(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන්ගෙන් අයකරන ආදායම් බද්ද සියයට 15 දක්වා අඩුකරකරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද (6) පැවැසීය.
වෛද්‍යවරුන්ගේ අදායම මත අයකරන සියයට 24 බද්ද පමීට පෙර සියයට 12 දක්වා අඩු කරන ලෙස වෛද්‍යවරුන්ගේ ඉල්ලීම සලකා බලා එම පියවර ගත් බවද රාජිත සේනාරත්න මහතා කීය.
වෛද්‍යවරුන්ගෙන් සිදුවන සේවය සලකා බලා ඔවුන්ගෙන් අයකරන අදායම් බද්ද සියයට 15 දක්වා අඩුකළ බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත් දොස්තර මාෆියාවට නම් බයයි වගේ? ලංකාවේ ජීවත් වෙන්න නම් ඉතින් මාෆියා කල්ලියක සාමාජිකයෙක් වීම අනිවාර්ය වී තිබෙන යුගයක් මේක?
මෙයා කවුද මුදල් අමාත්‍යංශයේ වැඩ වලට අත දමන්න. මෙයාව කස්ටිය අන්දවලා තියෙන්නේ ඊළඟ ජනාධිපති කියලා.
අනිකුත් වෘතිකයින්ගෙන් අය කරන බදු අඩු කරන්නේ නැත්තේ ඒ අයට වර්ජනය කර තමන්ගේ බලය පෙන්විය නොහැකි නිසාද? මා සිතන්නේ විශේෂ කණ්ඩායම් වල අසාදාරන ඉල්ලීම් ඉදිරියේ දෙකට නැමෙන මෙවැනි රජයක් මින් පෙර තිබුනේ නැත කියයි. ඊටත් වඩා විහිළුව වන්නේ රජයේ සෞඛ්‍ය ඇමති මේ පිළිබඳව එක ප්රකාශනයක් නිකුත් කරන විට, එම රජයේම මුදල් ඇමති ඊට හාත්පස වෙනස් ප්රකාශනයක් නිකුත් කිරීමයි.
හැමදෙනාටම එකම බදු ක්‍රමයක් තිබියයුතුයි. දොස්තරට එකයි , ව්‍යාපාරිකයාට එකයි කියල වෙනසක් නොතිබිය යුතුයි. නැතිනම් අනිත් අය බදු වංචාවන්ට පෙලබෙන බව රජය දැනගතයුයුයි.
මෙයා ගේ ඇමති කම මොකක්ද? සර්ව බලදාරී ඇමතිද?
වෛද්‍යවරුන්ගෙන් අයකරන ආදායම් බද්ද අඩු කරන්නේ මොකටද? මම ළඟදී දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගත්තා. ඒත් සල්ලි අරගෙන ලාච්චුවේ දා ගත්තා විනා කිසිම බිලක් දුන්නේ නැහැ. ඇත්තටම වැඩි අදායම් ගන්න මේ වගේ අයගේ බද්ධ වැඩි කල යුතු නේද?
වෛද්‍ය වරුන්ට අනූව රටට සේවය කරන එකම පිරිස වෛද්‍යවරු විතරයි. ඒක තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්න. ඉන්න ඕනි පුද්ගලයෝ රටේ නැති නිසා තම රටට මෙහෙම වෙලා තියෙන්නේ. වෛද්‍යවරු අවතක්සේරු කරනවා නොව ඔවුන් මෙන්ම රටට සේවය කරන පිරිස් ඕනා තරම් ඇත.
මේකද සමානාත්මතාවය කියන්නෙ. තනිකරම අනික් බදු ගෙවන්නන්ගේ මානව හිමිකම් කඩවෙන දෙයක්.
වෛද්‍යවරුන්ට රෝගීන් සුව කරන චේතනාවක් නැති නිසා බදු ගැහැව්වට කමක් නැහැ. කිසිම අනුකම්පාවක් නැතුව අසරණ ලෙඩුන්ට වෛද්‍ය වාර්තා ගෙනෙන්න කියනවා කොමිස් ගහන්න. ලෙඩා මැරුණත් එකයි මුදල් හම්බ කරන චේතනාව තමයි තියෙන්නේ. ඔය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල. අසරණ රෝගියෙක් ඇතුලත් කලාම ලොක්ක එනකල් බෙහෙතක් දෙන්න කෙනෙක් නැහැ. පෙළක් ලෙඩ්ඩු පසුවදා වෙනකල් ඇතුලත් වෙලා ඉන්නවා බෙහෙතක් කරගන්න. මේවා හොයලා බලන්න. හැබයි පුද්ගලික කඩේ නම් හවස 5 වෙනකොට ඇරලා බෙහෙත් දෙනවා.
මෙය අන් ක්ෂේත්‍ර වල අයගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක්, සැමටම අඩු කල යුතුය.
සත 5 කට විස්වස්ස කරන්න එපා.....
වෛද්‍ය වෘත්තීය සමිති වලට ඇති බය නිසා මෙසේ කලත් මෙය පැහැදිලිවම අන්‍ය ක්ෂේත්රවල සේවයෙහි නිරත වන අයගේ අයිතීන් උල්ලංඝනය කිරීමකි. මෙය කිසිසේත් විය යුත්තක් නොවේ.
ඔබතුමයි , මුදල් ඈමතියි තරහද? කෑබිනට් එකේ කතා කරන්නෙ නෑද්ද? එතුමා කිව්වනේ බද්ද අයින් කරන්නෙ නෑ කියලා. අපිට පිස්සු හෑදෙනවා. කරුනාකරලා දෙන්න එක්ක ඈතුලෙ කතා වෙලා මාධ්‍ය ශෝ එක තියෙනවද?
වෛද්‍ය සංගමේ වැඩ වර්ජනයට බයවුනා වගේ. කයිවාරු පමණයි.
පුළුවන් කාරයින්ට එක නීතියකුත් බැරි අයට තව නීතියකුත් තියෙන රටක ඉපදීම අවාසනාවකි.