(රංජන් කස්තුරි)
ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති ආනයනය කිරීම තහනම් කිරීමේ නව නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පියවර ගෙන තිබේ.
විදේශ රටවල නිෂ්පාදිත ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති සවි කිරීමෙන් පාරිභෝගිකියින්ට සිදුවන අපහසුතා මගහැරීම සඳහා නව නීති සකස් කර මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව ආනයනික සූර්ය පද්ධති අනිවාර්යෙන්ම රේගුවේදී පරීක්ෂාවට ලක්කර ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත ඒවා බව තහවුරු කර ගන්නා බවද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තාක්ෂණ නිලධාරී පද්මදේව සමරනායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවෙන් කොහොමද ප්‍රමිතිය සොයන්නේ? ඒකට සුර්ය පැනල පිළිබඳව විශේෂ දැනුමක් තියෙන පුද්ගලයන් ඉන්න එපැයි. හොඳම ක්‍රමය තමයි ලියාපදිංචි ආයතන වලට පමණක් මේවා සවිකිරීමට අවසර ලබාදීම. එවිට සූර්ය පැනල වලට අවුරුදු 10 වගකීම් කාලයක් දෙන නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වන්නේ නැත.
මේ සිරි ලංකාවේ මොනවටද හලෝ ප්‍රමිතියක් තිබෙන්නේ?
ප්‍රමිතිය බලන එක ඉතා හොදයි. ඒ වගේම හතු පිපිනෙවා වගේ එන කොම්පැනි, පාරිභෝගිකයන්ව රවටන එක සහ වංචා කරන එකත් නවතන්න නීති ගෙනාවොත් හොදයි. මේ ලියන මමත් ලක්ෂ ගානක වංචාවකට අහුවෙලා ඉන්නේ. තවම මගේ සල්ලි ගන්න බැරි උනා. සුනිත්‍ය බලශක්ති අධිකාරියට බලය දෙන්න ඕන සූර්ය බල පද්ධති ගැන වංචා විමර්ශණය කරන්න සහ බලපත්‍ර අහෝසි කරන්න.
මෙතන අත්තටම වෙන්නේ අඩු මිලට සුර්ය බල පද්දතියක් ගන්න තියෙන අවස්ථාව ඇහිරීම. චීනයේ නිෂ්පාදිත ඉතාම අඩු මිල පැනල කට්ටලයකට උනත් අවු 10 ක විතර වගකීමක් දෙනවා නිෂ්පාදකයන්. දේශීය අලෙවි නියෝජිතයා එම වගකීම එලෙසම නොදෙන්න පුළුවන් නමුත් නිෂ්පාදකයා අවු 10ක් වගකීමක් දෙන්නේ සුර්ය බලපද්දති කියන්නේ ලේහසියෙන් කැඩෙන දේවල් නොවන නිසයි. ප්‍රමිතිය බාලයි කියල මෙවැනි අඩු මිල පද්ධති රේගුවෙන් නැවත්තුවොත් ඉතුරු වෙන්නේ මිල අධික, පරිබෝගිකයට ලාබදායි නොවන නිෂ්පාදන. එවැනි නිෂ්පදනයකට යට කරන මුදල නැවත උපයාගැනීමට (return on investment) අවු 10 විතර යනවා. අන්තිමට වෙන්නේ පරිබෝගිකයෝ සුර්ය බලය අතහැරලා නැවත්ත විදුලිබල මණ්ඩලය මත යැපෙන්න සිදුවීම.
ලෝකයේ බොහෝ රටවල තම රටට විදේශවලින් යම් භාණ්ඩයක් ගෙන්වීමට පෙර ඒවායේ ප්‍රමිතිය පරික්ෂා කර බලනවා. අනුමැතිය ලැබෙන්නේ ඉන් පසුවයි. ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ගෙන්වනු ලැබුවහොත් විශාල දඩ අය කරනවා පමණක් නොව ආනයන බලපත්‍රය අවලංගු කරනවා.
මේකේ දෙපැත්තක් තියනවා. අඩු මිලට හම්බවෙන්නේ චීන බඩු මිසක් යුරෝපයේ දේවල් නොවේ. එක සූර්ය පැනල වලට නොවේ හැම දෙකටම අදාලයි. මෙතන පැනල වල හදවත වෙන්නේ "ඉන්වර්ටරය " මේක සමහර චීනපැනල වල යුරෝපීය නිෂ්පාදන. චීනයේ උනත් ප්‍රමිතිය ඇති ඉන්වෙර්ටර් වර්ග තියනවා ඒවාගේ ප්‍රශ්නයක් නැහැ. අනිත් එක සූර්ය පැනල "ශුන්‍ය නඩත්තු " ඒ නිසා කෝකත් එකයි . ලෝකයේ විශාලම සූර්ය පැනල නිෂ්පාදකයා ඉන්නෙත් චීනේ. මේවා ඔක්කොම බලල තීරණයක් ගන්න ඕන නමුත් නොවෙන්න්නෙත් ඒක.
ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති ආනයනය කර රට පුරා වැපිරවීමට පෙර, අනුමත ප්‍රමිති ආනයන කරුවන්ට හඳුන්වා නොදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නත් ඕන......