රන් අබරණ සඟවාගෙන ආ ලාංකිකයෙක් අත්අඩංගුවට රන් ආභරණ තොගයක් ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (22) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 22 August 2017
කතරගම දේවාලයෙ ඉබි යතුරු දමති රුහුණු කතරගම මහා දේවාලයට කඩා වැදුණු තිස්දෙනකුගෙන් පමණ පිරිසක් එහි දොරගුළු දමා ඒවායේ යතුරු රැගෙනපලායාම හේතුවෙන් අද (22) අලුයම 4.30 සිට පවත්වන්නට සැලසුම් කර තිබූ පූජා කටයුතු සිදු කිරීමට නොහැකිව බැතිමතුන් 500ක් පමණ පිරිසක් අපහසුතායට පත්ව සිටිති. 22 August 2017
විජයදාස රාජපක්ෂ ඉවත් කරන්න යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. 21 August 2017
ඡන්ද ලැයිස්තුවට නම දාගන්න සැප්තැම්බර් 6 තෙක් කල් දෙයි 2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් කරගැනීමට නොහැකිවූ ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 6 වැනිදා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. 21 August 2017
විජයදාස ගැන තීන්දුව අද රෑ ජනපති - අගමැති හමුවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර අද(21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි පවසයි. 21 August 2017
වසර 6000 ක් පැරණි සිතියමක් වැලිගෙපොලින් හමුවෙයි ශ්‍රි ලංකාවේ පැරණිතම සිතියම වැලිගෙපල පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් සොයාගැනිමට මේ දිනවල ඒ ආශිතව කැණිම් කටයුතු සිදුකරන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකිවි තිබේ. 21 August 2017
ප්‍රශ්නපත්‍ර සිද්ධිය රහස් පොලිසියට උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීයැයි කියන සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන අද(21) සවස රහස් පොලිසියට භාර දෙනු ලැබීය. 21 August 2017
‘විභාගයට පෙර ප්‍රශ්නපත්‍ර පිටවී නෑ‘ රසායන විද්‍යාව - 2 ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් එම විභාගය පැවැත්වෙන කාල සීමාවේදී පිටකර ඒවා අත් පත්‍රිකාවක මුද්‍රණය කර ගම්පහ විභාග ශාලාවක් අසලදී බෙදාහැර තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 21 August 2017
උමා ඔයේ ජලයෙන් ස්වභාවික ජල ධාරා විනාශ වෙනවාලු උමා ඔය ඉහළ උමගෙන් පිටතට එන ජල දහරට වැඩ බිමෙන් එකතු වන කැලි කසල හා රසායනික මුසු වී එම ජලය පහළින් ඇති ස්වභාවික ජල මූලාශ්‍ර හා එක්ව ප්‍රදේශයේ ජල දුෂණයක් සිදුවෙතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 21 August 2017
තෙලිකඩ ග්‍රාමිය බැංකුව මහ දවල් කොල්ල කාලා බද්දේගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් තෙලිකඩ ග්‍රාමීය බැංකුවට අද (21) ඇතුළු වූ පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා එහි සේවිකාවන් බියගන්වා රුපියල් එක්ලක්ෂ අටදහසක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 21 August 2017
උදයංග වීරතුංගගේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස සහ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) ප්‍රතික්ෂේප කළාය. 21 August 2017
හිටපු ගුවන් සේවා ඇමැතිටත් ඇප හිටපු ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එක් අයකුට රුපියල් හැත්තෑ පන්දහසක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (21) නියෝග කළේය 21 August 2017
‘ප්‍රශ්න පත්‍රයක් අඩුවීම හා අත්පත්‍රිකා බෙදීම අතර සම්බන්ධයක් නෑ‘ - විභාග කොමසාරිස් පදවි පරාක්රමපුර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ශිෂ්‍යයකුට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් අඩුවී තිබූ නමුත් පසුව ටික වේලාවකින් ඔහුට එම ප්‍රශ්න පත්‍රය ලබාදී තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. 21 August 2017
මහඉලුප්පල්ලම බීජ ගොවිපොල බංගලිදේශයට බදු දීමට විරෝධය මහඉලුප්පල්ලම පිහිටි රජයේ බීජ ගොවිපල වසර 150 ක් සඳහා බංගලාදේශයේ සමාගමක් වෙත බදු දීමට කෘෂිකර්ම ඇමැති කටයුතු කර ඇතැයි පවසමින් දේශපාලඥයින්, මහජනතාව සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ අද (21) එම ගොවිපල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ. 21 August 2017
සයිටම් විරෝධීහු කොටුවේ අඛණ්ඩ උපවාසයක් අරඹති මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්රමුඛ සයිටම් විරෝධී ජන පවුර අද(21) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය. 21 August 2017
අත්පත්‍රිකා බෙදූ ටියුෂන් ගුරාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් අසල දී උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න දෙකක් මුද්‍රණය කර බෙදූ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සොයුරා බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 August 2017
උතුරු පළාත් ප්‍රවාහන ඇමැතිට ඇමැතිකමත් නැතිවෙයි ටෙලෝ පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම නිසා උතුරු පළාත් ප්‍රවාහන හා ධීවර ඇමැති පී.ඩෙනිශ්වරන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ්‍රීකාන්ත පැවසුවේය. 21 August 2017
විජේදාස ගැන තීරණයක් ගන්න අගමැති - එජාප මන්ත්‍රී හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද(21) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසයි. 21 August 2017
අභිරහස් ලෙස මියගිය තරුණයා ගැන පරික්ෂණ අභිරහස් ලෙස තරුණයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි. 21 August 2017
විසිඑක් ලක්ෂයක රන් කැබැලි සමඟ සිව් දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් විසි එක් ලක්ෂ තිස් දෙදහස් නමසිය පනස් පහක් වටිනා රන් කැබලි ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාව රැගෙන යාමට පැමිණි තරුණයන් සිව් දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 21 August 2017
ශ්‍රී ලංකා පිලට විරෝධය දක්වති ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ අද (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ. 20 August 2017
ඉන්දීය ජාතිකයින් 27ක් යාපනයේදී අත්අඩංගුවට ඉන්දියාවේ සිට යාපනයට පැමිණ අනවසරයෙන් විවිධ රැකියාවල නිරතවෙමින් යාපනයේ රැඳී සිටි බව කියන ඉන්දීය ජාතිකයින් 27 දෙනකු අද (20) අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 20 August 2017
සමෘද්ධි සහනාධාර සමීක්ෂණයේදී අමුතු ප්‍රශ්නයක් සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා කළ සමීක්ෂණයේ දී තුන්වේල කන්නේ දැයි පුදුම සහගත ප්‍රශ්නයක් අසා ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි. 20 August 2017
ටියුෂන් ගුරුවරයාගෙන් ප්‍රශ්න කරන්න යයි උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් කළ පැමිණිල්ල ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 20 August 2017
ප්රභාකරන් ඇසුරු කිරීමට නොහැකිවීම දුකක්-එරික් සෝල්හයිම් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් සමඟ වැඩි කලක් ගත කිරීමට නොහැකිවීම ගැන තමන් කනස්සල්ලට පත්වන බව නෝර්වේ හිටපු අමාත්‍යවරයකු සහ සාම නියෝජිත එරික් සොල්හයිම් මහතා පවසයි. 20 August 2017
‘මහ මැතිවරණය ශිෂ්ඨ රටක් ලෙස‘ ඊළඟ මහ මැතිවරණයේ දී ජනතා මතය විමසීමට යන්නේ දියුණු තාක්ෂණයෙන් සන්නද්ධ වූ, නවීකාරක, ශිෂ්ඨ රටක් ලෙසට යැයි පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි. 20 August 2017
ගොවිජන සම්මේලනය දේශපාලකයින්ට අනතුරු අඟවයි රජය ගොවීන්ට පොරොන්දු වූ වගා හානි සඳහා වූ වන්දි මුදල් කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(20) දඹුල්ල නගරයේදී ජනතා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළේය. 20 August 2017
ඇමති ඩිලාන් අමරවීර ළඟ වැඳවැටෙන්න සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ඡාතික පක්ෂයට වාසි වෙන ආකාරයේ වචන පාවිච්චි කිරිම නවත්වා ගැනිම සදහා කුමක් හෝ කරන්නැයි ශ්‍රීලනීප මහ ලේකම් මහින්ද අමරවිර මහතාගෙන් දොහොත් මුදුන් දී වැද වැටෙමින් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි. 20 August 2017
‘විභාග ප්‍රශ්නපත්‍ර පිටවීමේ ඉඩක් නෑ‘ - විදුහල්පතිවරු කියති ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් ආසන්නයේ දී රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න කිහිපයක් සහිත අත් පත්‍රිකාවක් එක්තරා ටියුෂන් ගුරුවරයකු විසින් බෙදාහරිනු ලැබ තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිවයිනේ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයකු පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ පවතින ක්‍රමවේදය අනුව විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිට වීමට නොහැකි බවය. 20 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026