(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම් බදු ප්‍රතිශතය අඩුකිරීමට තීරණයක් ගෙන නැතැයිද එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
දේශීය අදායම් පනතට අනුව මෙතෙක් අයකරන බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදු නොකරන බවද ඇමැතිවරයා කීවේය.
සෞඛ්‍ය ඇමැතිවරයා සහ විශේඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ඉකුත් සිකුරාදා (3) වැනිදා පැවැති සාකච්ඡාවකදී අදායම් බදු ප්‍රතිශතය වෙනස් කිරීමක් ගැන තීන්දුවක් නොගත් බවද මංගල සමරවීර මහතා පැවැසීය.
වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් කරන්නට පෙර සියලු, වෛද්‍යවරුන්ගේ සියලු චැනල් සේවාවන් සඳහා රෝගීන් වෙත රිසිට් පත් නිකුත් කිරීම අනිවාර්ය කරන්න.
"වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද ඇමැතිවරයා කීය." මේකද සමානාත්මතාවය කියන්නෙ. තනිකරම අනික් බදු ගෙවන්නන්ගේ මානව හිමිකම් කඩවෙන දෙයක්.
මොකා නිවැරදි ද ??? මොකා වැරදිද ???
ඉස්සෙල්ලා රජයේ රෝහල් වල දුප්පත් ලෙඩුන්ට හරියට ප්‍රතිකාර කරන එක අනිවාර්ය කරන්න. පිටින් පරීක්ෂණ ගෙනෙන්නේ නැතුව රෝහලේ උපකරණ ක්‍රියා කරන වැඩපිලිවලකට යන්න කියන්න . රෝහල් වලට පිටින් තියෙන පරීක්ෂණාගාර රෝහලේ දොස්තරවරුන්ගේ. ඒ නිසා බදු ගසන්නම ඕන.
මාරු ආණ්ඩුවක් පචෝ මේක, හැමදාම විහිළුවක් නම් ෂුවර් තමා...........
අපි බෙහෙත් නැතුව මැරුණත්, මේ කියන කියන දේට යටවෙන්න එපා.