සුජිත් හේවාජුලිගේ
ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතුවලට උදව්වීමට වසර දෙක තුනකට හෝ මෙරටට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ ගතව සිටින ශ්‍රි ලාංකික ඉංජිනේරුවන්ට අද (6) විවෘත ආරාධනාවක් කළේය.
ජනාධිපතිවරයා එම ආරාධනාව කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අද (6) පැවැති තිරසර සංවර්ධන දැක්ම ජනගත කිරීමේ උත්සවයේදීය.
ජනාධිපතිවරයා එහිදී මෙසේද කීවේය.
‘‘අපි මේ දවස් වල සංවර්ධන වැඩ කටයුතු රාශියකට උරදීලා ඉන්නවා. නමුත් අපට මේ වැඩේ කරන්න ඉංජිනේරුවරුන්ගේ , කාර්මික ශිල්පීන් ලොකු හිඟයක් තියෙනවා.අපේ ඉංජිනේරුවරුන් 10,000ක් පමණ මේ වන විට ඉන්නේ රටින් පිටයි. අවුරුදු දෙක තුනක් හරි මේ රටට ඇවිල්ලා වැඩකර යන්න මම ඒ ඉංජිනේරුවන්ට ආරාධනා කරනවා.
ඒ වගේම රටින් යන්න ඉන්න ඉංජිනේරුවන්ටත් මා කියනවා රට ගැන හිතලා ඒ ගමන ටිකක් ප්‍රමාද කරන්න.‘‘ ජනාධිපතිවරයා කීය.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජනාධිපති තුමෝ, පෙරකළ පිනකට හෝ අපේ දෙමව්පියන්ට වගේම සයිටම් විරෝධීන්ටත්, පින් සිද්ධ වෙන්න පිටරටකට ඇවිල්ලා අපි අපේ අධ්‍යාපන කටයුතුත් කරගෙන රකියාවලුත් කරගෙන සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා. ඒ නිසා අපේ පාඩුවේ අපට ඉන්න දෙන්න. දියුණු රටවල ඉංජිනේරුවෝ, දොස්තරලා පමණක් නොවෙයි, සාමාන්‍ය රැකියාවන් කරන කම්කරුවොත් කාල, ඇඳලා ජීවත් වෙනවා. එසේ වී තිබෙන්නේ මේ දියුණු රටවල දුරදක්නා නුවනක් ඇති ප්‍රඥාවන්ත පාලකයින්ගේ අනාගත සැලසුම් නිසයි. පාලකයෝ පිම්බෙන බොරු සෝබන උත්සව මේ රටවල නැහැ. අපේ දරුවෙකුට ලක්ෂ ගණන් අල්ලස් නොදී රජයේ පාසලක පළමුවෙනි පන්තියට ඇතුලත් කර ගන්න බැරිවී තිබෙන තත්වයන්ට හෝ විසඳුමක් දෙන්න ලංකාවේ පාලකයින්ට බැරි නම්, අනෙක් දේවල් ගැන කවර කතාද මහත්තයෝ? පක්ෂය පමණක් ගොඩනගා ජනතාව මුලා කරන පාලකයෝ වෙනුවට, රටට සේවයක් කරන පාලකයෙක් බිහිවූ දාට කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම ශ්‍රී ලාංකිකයින් රටට ගොඩ බසිනවා නියතයි.
මම දන්නා විදිහට නම් ලංකාවේ හා පිටරට වෙසෙන උගත් බුද්ධිමත් තරුණ පරපුර ඔබ තුමා ජනාධිපති කරවීමට විශාල සේවයක් වගේම කැපවීමක් කළා. ඒ කෙලින් වැඩකරන රාජ්‍ය නායකයෙක් බිහිකර ගැනීමේ අරමුණෙන්. එත්, මඩු වලිගය වනනවා හැර, ඊට එහා සාධාරණයක් නම් ඔවුන්ට ඔබ තුමා අතින් සිදුවුයේ නැහැ. ඔබතුමා ඒ බුද්ධිමත් තරුණ පරපුර අතරමන් කල රාජ්‍ය නායකයා වී හමාරයි. දැන් ඉතින් ඔබ තුමා මේ රටේ උගත්, නුගත් තරුණ පරපුර මෙන්ම වැඩිහිටි පරපුර අතින්ද ප්‍රතික්ෂේපවී හමාරයි. කරුණාකර මින් ඉදිරියටවත් විහිලු කතා නොකියා ගෞරවයෙන් යුතුව විශ්‍රාම යන්න.
රටේ නීතිය පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ක්‍රියාත්මක වෙන තුරු කිසිම රටක සිටින කිසිම ශ්‍රී ලංකික ඉංජිනේරුවෙක් ලංකාවට යන්න එපා. ඔබලාගේ දරුවන්ගේ අනගතය ගැන සිතන්න.
මම ඇමෙරිකාවේ වෙසෙන ඉංජිනේරුවෙක්මි. මෙම තිරසාර වැඩසටහන ඉතා හොද එකක් බව පෙනේ. රටට මෙය ඉතා අවශ්‍යයි.
අඩුගානේ ලංකාවට අවොත් මෙහේ ගන්න වැටුප නැති උනත් පහසුකම් දීලා අපිට රටට වාහනයක් වත් ගේන්න බලපත්තරයක් වත් දේවිද, අවුරුදු 28 තිස්සේ මම රටට විදේශ විනිමය එවලා තියෙනවා මේහේ කට්ට කාලා.
මට මතකයි සිංගප්පූරුවේ අගමැති ඒ කාලේ ඕක කිව්වා..කතාව කොපි කරලා වැඩක් නෑ ...රටේ ඉන්න ඉන්ජිනේරුවන්ගෙන් වැඩක් ගන්න...මම දන්නා ඉංජිනේරුවෝ ඉන්නවා ලංකාවේ හරි හමං රස්සාවක් හොයා ගන්නට බැරිව චාටර් වෙනවා. ඔය හැමෝම මාලදිවයිනට හරි කමක් නෑ යන්ට බලන්නේ...රට තුල නිර්මාණශීලී රැකියා අවස්ථා ඇති නොකර කයිය ගැහුවට වැඩක් නෑ ...පුලුවන්නම් රට පටවන අපේ ගෑණු ටිකට ලංකාවට එන්න කියන්න...අපේ රටේ පවුල් ජීවිත අවුල් වෙලා ...දරුවන්ට අම්මෙක් නෑ ...ස්වාමියාට බිරියක් නෑ ...අම්මට දුවෙක් නෑ ...තමන්ගේ ගෑණි ගෙවල් වල වැඩට ඇරලා බලන්ට ඕනෑ ..එතකොට තේරෙයි..
එහෙම කරන්නේ කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් හොරුනේ
. ඉංජිනේරුවෝ තමයි ලෝකයේ බලන සැම දිසව්වකම, අහසද, සයුරද, ගොඩබිමද තාක්ෂණයෙන් පුරවල මහජනතාවට සියලුම පහසුකම් නිර්මාණය කර සදලා දීල තියෙන්නේ... පහුගිය රජය, දරු බාප්පල නැන්දලා මාමල කරපු පාහරකනුයි, රනිල ඇතුළු මේ ආණ්ඩුව කරන රට විනාස කරන නොමනා වැඩ දෙස බලුවහමයි, පර්ලිමෙන්ත්වේ නැට්ට නටවන ගොන් හොරු රල දැක්කමයි, සංවර්දනයට කිසිම උපකාරයක් නැති GMOA ලෙඩ්ඩු උකසට තිය නටන නැටුම් දිහා බැලුවමයි ලංකාවේ ඔලුව මහන්සි කර ඉගෙන ගෙන පීඩා විදින ඉන්ජිනේරුවොත් පිටරටවල තියෙන විශාල ඉල්ලුමට ගෙන්න ගන්න ඕන කියලයි මේපැත්තේ ඉන්න අයට හිතෙන්නේ.....තක්කඩි රැලකුයි, හොරාකාල සල්ලි හොයපු මැරවර කල්ලියකුයි, ගොන්මන්පිල වීරවංස වගේ මෝඩ කයිවාරු කාරයොයි තමයි බලයේ ප්රවොර්ති පත්‍ර වල, online news වල ඉන්නේ... ජනාදිපති සැබෑවටම ඉංජිනේරුවන්ට දෙන වරප්ප්‍රසාද මොනවද??? අපි අහිංසක ලෙඩ්ඩුන්ගෙන් සූරගේනවත් පොදු මහා ජනතවගෙන්වත්, හොරා නොකා, තත්වයක් ගෞරවයක් එක්ක හොඳට හම්බ කරලා ලංකාවටත් පොඩ්ඩක් නෑදෑ යාලු අයට උදව් කරනවා ... ඒ හොඳටම ඇති රට යන පැත්ත දිහා බැලුවාම ... රටේ මත්කුඩු කාරයොයි, දේසපාලු හොර
රට ගැන හිතල හොරු ටික අල්ලලා ඒ සල්ලි ටික අපහු අරන් බදු අඩු කරලා ඉන්නකෝ මුලින් ම. එතකොට හිතුනොත් එන්නම්.. මොක ද දැන් ලංකාවට ඇවිත් කාර් එකක් වත් ගන්න පලුවන් ද ?
පිටරට ගිය ඉංජිනේරුවෝ වෛද්‍යවරු ඇතුළු උගතුන් ලංකාවට එන්නේ නැත්තේ අට පාස් නැති එවුන්ටයි උන්ගේ හෙන්ච්යියලටයි ඔලුව නවාගෙන තමන්ගේ දැනුම භාවිතා කරන්න බැරි නිසා. මවු රටට සේවය කරන්න වැඩි දෙනා කැමතියි. හැබැයි නුගතුන්ට, කොමිස් කාරයින්ට, දුෂකයන්ට, මත් ද්‍රව්‍ය වෙළදුන්ට, රටේ තියන අමන වැඩ කරන එවුන්ට ඔලුව නමාගෙන කොන්ද පනතියාගෙන වැඩ කරන්න බැරි නිසා එන්නේ නැහැ. ඕක තම තිත්ත ඇත්ත.
මා දන්නා පරිදි විශේෂයෙන් රාජ්‍ය අංශයේ සේවය කරන විශාල ඉංජිනේරුවන් ප්‍රමාණයක් විදේශ ගත වීමට හෝ රාජ්‍ය අංශය හැර යාමට හේතුවී ඇත්තේ එම අංශය කෙරෙහි කිසිදු රාජ්‍ය සැලකිල්ලක් නොදැක්වීමේ හෙතුවවේ. විශේෂයෙන් වාරිමාර්ග, මහවැලි, පළාත් සභා සහ පළාත් ඉංජිනේරු ආයතනයන්හි සේවය කරන (ජල සම්පාදන, ඛනිජ තෙල් හා විදුලි බල නොවන) අයගේ පහසුකම් සහ වැටුප් ඉතාමත් පහල තලයක පවතින අතර විශේෂයෙන් සිවිල් හා කාර්මික ඉංජිනේරුවන්ට මේ තත්වය තදින් බලපා තිබේ. විශේෂයෙන් අනෙකුත් අධ්‍යාපනය ලද්දන් මෙන් ඔවුන්ද තම සංවර්දනය සහ තම දරුවන්ගේ පාසල්, ඉදිරි අධ්‍යාපනය වැනි කාරණා කෙරෙහි වැඩි අවදානයක් යොමු කරයි. දොස්තරලට මෙන් වුර්තීය ක්‍රියාමාර්ග ගෙන තම ඉල්ලීම් දිනා ගත නොහැකි හෙයින් නිහඬවම ඔවුන් රට හැර යාම හෝ ඉවත්ව යාම සිදු කරයි. නමුත් රටකට සංවර්ධනයෙන් දුර යාමට අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය වන ශේත්‍ර සදහා වැඩි සැලකිල්ලක් දැක්වීම රජයක් විසින් කල යුතු ප්‍රදාන කාර්ය වේ. වේදිකා තුල ඉල්ලීම් කල පමණින් ඔවුන් නැවත දුවගෙන නොපැනිනෙනු ඇත.
අපි එන්න ඉස්සෙලා හොරු අල්ල ලා ඉන්න. හොරු එක්ක මොන වැඩ ද?
ලංකාවේ ඉන්ගිනේරුවරු රට යන්නේ ලංකාවේ ඔව්න්ට පිළිගැනීමක් නැති නිසා. ඔවුන්ගෙන් සිදුවෙන සේවය ලංකාවේ මිනිසුන්ට නොතේරුනාට පිටරටවල් හොදට දන්නා නිසා. ඕනෑම රටක් දියුණු කිරීම. එම රටට සෞභාග්‍ය උදාකරවිම. ආර්ථිකය දියුණු කිරීම සියලු වෙන්නේ ඉංජිනේරුවරුන්ගෙන්. නමුත් ලංකාවේ දෙවිවරු වෙලා ඉන්නේ වෙනම කොටසක්.
එයි එයි මෙහෙම බදු ගහන කොට!
ඔබ තුමාගේ යහපාලන බලාපොරොත්තුවෙන් වෙන රටකට යන එක පරක්කු කරලා හිටපු මම යන්තම් මෙහෙ ආවා විතරයි. ජනවාරි අට කල මෝඩකම් අයෙත් කරන්න කියලද මේ කියන්නේ. ගිය අය ගැන හිතන එක පැත්තකට දාලා ඉන්න අය රැක ගන්න.
ඔය කියන ඒවා අහල මමත් අවුරුදු තුනකට කලින් ඇවිල්ල හොඳ පාඩමක් ඉගෙන ගත්තා වැඩි හරියක් ඉන්නේ කිසිම වැඩක් කරන්නේ නැති පුටු රත් කරන අරයගෙ මෙයාගේ ඇඟට බොලේ පාස් කරමින් ඉන්න රැලක්. ඔය ඕවා කියන්න කලින් ඔය කියන ස්ථානවල විනය හා කාර්යක්ෂම බව වැඩිකරන්න ක්‍රම වේදයක් හදන්න. පාරක වාහනයක් පදවන්න තියෙන නීති පද්දතිය හරියට ක්‍රියාත්මක කරන්න , මන්ත්‍රීගේ ඉඳන් රටේ ඉන්න අගමැතිගේ දක්වා පාරේ යනකොට යන වාහන නැති කරලා යන්න කියන්න. මම හිතන්නේ නැහැ මමවත් පිට රට ඉන්න අනිත් අයත් ඔය වචන අහල අපහු එනවා කියලා.
දොස්තරලා රටේ තියාගන්න කියලා ඉල්ලන හැම දොළපිදේනියක්ම දෙනවා. ඒත් ඇත්තටම ඉංජිනේරුවන්ට තමයි පහසුවෙන්ම පිටරටකට ගිහින් පදිංචි වෙන්න පුළුවන්.
රටින් යන්න ඉන්න අය තිය ගන්න ඕන නං රට දියුණු වෙනවා කියලා පෙන්න ලක්ෂණ තියෙන්න ඕන. මේ යන විදිහට එහෙම එකක් පෙන්නේ නැ... රටේ විනය පිරිහෙන කොට දුෂණය වැපිරෙනකොට කිසිම හොඳ මිනිහෙක් මේ රටේ ඉන්නේ නෑ... ඒ නිසා ඔක්කොටම කලින් ඒ ටික හදන්න. එතකොට ඔක්කොම ඉඳියි.
රට ඉන්න අයට කතාකරන්නේ මෙහෙ ඉන්න අයට මක් වෙලාද ? උන් මේ රට දාල ගියේ මේ රටේ තියන කුණුවෙලා තියෙන "සිස්ටම් " එක හින්දා.
රටට ප්‍රශ්නයක් තමයි. රුපියල් 50,000 ක (ඩොලර් 350 ක) ආදායමටත් බදු ගහන කොට ඉන්න අයත්, ලංකාව දාල යන්නේ නැතිව මොනවා කරන්න ද ? මේ විදියට උගතුන් රටේ රඳවා ගන්න පුළුවන් ද?
ඉන්න අයගේනුත් බදු ගහල හම්ඹ කරගන්න දේ ආණ්ඩුවට ගන්න එකේ තව ගිය අය අපහු ඒවිද?
උගත් මිනිසුන් රට යන හේතු හොයලා ඒවාට උත්තර හොයන්න. එතකොට අමුතුවෙන් ආරාධනා කරන්න ඕන නැහැ.
ඇවිල්ල උඩබලාගෙන ඉන්නද ?
ඇවිල්ල උඩබලාගෙන ඉන්නද ?
මේරටේ කිසියම් ව්‍යාපෘතියක් ක්‍රියත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සලකල බලන්නේ එයින් කීයක් සාක්කුවෙ දාගන්න පුලුවන්ද කියන එකයි (මැති ඇමති වරුන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා). ව්‍යාපෘතියෙන් ජන්තාවට අදාල ආයතනයට ලබාදෙන සේවය තියෙන්නෙ අන්තිම තැන. ව්‍යාපෘතිය සදහා භාණ්ඩ සැපයුම් කරුවන්, කොන්ත්‍රාත් කරුවන් තෝරාගැනීමේදීත් ප්‍රධාන සාධකය ඉහත කරුණම තමයි. මේ හේතුව නිසාම ව්‍යාපෘති වල තාක්ෂණික ඇගයීම් කමිටු, ක්‍රියාතමක කිරීමේ අංශ වලට හොද සුදුසුකම් තියෙන ඉංජිනේරුවන් සහ අනෙක් සේවකයන් පත්කරන්නේනෑ, ඒ තමන්ට උවමනා දෑ (තමන්ට අවශ්‍ය සැපයුම් කරුවන් හා කොන්ත්‍රාත් කරුවන් තෝරාගැනීම, ඔවුන්ගේ දෝෂ වාර්තා නොකර සගවා ගැනීම.......) ඔවුන් ලවා ඉටුකරගත නොහැකි නිසා. ගොඩක් සුදුසුකම් තියෙන ඉංජිනේරුවන් රට හැරයන්නේ මේ තත්වය ගැන කලකිරීමෙන්.
අපි අවරුදු දෙකකට එන්නම්. වැටුප ගැන ලොකු සැලකීමක් නැත. අවශ්‍ය මොන ක්ෂේත්රවලද කියල දැන්වීමක් දාන්න. අවශ්‍ය සුදුසුකම් මොනවද කොහොමද සහභාගි වෙන්න ඕනේ කියන දේත් දැනුවත් කරන්න.
විදේශගත වෘතිකයන් එවන විදේශ විනිමය නිසා තමා රට මෙහෙම හරි දුවන්නේ. ඒ අයත් ලංකාවට ආවොත් රට බංකොලොත් වෙනවා. ඒ අය ආවා කියල කරන්න තරම් මහා ලොකු ව්‍යාපෘති කොහෙද ලංකාවේ තියෙන්නේ? එහෙම තිබුණත් ඒවගේ තියෙන දුෂණ වංචා අක්‍රමිකතා දැක්කම ආපහු රට දාලා දුවන්න හිතෙනවා. අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ දෙගොල්ල එකතු වෙලා රට විනාශ කරන ගමන නැවතිලා අලුත් මගකට මේ රට යොමු උන දවසට ඒ හැමෝම එයි රට ගොඩනගන්න.
මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද. රටේ කෘෂිකර්මාන්තය පවා පහළට දමපු රජයකින් කරන ආරාධනා ඉංජිනේරුවෝ බාර ගනීවිද ? ඒ උදවිය රවටන්න බැහැ...... මේ නිකම් කට තියෙන පලියට දෙඩෙව්වට. අද සංවර්ධනය වේගය කීයද 3.6% මේ ඉන්න ඉංජිනේරුවොත් එක්කම තමා 2013 , 2014 සංවර්ධන වේගය 7% ට උඩින් තිබුණේ. රටේ යුද්ධයක් තිබුණු කාලෙත් මෙයට වඩා සංවර්ක්ධනය කෙරුණා. අද රට මෙහෙමවත් දුවන්නේ, පිටරට රැකියා කරලා එවන මුදල නිසා. මේ හදන්නේ එකත් වට්ටලා දමන්න. රටේ ඉංජිනේරුවෝ සහ වෙනත් වෘත්තිකයෝ නැත්ද කියල සංඝණනයක් කරලා බලලද මේ කියන්නේ. මෙහේ ඉන්න උදවියත් හදන්නේ පිටරටක රැකියාවට යන්න. මේ රට ඒ තරම්ම අස්ථිර වෙලා.
එහෙම හිතලා අපිනම් ලංකාවට ආවා දැන් වැලේ වැල් නැහැ මහත්තයෝ. වැඩිකල් ඉන්නේ නැහැ මෙහෙ.
ඉන්න අයට ආරාධනා කරන්න ඉස්සෙල්ලා ඇවිල්ල වැඩකරන්න පුළුවන් තත්වයක් හදන්න. එතකොට ඉබේම ඒවි.
ඔව්වට හිනා වෙනවා මිසක වෙන මොනවද ...
කොහෙද දන්නේ නැහැ ඔය සංවර්ධන වැඩ කටයුතු රාශිය වෙන්නේ, තියෙන ටික නඩත්තු කර ගන්න බැරුව විකුනනවා.
අනේ ඔව්. ඇවිල්ලා බදු පිට බදු ගෙවලා යන්න.
රට රැකියාවල් වලට යන බොහෝ ඉංජිනේරුවන්ට ලැබෙන්නේ තම වෘත්තියට නොගැලෙපෙන ඉංජිනේරුමය නොවන රැකියා බැවින් ඔවුන්ට බොහෝ විට නියම වෘත්තීයමය අත්දැකීම් ලැබෙන්නේ නැත. අද රටේ සිටින ඉංජිනේරුවන් හට මේ රටේම විශාල පරිමාණයේ ව්‍යාපෘති වල සැලසුම්කරණය සහ ඉදි කිරීමේ කටයුතු පිළිබඳව ඉතා හොඳ අත් දැකීම් ලැබේ. දැනට රැකියාවේ නියැලෙන්නේ නැති මෙවැනි අත්දැකීම් බහුල විශ්‍රාමික නිලධාරීන් ඕනෑ තරම් දැකිය හැක. නමුත් මෙරටේ ඉංජිනේරුවන්ට රජයෙන් ලැබෙන්නේ කුඩම්මාගෙ සැලකිලි බව දන්නෝ දනිති. සියළු වරප්‍රසාද ,ඉහල වැටුප් තල සහ උසස් වීමේ අවස්ථා දේශපාලනඥ, විනිසුරු, සහ පරිපාලන සේවයේ අයටය .පිට රට නොයා මෙරටේ සේවය කරන ඉංජිනේරුවන්ට කුඩම්මාගේ සැලකිලි ලබා දෙමින් පිටරට අයට කතා කිරීමෙන් වැඩක් වේයිද ?
බදු පිට බදු ගහලා රට හිඟමනට ඇදලා දාලා, රට ගිහින් දෙයියනේ කියලා කීයක් හරි වැඩිපුර හම්බ කරලා මෙහාට එවන අයටත් ආපහු එන්නලු. මෙහෙ ඇති කෙහෙල්මලකුත් නැහැ, එහෙට වෙලා දෙයියනේ කියලා ඉන්න දෙන්නෙත් නෑ.
ලජ්ජා නැතිව කියන හැටි .... අපිත් රට දාල ආවේ මෙහෙ හොද වෙයි කියලා ... දැන් වැලේ වැල් නැතිව ඉන්නේ. බදු ගෙවල ඉවරයක් නැහැ අනේ මගේ කට.
ජනපති තුමා ඔය කරන ආරාධනය පිලි අරන් මෙහෙ රස්සාවල් දාල ඔහේ ඇවිත් රස්සාවල් හොයාගන්න දේශපාලකයන්ට පුද පුජා පවත්වල වටේ ඉන්න අයට දොළ පිදෙනි දීලා මෙහෙ ගන්න පඩියෙන් බාගයක් වත් ගන්න බැරි රස්සාවකට දුක් විදිනවට වඩා හොදයි මේ තියන රස්සාව කරගන මෙහෙ ඉන්න එක. ලංකාවේ ඉගෙන ගත්ත කෙනාට කිසිම තැනක් හෝ තත්වයක් නැහැ ඒවා සේරම තියෙන්නේ දේශපාලන හෙන්චයියන්ට.
මහත්තයෝ, ඔබතුමා මුලින්ම රට ගැන හිතල කරන්න පුලුවන් යමක් කරන එක තමයි වඩාත් හොද. එතකොට ඉංජිනේරුවෝ අවුරුදු 3ට නෙමේ ජීවිත කාලෙටම නවතින්න එයි
රටේ වෙන කිසි දෙයක් දන්නේ නැති නායකයෙක් ඉන්න රටකට ඇවිත් නායකත්වයක් නැතුව වැඩකරන්නේ කොහොමද. ජාතික සැලැස්මක් නැතිව චන්දය ඉලක්ක කරගෙන රට විකුණලා එහෙන් මෙහෙන් කරන බොරු සංවර්ධන වැඩ වලින් පලක් නැත. කරුණාකරලා අහිංසක ජනතාවත් රටත් අමාරුවේ දමන්න එපා. ජනාධිපති පළමුව කල යුත්තේ හොඳ බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකින් උපදෙස් අරගෙන රටට ගැලපෙන ජාතික සැලැස්මක් හැදිය යුතයි. එයට උපකාර කිරීමට පිටරට වෙසෙන ලංකික බුද්ධිමතුන්ගේ උපකාරය නොමදව ලැබෙනු ඇත.
ඇයි ලංකාවට ඇවිත් අට පාස් උන්ට සර් කියන්නද?
අපි රට ඉඳල එවන ඩොලර් වලින් නේ ඔබ තුමාලා යැපෙන්නේ ඉතින් අපි ඇවිත් කොහොමද
පළමුව ආරාධනාවට ස්තුති කියන්නෙවත් නැත්තේ ඇයි? ඉන්න තැනක වැඩක් කලත් නොකලත් යම්කිසි ස්ථාවර භාවයක් ඉංජිනේරුවන්ට නෙවෙය් පෙදෙරේරුවෙකුට උනත් තියෙන්න ඕන නැද්ද? උදේ ප්‍රතිපත්තිය හවසට වෙනස් වෙනවනම් කාටද හෙටක් ගැන හිතන්න පුළුවන්. පඩි නඩි නෙවෙයි, නිකන් පාන් රාත්තලක් ගන්න කඩේට යන එක ගැන හිතන්න. මුලින්ම ඔය කඩේට යන අතරේ පිටි මිල වැඩි වෙන්න පුළුවන්. පාන් මිල ඉහල යන්න පුළුවන්. අතේ තියන සිල්ලර කාසි මදි වෙලා ATM එකක් හොයාගෙන බැංකුව පැත්තට යනකොට පාතාලේ වෙඩි හුවමාරුවකට මැදි වෙන්න බැරිද? ඒ කලබලේට පාර මාරු වෙනකොට පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ගේ කැබ් එකකට යට වෙලා කකුල කැඩුනත් පොලිසියෙන් පැමිණිල්ල භාර ගන්නේත් නෑ. තුවාලත් එක්කම හිරේ විලංගුවේ වැටෙන්නත් පුළුවන්. හිර කුඩුවේ මදුරු දැල් නැති නිසා මදුරුවෝ කාල ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙත් ඉදල කකුලත් හොද වෙලා ගෙදර එනකොට මේන් ජනාධිපතිතුමා කියනවා සත පහකින් පිටි මිල වැඩිකරන්න දෙන්නේ නෑ කියල. අන්න එකය් තත්වේ.
මට පුළුවනි මිහිමත තියන ඕනෑම දෙයක් මේ උතුමාට දෙන්න හැබැයි මට බැහැ මෙයාට මොළය නං දෙන්න .
කුණු වෙච්ච කේක් ගෙඩියකට අයිසින් දාගෙන කන්න එන්න කියලයි ඔය නොකියා කියන්නේ. වෘතිකයින්ට මේ රටට එන්න කියන්න කලින් තමුන්ගේ රාජකාරිය හරියට කරලා පෙන්නන්න. ඔය වැල් බයිලා අහලම එපාවෙලා අපිට.
හිනාව නවත්තගන්නත් බැහැ අප්ප මේ කතා වලට. මෙහෙම මපට් ෂෝ පිටරටවල් වලත් නැතුව ඇති. හැමෝටම ලැබෙන නිදහස් අදයාපනයෙන් ඉගෙනගෙන තම තමන්ගෙ මහන්සියෙන් නිදහස් අදයාපනයේ අග්‍ර පල නෙලාගෙන රටට වැඩ කරන්න හදන ඒ මිනිස්සුන්ට ගහන්න පුළුවන් තරම් උපරිමෙන්ම ටැක්ස් ගහල පුළුවන් තරම් මානසිකව වට්ටල දැන් කියනවා රටට වැඩක් කරන්න නවතින්න්ලු. ඔය කතා හොඳයි නිදහස් අද්යාපනය ලැබිලත් ඒකෙන් ඉගෙනගන්නෙ නැතුව එක එක ගුබ්බැයම් වල ලැගල බිබී හිටපු, කල්පනා කරල තීරණයක් ගන්න මොලේ කලඳක් නැති, දේශපාලකයන්ට කත අදින බත් බැලයන්ට නම්.
පිරිත් නුල් බඑදගෙන ඉන්න දේසපාලන නායක යන්ට නිවන් සුව පතමි .හොදට හොර කන්න ලැබේව .බුදු සරණි
සලකනවානම් හොඳ අය එවි. එහෙම වෙන්නේ නැහැනේ.
සිංහල භාෂාවේ සජීවී ආකර්ශනීය වචනභාවිතා කරමින් කෙතරම් නම් ව්‍යාපෘති නිදහස ලැබීමෙන් පසු ආරම්භ කර ඇත්ද? බිලියන දහස් ගණනක් විදේශ ණය ගෙන වියදම් කර ඇත්ද? ප්‍රතිඵල ලෙස අද රටට ඉතිරිව ඇත්තේ උසුලා ගත නොහැකි ණය කන්දක් සහ කොලොන්නාවේ කුණු කන්ද වැනි රට පුර පැතුරුණු කුණු කඳු පමණි. ලෝකයේ අන්ත දුෂිත රටවල් හතර අතර එක ස්ථානයක් සහ රෝගී ජනතාවක් පමණි. නොකළ යුතු ව්‍යාපාර කරන සාමාන්‍ය පෙළ හෝ අසමත් නුගතුන් පාර්ලිමේන්තුවට රිංගා ගනිත්දී උගතුන් රට හැරයාම අරුමයක් නොවේ. දිසාපතිවරයා යන සාඩම්බර වචනය වෙනුවට දිසා ලේකම් යනුවෙන් නම් කරත් දී ඔවුන් රට හැර යාම අරුමයක්ද? විෂයක් පිලිබඳ ප්‍රාමාණික විද්වතුන් මායිම් නොකරන දේශපාලකයින් ඉදිරියේ දණ නමන්නට ඔවුන් සුදානම් නැත. මුග්ධයින්ගෙන් පිරුණු රටක් ගොඩ නැගීමේ බලවත් ප්රශ්නය හමුවේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ගෞරවනීය ප්‍රතිචාරයක් ලැබීමට නම් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ට ගෞරවයෙන් සලකන පරිසරයක් පළමුව සුදානම් කල යුතුය. ප්‍රාමාණික විද්වතුන්ට උපදෙස් දෙන ඊනියා දේශපාලකයින් ඉවත්ව ඒ ඒ ව්‍යාපෘති නිදහසේ කර ගෙන යාමට ඉඩ සැලසිය යුතුය.
ලංකාවේ ඉංජිනේරුවන්ට දෙන සොච්චම් පඩිය දැක්කම පිටරට ඉන්න අපේ ඉංජිනේරුවෝ නිවාඩුවකටවත් ලංකාවට එන්න බයවෙයි.
හොද සිහිබුද්ධියෙන් සොයා බැලුවොත් ඇයි වෘතිකයන් තමන්ගේ මව්රට දාල ගියේ සහ එහෙම මව්රට දාල යන්නේ කියලා ? යමක් තේරුම් ගැනීමේ හැකියාව තිබෙන ඕනෑම පුද්ගලයකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.
මේරටේ කිසියම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සලකලා බලන්නේ එයින් කීයක් සාක්කුවෙ දාගන්න පුලුවන්ද කියන එකයි (මැති ඇමති වරුන්ගේ සිට ඉහල නිලදාරීන් දක්වා). ව්‍යාපෘතියෙන් ජනතාවට, අදාල ආයතනයට ලබාදෙන සේවය තියෙන්නෙ අන්තිම තැන.
ඕලෙවල් පාස් නෑති අය ඈමති කරාම, දක්ෂ ඉංජිනේරුවො ඉදීද? අපිට මතකනෙ ගිය ආන්ඩුවෙන් මෙච්චර වහින, රස්නෙ රටකට හදපු බස් ස්ටෑන්ඩ් එක.?
එහේම ආපු අයට කරපු දෙවල් පත්තරෙ තිබුනේ නැද්ද?
මෙහි තබා තිබෙන්න සටහන් සියල්ලම ජනාදිපතිතුමාට කියවන්න ඉඩප්රස්ථාව ලැබුනොත් හොදයි. ඇත්ත තිත්තයි.
මට හැමදෙයක්ම දීපු මව්බිම වෙනුවෙන් ඕනෑම කට්ටක් කන්න ලැහැස්තියි, එත් ඔබතුමාට කියන්න පුලුවන්ද මට ඇවිත් මොනාද කරන්න තියෙන්නේ කියලා?
ලංකාවට එන්න? ඊට හොදයි අප්‍රිකාවට යනවා.
මමනම් කියන්නේ ඉන්න අයටත් කොහොම හරි යන්න කියලා. කොහොමත් මේ ඉන්න හොර හැත්ත රට නැතිකරලා ඉවරයි.
අපේ රට පොඩි රටක්. රට යටිතල පහසුකම් දියුණු කරගත්තොත් රට දියුණු කරන එක අමාරු නෑ. මමත් ඕස්ට්‍රේලියාවේ වැඩකරන ඉංජිනේරුවෙක්. මමත් කමතියි ලංකාවේ රිය අනතුරු අඩු කරන්න වැඩ කරන්න. රටේ තියන වංචා දුෂණ වෙන තරමට ව්‍යාපෘති කරන්න සල්ලි තියෙයි ද?
මගේ මාමා කෙනෙකු යුරෝපයේ වැඩකරලා හොදට හම්බකරලා, ලංකාවට ඇවිත් ඉන්නවා. එයා අවුරුද්දකට කලින්, මහාමාර්ග ඉදිකිරීමේදී නවීන තාක්ෂණය, පදිකයන් වෙනුවෙන් මාර්ගයේ එක් පැත්තක හෝ මංතීරුවක් ඉදිකිරීම, හිරු එලියෙන් ක්‍රියාත්මක වන මාර්ග සංඥා, ඉවතලන රේල්පීලි භාවිතයෙන් ආරක්ශිත වැටවල් ඉදිකිරීම් ගැන ප්‍රොජෙක්ට් රිපෝර්ට් එකක් දීලා, අවශ්‍යනම් ස්වෙච්චාවෙන් වැඩකරන්නම් කියලත් ලියපු ලිපියක් මහාමාර්ග අමාත්‍යාංශයට යවලා ඒත් තවමනම් නැහැ පිලිතුරක්..