( ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඩුරක් ගැට ගැසීම සදහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියෙකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 09 වනදා වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කර ඇත.
එසේ රිමාන්ඩ් භාරයටපත් කෙරුණේ දෙවිනුවර පදිංචිරාම ක්රිෂ්ණතේනබදු නැමැති දෙවිනුවර මහදේවාලයේ ප්‍රධාන කපුමහතාය.
ඔහු ගන්දර පොලීසියේ ස්ථානාධිපති විපුල දසනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඉකුත් සිකුරාදා(03) රාත්‍රියේ එම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවයේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පැවැත්වීමට පෙර මෙම සිද්ධිය සිදු වී තිබෙන බවත් සැකකාර කපුවාගේ ප්‍රහාරයට ලක්වු බව කියන හොරපාවිට ,බමුණුගම පදිංචි බුද්ධික චන්ද්කුමාරහිත්තැටියගේ (44) මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහරෝහල වෙත ඇතුළත්කර සිටින බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
අකුරැස්සලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකු ලෙස රැකියාව කරන ඔහු සිය බිරිද හා දරුවන් සිව් දෙනා සමග දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වැද පුදා ගැනීමට ගොස් සිටි අවස්ථාවේ පූජා වට්ටියට තබන ලද පඩුරු කාසියත් ත්‍රීරෝද රථයේ ගැට ගැසීම සදහා ප්‍රධාන කපුවාගෙන් රෙදි කැබැල්ලක් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇත.
දකුණු පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්.ප්‍රනාන්දු මහතාගේඋපදෙස් මත මාතර කොට්ඨාසයභාර පොලිස්අධිකාරී ගයංග හසන්ත මාරපනමහතාගේ අධීක්ෂණය යටතේ ගන්දර පොලීසියේ වැඩබලන ස්ථානාධිපති විපුල දසනායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජේ.සී.අලවත්ත,උපපොලිස් පරීක්ෂක සුනිල් බැට්ටගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙම සිද්ධිය පිලිබඳවවැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කපුවද එතකොට දෙයියන්ට කන්නලව් කරන්නේ? අනේ අපේ මිනිස්සු කවද තේරුම් ගනියිද මෙව්වා? මොන දේව පිහිටක්ද මේ විදියට ලැබෙන්නේ ?
වදින්න ගිය දේවාලේ ඔලුවට ගඩාගෙන වැටුනා.
නවීන තාක්ෂණයේ දීප්තිමත් ආලෝක කදම්භයට බියවී තිර හතකින් යුත් අඳුරු කුටියක මුළු ගැන්වෙන දෙවියන්ට යදින කපුවන් ගැන කුමන කතාද?
වදින්න ගිය දේවාලෙ ඉහෙ කඩා ගෙන වැටුනා
දේව නියෝජිතයෙක් මේ වගේ හැසිරෙයිද ?
ප්‍රශ්නයක් නෑ... දෙවියො බේර ගනී. ලෝයර් කෙනෙක් ඕනෙත් නෑ.
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද වන සිව්පාවුන් වැනි කපුවන් ඇත.
"අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ" කීවේ ඕකයි. චතුරාර්ය සත්‍යය වගේ ලෝකෙටම සරිලන ඉගැන්වීමක් උත්පත්තියෙන්ම උරුම කරගෙන තියෙද්දී අවබෝධ කර ගැනීමේ අමාරුකම නිසා ඒගැන සලකන්නේ නැතුව ක්ෂණික පිළියම් සොයා කාලයත් ධනයත් අපතේ යවමින් මේවගේ කපටින් පස්සේ යන අහිංසක මිනිස්සුන් දැනුවත් කිරීම තමා අත්‍යාවශ්‍ය.
හොද වැඩේ. මෝඩ දේවල් අදහන්න යද්දී ඔළුවට ගහල මදි...ඔයි කපුවෝ කරන ඒවා විශ්වාස කරන්න පුලුවන්ද?
දෙවියන්ගේ ගෝලයන්ට නීතය ක්‍රියාත්මක වෙන්නේ පරක්කුවෙලා මේ ගැනත් හොයල බලන්න දේවාලයේ උත්සවයේ කටයුතු ඉවරවෙකල් අත්අඩංගුවට ගන්න බැහැ කියල මොන පොතේ ද තියෙන්නේ
දෙවියන්ගේ ගෝලයන්ට නීතය ක්‍රියාත්මක වෙන්නේ පරක්කුවෙලා මේ ගැනත් හොයල බලන්න දේවාලයේ උත්සවයේ කටයුතු ඉවරවෙකල් අත්අඩංගුවට ගන්න බැහැ කියල මොන පොතේ ද තියෙන්නේ
ඒ ගමනනම් කපුවා කපෝති? රිමාන්ඩ් එකෙත් දේවාලයක් හදල දුන්නම් හරි හොර කපුවට.
කපුවා කපෝති!!