරම්පරා 2ක් ගොඩනේ.......
අම්මෝ ! මිදී තිත්තයි.
දැන් රගමඩලේ තිබෙන්නේ වැටුප් පිළිබද ජවනිකාවයි. එමගින් මහා බැංකු හොරකම, බදු වැඩිකිරීම්, යන එකී මෙකි නොකී සියලුම ජවනිකා "අහිංසක මහජන නරඹන්නන් විසින් අමතක කරනු ඇත.
අනේ මන්ද දැන් එතකොට පඩි වැඩිකරගන්න කියන්නේ ජනතාවද? පව් නේද !